Ads 468x60px

.

ආදරය කරන්නෙ විවාහ වෙන්නමද..? රස රිසි ගී හී තනූජා අසයි.

එයින් ලබන ආත්ම තෘප්තිය හරිම ඉහළයි...

දෙන්නෙක් එකට ජීවත්වීම පහසු දෙයක් නොවෙයි...

අම්මා තාත්තා ඇයට කියන්නෙ චූටි දූ කියලයි. ඇයගේ එකම අක්කා ඇයට කියන්නේ චූටි කියලයි. හැබැයි ඇයගේ යාළුවො නම් ඇයට කියන්නේ ”තනූ” කියලයි. මේ තනු හෙවත් තනූජා ලංකාංගනි ජයවර්ධන රූපවාහිනී නරඹන ඔබට අමුත්තියක් නෙවෙයි. 

රස රිසි ගී සමග වසර 14ක් පුරාවට ආලින්දයට එන ඇය, විටෙක ප‍්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම වෙනත් වැඩසටහන් ඔස්සේද හමුවන්නීය. මේ සියල්ලට අමතරව අද ඇය සිරස ටී.වී. සතියේ දින පහ සඳහා කළමනාකාරවරිය ලෙස ද කටයුතු කරන්නීය. මේ සියල්ලට සාපේක්ෂව තනූජා අප සමග එක් වූ අවස්ථාවකි මේ.

තනූජා අද දවසේ ගෙවන ජීවිතය කොහොමද?
ඉතාමත් සතුටින් නිදහස්ව ගෙවනවා.


කොහොමද ඒ වාතාවරණය හදාගන්නේ?
අවශ්‍ය කරදර දාගන්නේ නැතිව, රැකියාව කාර්යබහුල වුණත්, ඊට ආදරය කරමින්, රැකියාව ජීවිතය කර ගනිමින් ජීවිතය ගෙවනවා. රැකියාව කාර්යබහුල වුණත්, එයින් ලබන ආත්ම තෘප්තිය හරිම ඉහළයි.

ඇසි-දිසි ක්ෂේත‍්‍රයට සම්බන්ධව දශක එකහමාරක ආසන්න කාලයක් සිටීම ගැන කොහොමද හිතන්නෙ?
ගිය ආත්මෙ ලොකු පිනක් කරලා තියෙන්න ඇති. නමුත් ආසම කරන රැකියාවක න
ර වෙලා පඩියක් ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් මම ආසම කරන රැකියාවෙ නිරතවෙලා මම වැටුපක් ලැබෙනවා. ඒත් වැටුපට වඩා මම ආදරය කරන්නේ ඒ වෘත්තියටයි. මම ආස කරන්නෙ නිර්මාණශීලීත්වය අතරින් දන්න දේ කරලා ජීවිතය ගෙවාගන්නයි.

ඔබ නිර්මාණශීලියි කියලා කිව්වා. ඔබ නිර්මාණශීලීද?
ඔව්, එහෙම නොවුනා නම් අද මෙතැන මේ විදියට යම්කිසි ස්ථාවරයක සිටින්න බැහැ. අනිවාර්යයෙන්ම ඇසි දිසි මාධ්‍යයේදී නිර්මාණශීලී විය යුතුමයි. නැතිනම් පැවැත්මක් නැහැ. එහෙම වුණොත් විතරයි කෝටි දෙකකට ආසන්න ජනතාවක් අතරේ, එකෙකු වෙන්න පුළුවන්.

දැන් අලූත් තනතුරක්? මොකද හිතන්නේ?
පසුගිය වසර හතක කාලයේදී Y-FM නාළිකාවේ සිට මම මට හැකි උපරිමය කළා. ඒ විෂයය මට අලූත් දෙයක් වුණා. සරසවියකින් ලැබිය නොහැකි තරමට දැණුම ලබා ගත්තා. දැන් මම සිරස ටී.වී. සතියේ දින පහ වැඩසටහන් කළමනාකාරවරිය ලෙස කටයුතු කරනවා. ඒ අලූත්ම අභියෝගයත් සාර්ථක කර ගැනීම අරමුණයි. මම ඊට තිබෙන ආදරය-කැපවීම නිසා බොහෝ දේ කරන්න ලැබේවි කියලා හිතනවා.

