Ads 468x60px

.

අයථා මූල්‍ය ගනුදෙනු නිසා මීරිගම ප්‍රා.සභා පාලනය වෙනස් කිරීමට යයි...!

කිරිබත්ගොඩ පොළ බදු දීම, හුණුපිටිය වෙළෙඳ සැල් ලබාදීම...- කැලණියට චෝදනා

මීරිගම ප්‍රාදේශීය සභාවට අයථා මූල්‍ය ගනුදෙනු...

කැලණිය සහ මීරිගම ප්‍රාදේශීය සභා විශේෂ කොමසාරිස්‌වරුන් යටතට පත්කිරීමට බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පියවර ගනිමින් සිටිනවා.

බස්‌නාහිර පළාත් ඇමැතිවරයා විසින් මේ සභා දෙකට එල්ලවී ඇති චෝදනා විමර්ශනයට විශ්‍රාමලත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටු දෙකක්‌ පත්කර ඇතැයි බස්‌නාහිර පළාත් සභාවේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (6 වැනිදා) පැවසුවා.

මේ වන විට එම ප්‍රාදේශීය සභා දෙකට එල්ලවී ඇති චෝදනා ගැසට්‌ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, එම චෝදනාවන්ට ප්‍රාදේශීය සභා වැරදිකරුවන් වුවහොත් සභා අත්හිටුවා විශේෂ කොමසාරිස්‌වරුන් දෙදෙනකු යටතට පත්කෙරෙනු ඇති බවත් එම නිලධාරියා
පැවසුවා.

කිරිබත්ගොඩ පොළ බදු දීම, හුණුපිටිය වෙළෙඳ සැල් ලබාදීම ඇතුළු චෝදනා කිහිපයක්‌ කැලණිය ප්‍රාදේශීය සභාවට එල්ලවී ඇත. මීරිගම ප්‍රාදේශීය සභාවටද අයථා මූල්‍ය ගනුදෙනු ඇතුළු චෝදනා කිහිපයක්‌ එල්ලවී ඇතැයි ආරංචි මාර්ග පවසනවා.


මහ ඇමැතිවරයා විසින් පත්කර තිබෙන කමිටු මගින් ප්‍රාදේශීය සභා දෙකට එල්ලවී ඇති චෝදනා විමර්ශනය කර එහි වාර්තා මහ ඇමැතිවරයාට ලබාදෙන බවත් එය මහ ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලබාදීමෙන් පසු සභා විසුරුවා හැර නැවත ඡන්දයක්‌ පැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට පවතින බවද ඉහත නිලධාරියා කීය. 


එහෙත් මෙම සභාවලට තව වසර දෙකක පාලන කාලයක්‌ ඉදිරියට පවතින නිසා විශේෂ කොමසාරිස්‌වරයකු යටතේ පවත්වාගෙන යැමට රජය අදහස්‌ කර ඇති බවත් හෙතෙම කීය.

සභා දෙකට එල්ලවී ඇති චෝදනා ඔප්පු වුවහොත් සභා අත්හිටුවීමත් සමග මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරද අහෝසි වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
 
Related Posts with Thumbnails