Ads 468x60px

.

S.B.ගේ සිංහල බෞද්ධයන්ගේ අඩු කඩන කතාවට හෙළ උරුමයෙන් පිළිතුරු දෙයි...

සිංහලයින්ගේ අඩු කඩන්න මින් පෙර කටයුතු කළේ කොටි ත‍්‍රස්තවාදීන්...

දැන් එම කටයුත්තට එස්.බී. සූදානම්...

බල්ලෝ බිරුවාට කදු පාත් නොවේ. මාලූවා නහින්නේ කට නිසා...

මුස්ලිම්වරුන්ට කරදර කරන සිංහල බෞද්ධයින්ගේ අඬු  කඩන බවට පසුගිය දිනක අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මහනුවර ප‍්‍රදේශයේ රැස්වීමක් අමතමින් තර්ජන ගර්ජන කළ ආකාරය දැඩි ලෙස හෙළා දකින බව ජාතික හෙළ උරුමය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සදහන් වන්නේ රජයේ වගකිව යුතු ඇමතිවරයෙකුගේ ප‍්‍රකාශයක් වුවද සිංහල බෞද්ධයන් එය එතරම් නොතැකුවේ ඔහුගේ දේශපාලනය හා සිංහල විරෝධය කොයි කවුරුත් දන්නා බැවින් යනුවෙනි.

නිවේදනයේ මෙසේද සදහන් වේ.

‘සිංහල බෞද්ධයින්ගේ අඩු කඩන්න මරා දමන්න විනාශ කරන්න මින් පෙර කටයුතු කළේ කොටි ත‍්‍රස්තවාදීන්ය. දැන් එම කටයුත්තට එස්.බී. සූදානම් බව ප‍්‍රකාශ කර ඇත. සිංහලයින්ගේ අනුකම්පාව හා සහජීවනය දඩමීමා කරගෙන සිංහල බෞද්ධයින්ට ගරහන පිරිසක් බිහිවී තිබෙනවා. සිංහලයින්ගේ අවිහිංසාව නිවටකමක් යැයි ඇතැමෙක් සිතනවා ඇත.

එහෙත් සිංහල බෞද්ධයින්ගේ ඉතිහාස කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. මේ දිනවල සිංහල බෞද්ධ සංවිධාන හඬ නගන්නේ බෞද්ධයින්ට සිදුවන අසාධාරණකම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීම ගැනය.

රට දැය සමය වෙනුවෙන් භික්‍ෂුව අතීතයේ මෙන්ම වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් නිරතුරුව පෙනී සිටිනු ඇත. බල්ලෝ බිරුවාට කදු පාත් නොවේ යැයි ගැමි කියමනක් ඇත. එමෙන්ම මාලූවා නහින්නේ කට නිසා යැයි ද තවත් කියමනක් ඇත.

සිංහල බෞද්ධයන්ට එරෙහි බොරු ගෙරවිලි මගින් මෙරට බෞද්ධ බලවේග ජාතික බලවේග බසු බැස්විය නොහැකි බව අප එස්.බී. දිසානායක ඇමතිවරයාට දැඩිව අවදාරණය කර සිටිමු.

එලෙස කටමැද දොඩවන එස්.බී. දිසානායක ඇමතිවරයාට දළදා සමිදුන් ජීවමානව වැඩ සිටින කන්ද උඩරට සිංහල බෞද්ධ ජනතාව ඉදිරියේදී නිසි පිළිතුරු දෙනු ඇත.

SB දිසානායක මුස්ලිම් විරෝධය නැවැත්තුවේ නැත්නම් අඬු කඩලා හරි නවත්තනවා යයි කල ප්‍රකාශය පහතින් 

උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින ව ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට ගහලා අඬු කඩලා හරි නවත්වන බවත්ය.

එසේම අරාබියෙන් ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයන් සියළු දෙනටම ගැහැණු දුන්නේ සිංහලයන් බවත් ඔහු කියා සිටියේ මෙලෙසින්.

"මුස්ලිම් ජනතාව අරාබියෙන් ඉන්දියාව හරහා ලංකාව්ට ඇවිල්ලා මේ ව්‍යාපාර පටන්ගත්තේ පිරිමි විතරයි. ඒ සේරටම ගෑණු දුන්නේ අපි. ඒ නිසා මුස්ලිම් ජනගහනයෙන් බාගයක් සිංහල.

විශාල වශයෙන් මුස්ලිම් විරෝධයක් මේ රටේ හදන්න යම් යම් කොට්ඨාශ උත්සාහ කරනවා. ඒක නවත්තන්න ඕනේ. නැත්නම් අපි ලෑස්ති වෙලා අතින් පයින් ගහලා, අඬු කඩලා හරි ඒ උත්සාහය පරාද කරනවා කියන එක අපි ඒ අයට කියන්න ඕනේ."

එම වීඩියෝව පහතින්


හලාල් වලට රනිල්ගේ විරෝධය

මේ තර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හලාල් සහතිකය පිළිබඳව ඊයේ දිනයේ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකොට තිබෙනවා. එහිදී ඔහු පැහැදිලිකොට ඇත්තේ හලාල් යනු රටේ නීතියක් නොවන නිසා ප්‍රමිති සහතිකයක් දීමේ අයිතිය ප්‍රමිති ආයතනයෙන් සිදු නොකට පෞද්ගලික ආයතනයකට දී ඇත්තේ මන්දැයි යනුවෙනි.

හලාල් සහතිකය කිසිදු ව්‍යාපාරයක් මත බලෙන් පටවියනොහැකි බවත් එය ස්වේච්චාවෙන් තීරණය කල යුතු කාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැහැදිලිකොට තිබෙනවා.

රනිල්ගේ කතාවට අමාත්‍ය රිෂාඩ් බදුදීන් බාධා කල ආකාරය 

 
Related Posts with Thumbnails