Ads 468x60px

.

බොඳ මීදුම් හී කපිලට බිරිය ඉස්සරහා වෙච්ච හතර විලි ලැජ්ජාව...

අන්න අර මල පෙරේතයා ඇවිත්.... තියන දෙයක් බලලා දීපං... 

කෑමට බීමට ඔය යකා හරි රුසියානේ....

පසුගිය කාලේ කිරෙන් බාල චරිතම නිරූපණය කරපු කපිල කෑමටත් මල පෙරේතයෙක්ට දෙවැනි නෑ කියලා එයා රඟපාපු නාට්‍ය බලපු හැමෝම දන්නවානේ.... 

පොඩි එකෙක් වගේ හිටියට කපිලත් ස්වාමි පුරුෂයෙක්නේ.... ෂූටින් නැති දවසක කපිල ආදරබර භාර්යාව පෙරටු කරගෙන කොළඹින් පිට පළාතක සවාරියක් ගිහින්. 

ඒ අතර මඟදි තේ කඩේට ගොඩවෙලා තියෙන්නේ බිරියත් එක්ක මොනවා හරි සප්පායම් වෙන්න හිතාගෙන. කපිලව දැකපු මුදලාලි ගෝලයාට කතා කරලා මෙන්න මෙහෙම කියලා.... 

"අන්න අර මල පෙරේතයා ඇවිත්.... තියන දෙයක් බලලා දීපං... කෑමට බීමට ඔය යකා හරි රුසියානේ...." ගෝලයාට කියපු කතාව කන්න ඉඳගත්ත කපිලටත් ඇහිලා....

බිරිය ඉස්සරහා වෙච්ච හතර විලි ලැජ්ජාව ඉවසා ගන්න බැරිව මුදලාලිගේ කෑම මුදලාලිටම කන්න කියලා කපිල බිරියත් එක්ක එළියට බැහැලා තියෙන්නේ බඩගින්නෙමයි...


මේ සිද්ධිය ඇහෙන් දැක්ක කෙනෙක් අපිට කිව්වේ... කැමරාව ඉදිරියේ මල පෙරේතයෙක් වුණාට කපිල හැබෑ ජීවිතේ එහෙම කෙනෙක් නෙමෙයි කියලත් කියන්නම ඕනෑ....
 
Related Posts with Thumbnails