Ads 468x60px

.

පොලිස්කාරයන් සුනඛයන් වීම...

පොලිස්කාරයා යනු මහජන හතුරෙකි. නමුත් පොලිස්කාරයා පීචන් වීම ගැන මහජනයා එතරම් කැමති නැත. ඊට හේතුව නාමිකව හෝ ලංකාවේ නීතියක් විනයක් තිබිය යුතු බැවිනි.

පසුගිය කාලය පුරා ආණ්ඩුවේ හෙන්චයියන් බත් බැලයන් වලං හෝදන්නන් දිගට හරහට පොලිස් කාරයන්ට පහර දී නිල ඇඳුම් ඉරා තිබුණි. හෙට අනිද්දා ඔළුවට මුත්‍රාද කරනු ඇත. 

නමුත් මේ පහරදීම් හමුවේ පොලිසියේ ඉහල නිලධාරීන් තම තරු පටි රැක ගැනීම සඳහා පොලිස්කාරයන් බිල්ලට දී තිබුණි. මේ නිසා දැන් පොලිස්පති ඇතුළු පොලිසියේ ඉහල නිලධාරීන් නිල ඇඳුම ගලවා  චීත්ත තනපට ඇඳ ගත්තාට කමක් නැත.

මේ කාලයේ පොලිසිය ගුටි කන්නේ ප්‍රාදේශීය සභාපතිලා, නගරාධිපතිලාගෙනි. මේ තනතුරු වල ඉන්නේ කුඩු කාරයන් , මිනීමරුවන් වැනි අපරාධකරුවන්ය. මේ ගැන ආණ්ඩුවට බැනලා පලක් නැත. මේ අපරාධකරුවන් චන්දයෙන් පත් කලේ මේ රටේ ජනතාවය.


තමන් පාලනය කිරීමට නුගත් මැරයන් ජනතා නියෝජිතයන් ලෙස පත් කර ගන්නා ජනතාවක් සිටින්නේ මේ රටේ පමණි. ඊට හේතුව ලංකාව යනු කිසිම සංස්කෘතියක් නොමැති අර්ධ වනචාරී පසුගාමී සමාජයක් ඇති කාලකන්නි රටක් බැවිනි. එවැනි රටක ජනතාවට ලැබෙන්නේ උන්ටම සුදුසු පාලකයන්ය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails