Ads 468x60px

.

මොරටු ඉංජිනේරු සිසුන්ගේ මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත මෙන්න...

එක්‌ ශිෂ්‍යයකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට..

ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට...

දිනකට 21,000 මුදලක් බෙහෙත් ගැනීම සඳහා වැයවනවා... 

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා (එන්.ඩී.ටී.) සිසුන් අතර ඇතිවූ ගැටුමකින් ශිෂ්‍යයන් පස්‌ දෙනකු බරපතල තුවාල ලැබූ අතර ගැටුම්කාරී තත්ත්වය උග්‍ර වීම නිසා එම පීඨ දෙකම ඊයේ (17) සිට දින නියමයක්‌ නොමැතිව වසා දමා තිබෙනවා.

යකඩ පොලුවලින් සන්නද්ධව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ නේවාසිකාගාරයට පෙරේදා (16 වැනිදා) රාත්‍රි කඩාවැදුණු ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයන් පිරිසක්‌ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ට පන්න පන්නා පහරදීම නිසා බරපතල තුවාල ලැබීමෙන් එම ශිෂ්‍යයන් පස්‌දෙනා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අමානුෂික ප්‍රහාරයෙන් හිසට දැඩි තුවාල ලබා බරපතල තත්ත්වයක පසුවන එක්‌ ශිෂ්‍යයකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට (අයි.සී.යූ.) ඇතුළත් කර තිබෙනවා. හතළිස්‌ දෙනකුගෙන් පමණ

සමන්විත වූ ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයන් එල්ල කළ ප්‍රහාරවලින් ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරයටද දැඩි හානි සිදුවී තිබෙනවා.

මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා පැවැසුවේ විශ්ව විද්‍යාල භූමියේ පිහිටි ඉංජිනේරු පීඨ සිසුන්ගේ නේවාසිකාගාරවලට පැමිණි තාක්‍ෂණ ඩිප්ලෝමා සිසුන් මෙම පහරදීම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

පොලු සහ බෝතල් යොදා ගනිමින් රාත්‍රි 10.30 ට පමණ පහරදී ඇතැයිද සිද්ධියත් සමගම දෙපිරිසේම සිසුන් පොලිස්‌ ආරක්‍ෂාව මත විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවද මහාචාර්යවරයා කීවේය.

මෙම දෙපිරිස අතර පසුගිය දෙවැනිදා ඇතිවූ ගැටුමින් පසුව ඉංජිනේරු පීඨයේ පළමු, දෙවැනි හා තෙවැනි වසර සිසුන්ට සහ තාක්‍ෂණික ආයතනයේ දෙවැනි වසර හැර සෙසු සිසුන්ට විශ්වවිද්‍යාලයට පැමිණීම තහනම් කර
තිබුණා.

ඉංජිනේරු සිසුන් හා තාක්‍ෂණික ආයතන සිසුන් අතර කාලයක්‌ තිස්‌සේ පවතින ගැටලුවක්‌ සිද්ධියට හේතුවී ඇතැයිද මෙම තත්ත්වයට පිළියමක්‌ ලෙස තාක්‍ෂණික ආයතනය දියගමට ගෙන යැමට තීරණය කර ඇතැයිද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ මොරටුව පොලිසිය ප්‍රහාරයට සම්බන්ධ බව කියන ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යකඩ පොලු, වැලි පිරවූ බෝතල්, කළුගල්, බයිසිකල් ෙච්න්වලින් සන්නද්ධව පැමිණි තාක්‍ෂණ ආයතන ශිෂ්‍යයන් ඉංජිනේරු ශිෂ්‍යයන්ට ඉවක්‌ බවක්‌ නොමැතිව අමානුෂික ලෙස පහර දෙද්දී පොලිස්‌ කණ්‌ඩායමක්‌ එහි පැමිණ තිබෙනවා.

පොලිස්‌ නිලධාරීන් ඒ අවස්‌ථාවේ මෙම ගැටුම පැවැති ස්‌ථානයට ක්‍ෂණිකව නොපැමිණෙන්නට ශිෂ්‍යයන් කීප දෙනෙකුගේ ජීවිත පවා අහිමි වීමට ඉඩ තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

ඉකුත් 01 වැනිදා ජාතික තාක්‍ෂණ ආයතනයේ ශිෂ්‍යයන් පිරිසකට ඉංජිනේරු ශිෂ්‍යයන් ප්‍රහාර එල්ල කිරීමෙන් ශිෂ්‍යයෝ කීප දෙනෙක්‌ තුවාල ලැබූ
වා. මෙම ප්‍රහාරයට එකට එක කිරීමක්‌ ලෙස පෙරේදා රාත්‍රි පහරදීම සිදුවී ඇති බව පොලිසිය පවසයි.

ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරයට සහ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි තාක්‍ෂණ ආයතන ශිෂ්‍යයන් 40 දෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.


සිද්ධිය සැකෙවින් මෙසේයි...

මනුෂත්වයට සහ සරසවි සංස්කෘතියට මහත් අපකීර්තිමත් කැළලක් එකතු කරමින් ඊයේ රාත්‍රියේ මොරටුව විශ්වවිද්‍යාලය තුල ජාතික තාක්ෂණ ආයතන (NDT) සිසුහුන් සිදුකල පහරදීම හේතුකොටගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් ඔවුන්ගේ සරසවියතුල ඉගනීමට අයිතිය අහිමිව අවතැන්ව සිටිනවා.

මේ වනවිටත් පහරකෑමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවන සිසුන් තිදෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබ
නවා.

මේ අතරින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා සැත්කම් කිහිපයකට භාජනයකර තිබෙන අතර හිස අභ්‍යන්තරයට රුධිරය වහනයවීම හේතුකොටගෙන ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට පත්ව තිබේ.(දිනකට 21,000 මුදලක් බාහිරින් බෙහෙත් ගැනීම සඳහා වැයවන බව වෛද්‍යවරු පවසයි)

තරුණ කොටස් අතර ක්ෂණික අවේගයන්මත ගැටුම් ඇතිවීම සුලබ නමුත් මෙම ගැටුම එලෙස දැක්විය නොහැක. සංවිධානත්මක අපරාධ / ත්‍රස්තක්‍රියා ගණයට අයත් මෙවැනි ගැටුම් සමස්ත සමාජයටම තර්ජනයකි.

ගැටුමට තුඩුදුන් මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත
NDT සිසුන්ගේ ශිෂ්‍ය සංගමය තුල නායකයන් දෙදෙනෙකු සිටියි. එයින් එක අයෙක් සමාජය ඉදිරියේ පෙනීසිටින අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න සමාජය නොදනියි. ශිෂ්‍ය සංගමයට අයත් සියලුම වැදගත් තීරණ මෙම අප්‍රසිද්ධ නායකයාගේ අනුදැනුම මත සිදුවන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඍජු සම්බන්ධතා පවත්වන බව වාර්තාවේ. ඔහු කිසිවිට NDT සිසුන්ට පරාජය අත්වනසේ ගැටුමකට පිවිසීම සිදුනොකරයි.මක්නිසාදයත් පරාජය විනම් එය තුලින් තම සංගමයට අපකීර්තියක් වන බවිනි.

එහෙත් මිට සති දෙකකට පමණ පෙර යතුරු පැදියකට අදාලව සිදුවූ ගැටුම ඉහතකි කුප්‍රකට නායකයා මෙහෙයවූ අතර ඒ තුලින් NDT සිසුන් හට පරාජය අත්විය. බොහෝ NDT සිසුන් විශ්වාස කලේ තම ශිෂ්‍ය සංගමය තුල සමගිය නොමතිවීම් සහ පිරිස් බලය මදිවීම් හේතුකොටගෙන මෙලෙස තමන්හට පහර කෑමට සිදුවූ බවයි.

එහෙත් ඉහතකි කුප්‍රකට නායකයාගේ ස්වභාවය දන්නා අප වෙත තොරතුරු සපයන NDT හි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් හෙළිකර සිටියේ කුප්‍රකට නායකයා එම ගැටුම පරදින බව දැන දැනම ගැටුම මෙහෙයවූ බවයි. NDT ශිෂ්‍යයනට සිදුවූ පරාජයවීම තුලින් ඉංජීනේරු සිසුන් නමැති පොදු සතුරෙක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවූ අතර එතුලින් සියළු සිසුන් නැවතත් තම ශිෂ්‍ය සංගමය කෙරෙහි නැඹුරු කොටගෙන සිසුන් තුලින් ගිලිහි යන අවධනය නැවතත් ලබාගැනීමට සමත් විය.

NDT සිසුන් තුලින් රැග් විරෝදී වෙනම කණ්ඩායමක් වර්ධනය වෙමින් පවතින අතර එම සිසුන් මෙම පොදු සතුරා යොදාගනිමින් තම ශිෂ්‍ය සංගමය වෙත නැඹුරු කරගැනීමට මෙම සටනේදී ඔවුන් දැඩි උත්සාහයක යෙදී ඇත.කෙසේ වෙතත් රැග් විරෝදී සිසුන් මෙම පහරදීමට සම්බන්ධවී නොමැත.

