Ads 468x60px

.

නදීෂාගේ හොරෙන් කෑම කෑමේ පුරුද්ද...

විදුහලට ගිය පළමු දිනයේ ලොකු අයියලා දැකල බය වෙලාලු...

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හා සිනමා, ටෙලි නිළියක් වන නදීෂා හේමමාලිව පාසල් යන කාලයේදී ඇගේ යහළු යෙහිලියන් හඳුන්වනු ලැබුවේ ‘සරුංගලේ’ යන සුරතල් නාමයෙන් බව අප වෙත වාර්තා වෙනවා.

ඇය පාසල් කාලයේදී නැටුමට, ගැයුමට මෙන්ම කී‍්‍රඩාවටද දක්ෂ ශිෂ්‍යාවක් බවත් පැවසෙනවා.

නදීෂා පාසල් කාලයේදී දැල්පන්දු කී‍්‍රඩාවට උපන් හපන්කම් දක්වා ඇති බවද වාර්තා වෙනවා. එසේම පාසල් කැන්ටිමේ වැඩි කාලයක් ගත කළ ඇය, සිය පාසල් බෑගය අස්සට
ඔළුව දමාගෙන හොරෙන් කෑම කෑමේ පුරුද්දක්ද තිබුණු බව වාර්තා වෙනවා.

අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විද්්‍යාලයෙන් පාසල් යාම ආරම්භ කළ ඇය පසුව කැලණිය ගුරුකුල හා ධර්මාලෝක විදුහල්වලින්ද අධ්‍යාපනය ලබා තිබෙනවා.

කෙසේවවුද මුලින්ම බාලිකා පාසලකට ගිය නදීෂා මිශ‍්‍රපාසලක් වූ කැලණිය ගුරුකුල විදුහලට ගිය පළමු දිනයේ ලොකු අයියලා දැකල බය වූ බවද ඇය මාධ්‍යට පවසා තිබුනා. නදීෂා ඉකුත් සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනපි‍්‍රයම නිළිය සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

නදීෂා පසුගිය කාලයේදී වඩාත් ජනපි‍‍්‍රයත්වයට පත්වූයේ තෙලිගු විත‍‍්‍රපටයක රගපෑමේ වරම් ලැබීම නිසාය. ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා තිබුණේ ආර්.වී. උයද කුමාර් නැමැති ජනපි‍‍්‍රය දමිළ චිත‍‍්‍රපට අධ්‍යක්ෂවරයාගේිමිස්ටර් රාස්කල්’ චිත‍‍්‍රපටය සඳහාය.

නදීෂා විසින් නිෂ්පාදනය කළ සිය කුළුදුල් ටෙලි නාට්‍ය වූ ඇත්කඳලිහිණි ටෙලියේ ද්විත්ව රංගනය නිසාද ඇය පසුගිය කාලයේදී පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයට පාත‍්‍ර වූවාය. නදීෂාට රීල් ඇන්ඞ් ට‍‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක් ද තිබෙනවා.

දැන් ඒවා වැඩක් නැහැනේ.ගිය දේවල් ගියා - නදීශා හේමමාලි 
 
Related Posts with Thumbnails