රස රිසිගී ගෙනා අනෙක් හිතවතා නාරද විවාහ වුණා. ඔබ?
මම තවම එහෙම වුණේ නැහැ. (හිනා)

විවාහය ගැන ඔබගෙනුත් මිනිස්සු අහනවා නේද?
අනිවාර්යෙන්ම අහන දෙයක්. මම හිතන්නේ ඒකට මට දෙන්න තියෙන උත්තරේ. තවම මම විවාහයට සූදානම් නැහැ කියන එකයි.

ඔබ විවාහය ගැන හිතන්නේ කොහොමද? පේ‍්‍රමය විවාහයෙන් කෙළවර විය යුතුද?
මම සම්ප‍්‍රදායිකව හිතන කෙනෙක් නෙවෙයි. පේ‍්‍රමයෙන් ආදරයෙන් වෙළී ඉඳලා ඊට පස්සේ විවාහ වෙච්චි බොහෝ ජීවිත දිහා අද ආපසු හැරී බලද්දි වෙලාවකට එය මට ප‍්‍රශ්නයක්. විවාහය කියන්නේ කෙනෙකු මතු ආරක්ෂාව සඳහා කළ දෙයක් ද කියලා හිතෙනවා. මාව බලාගන්න, මාව ආරක්ෂා කරගන්න, මම තනිවේවිද? ඔන්න ඔය වගේ දේවල් නිසාද විවාහය කරන්න  ඕනෑ? දෙන්නෙක් එකට ජීවත්වීම පහසු දෙයක් නොවෙයි.

රස රිසි ගී වැනි සරල වින්දනාත්මක වැඩසටහන් අතරේ ඔබ ප‍්‍රවෘත්ති නිවේදනත් කරනවා. ඒ ගැන ඔබගේ පුද්ගලික අදහස මොකක්ද?
යම් විදියක දේශපාලනයක් මටත් ඇති. ඒ නිසා මම ප‍්‍රවෘත්ති වාර්තාකරණයට ආසයි. විනෝදාස්වාදය ගෙන දෙන වැඩසටහන්වලදී අලූත් අභියෝගාත්මක දේ කරන්න ආසයි.

”චූටි”  ඔබ කොහොම කෙනෙක්ද?
බොහොම සරලව ජීවත්වන බොහෝම ආදරණීය කෙනෙක්. 


ඒ ආදරණීය ජීවිතයේ හැඩතල ගෙවීයන්නේ මොන විදියටද?
ආදරණීය ජීවිතේ බලාපොරොත්තු සුන් වූ අවස්ථා තියෙනවා. මගේ රැකියාව කාර්ය බහුල නිසා ආදරයද? රැකියාවද? කියන චෝදනාව එල්ලවෙලා තියෙනවා. එහිදී දුක උරුම වෙලා තියෙනවා. ඒත් රැකියාව කළොත් සියයට-සීයයක් රැකියාව අපව බලා ගනිවී. අසතුටින් ජීවත් වීමට වඩා ආදරය හිතේ තියාගෙන ජීවත්වීම වැදගත්.

මේතාක් කාලයක් රස රිසි ගී ගෙනා ඔබ, ඔබගේ ජීවිතයේ රිසිගීතය මොකද්ද?
රනිදු ගයන ”අම්මේ ඔබ මගේ රැජිනයි” ඔබට ගයන්න බැරිද හැපි බර්ත් ඬේ ටූ යූ පුළුවන්. රඟපාන්න අවස්ථා ලැබුණා. මගේ හිතේ ඊට අකමැත්තකුත් නැහැ. මගේ වගේ චරිත අවශ්‍ය තැන්වලදි ඒ අවස්ථා ලැබී තිබෙනවා. නමුත් දැනට මේ දේ කිරීම හැර රඟපෑම ගැන මම දුරට හිතලා නැහැ.

ඔබ චිත‍්‍ර අඳින්න හරිම ආසයි නේද?
බොහෝ දුරට. ඒ දක්ෂතාවය තියෙනවා. ඕනෑම කෙනෙක් දිහා බලාගෙන එය රූපයට නගන්න පුළුවන්. සිංදු කවි එහෙමත් ලියන්න පුළුවන් ඒ විදියට කළ නිර්මාණ එකතු කරලත් තියෙනවා.


 
Related Posts with Thumbnails