එම ඒකරාශී කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහුට මෙම ගැටුම සඳහා වසර තුනක NDT සිසුන්, දැනට රැකියා කරන ඉකුත් වසරවල සිසුන් සහ මුදල් ගෙවූ දාමරිකයන් සම්බන්ද කරගැනීමට හැකිවිය. සති දෙකක් පුරාවට මේ ගැටුම් සඳහා සංවිධානය වී තිබෙන මොවුන් මෙම ගැටුමේදී ඔත්තු බැලීම, ඉදිරිපස සහ පිටුපස පිවිසීම් අවහිර කරමින් සටන් වැදීම, තාප්පය මුරකිරිම, පිරිමි නේවාසිකාඝාර වලට පහරදීම සහ කාන්තා නේවාසිකාඝාර වලට පහරදීම වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් යොදා සිදුකර තිබේ.

මෙම ගැටුමේ පැවතී අමානුෂික බව පහත සිදුවීම් තුලින් දැක්වේ.

දිනය: 2013.01.16   වේලාව: ප.ව 11.00-11.30  
ස්ථානය: මොරටුව විශ්ව විද්‍යාලය - ප්‍රධාන පිවිසුම අසල
එක්තරා සිදුවීමක්....

සිසුන් තිදෙනෙක් තවත් සිසුවකු ඔසවාගෙන ඉදිරිපස ගේට්ටුව වෙත දිව එයි. ඔවුන් පිටුපසින් තවත් 20ක් පමණ දඬු මුගුරු ඔසවාගෙන දිව එයි. ගේට්ටුව වසා ඇත, ඔසවාගෙන එනු ලැබූ සිසුවාද සමග අනෙක් තිදෙනාට ගේට්ටුව උඩින් පැනීමට හැකියාවක් නැත. ඔවුන් ගේට්ටුව අසල ඔසවාගෙන සිටින සිසුවාව බිම තබයි. පොලු මුගුරු සේනාව ඔවුන් වෙත පැමිණෙයි.

"ගහන්න එපා බං, මූට හොඳටම අමාරුයි..අපි මූව වාහනේකට දාලා අපි අයෙත් එන්නම්, ඊට පස්සේ අපිට ගහපන්" ඔවුන් තිදෙනා මුහුනු බැඳගත් පොලු මුගුරන්ගෙන්(NDT) ඉල්ලයි. "අඩෝ තොපි B.Sc පො** හු**** ******************** ***** අම්මලාට හු**** ****, අද තොපිලව මරණව යකෝ.."

සිහියක් නොමැති සගයා බිම සිටියදී, පොලු මුගුරු සේනාව අනෙක් තිදෙනාට නොසෑහෙන්න පහර දෙයි.පොලීසිය ගේට්ටුව අනෙක් පස බලා සිටී. ඔවුන්ට පහරදී පොලු මුගුරු සේනාව හුරේ දමයි "NDT! NDT !! NDT!!!"

තවත් එක්තරා සිදුවීමක්...

මුහුනු වසාගත් පොලු මුගුරු රැගත් 100ක් පමණ උඩුකය නිරුවත් තවත් සිසුවකුව බෙල්ලෙන් අල්ලා ගෙන ගේට්ටුව ඉදිරිපස දණගස්වයි... "අඩෝ B.Sc පො** හු*** පු**, තොපේ චන්ඩි ඉන්නවනම් වරෙන් යකෝ මූව බේරගන්න"  කියමින් අර සිසුවාට වරින් වර පහර දෙයි. පොලීසිය බලා සිටියි.

"සර්, අරෙහෙම තිරිසනෙක්ට වගේ ගහද්දි බලං ඉන්න පුලුවන්ද සර් මනුස්සයෙක්ට" කියමින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් ඇතුළට ගල් ප්‍රහාර එල්ල කරයි. පොලීසිය ඔවුන් එලවා දමයි.

කොපමන ගැටුම් සිදුවුවද , කොපමණ ලේ වැගිරුනද දශකයකට ආසන කාලයක් පවතින මෙම ගැටුමට බලධාරීන්ගේ අවධානය යොමුවන බවක් පෙනෙන්නට නොමැත.

කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලය තුල LTTE ත්‍රස්තවාදීන්ගේ වර්ධනය මැඩලීම සඳහා හමුදාව සිදුකළ මෙහෙයුමට එරෙහිව පෙළ ගැසුන FUTA ආචාර්ය්‍යවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය,මාධ්‍යය සහ NGO ක්‍රියාකාරිකයන් මෙම ගැටුම හමුවේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කරයි.





























 
Related Posts with Thumbnails