Ads 468x60px

.

ඉරාජ් අනුන්ගේ ගීතයක් තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කරන්න අවසර ගත්තලු...

මම හොරෙක් නෙමෙයි - ඉරාජ්...  
නිල හිමිකරුගෙන් අවසර ගත්තා... 

අනුන්ගේ ගීතයක් තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ්ට නඩු-රු.කෝටියක වන්දි ඉල්ලයි. නමින් පුවතක් පසුගිය දිනෙක අප ඔබ වෙත ගෙන ආවා.

එයට පිළිතුරු වශයෙන් ගීතයක් නිසි අවසරයකින් තොරව නැවත නිෂ්පාදනය කළ බවට තමන්ට නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනප‍්‍රිය සංගීතඥ ඉරාජ් වීරරත්න මහතා පවසනවා.

තමන් ‘‘ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ ’’ ගීතය නැවත නිෂ්පාදනය සඳහා එම ගීතය අන්තර්ගතවූ චිත‍්‍රපටයේ නිල හිමිකරුගෙන් අවසර ලබා ගත් බවද ඔහු
පවසනවා.

අදාල ගීතය නැවත සකස් කිරීමට නිසි අවසරයක් ලබා නොගත් බව පවසමින් එම ගීතයේ රචකයා වන හර්බට් එම් සෙනෙවිරත්න මහතාගේ බිරිඳ සහ පුත‍්‍රයා විසින් ඉකුත් දා කොළඹ වානිජ මහාධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා.

ඒ,රුපියල් කෝටියක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින්. ඒ පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ තමන් නීතියානුකූල ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඉරාජ් වීරරත්න මහතා පැවසුවා. එමෙන්ම ඇතැම් මාධ්‍ය පවසන පරිදි තමන් සොරකමක් සිදුකර නොමැති බව ද ඔහු වැඩිදුරටත්
පැවසුවා.

අනුන්ගේ ගීතයක් තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ්ට නඩු - රු.කෝටියක වන්දි ඉල්ලයි.
 
Related Posts with Thumbnails