Ads 468x60px

.

පෙම්වතියගේ කැමැත්ත නොලැබුනයි පිහියෙන් ඇන තාප්පයක්‌ මතට නැගී ගෙල වැලලාගෙන.

පෙම්වතිය මියයයිපෙම්වතා කුලියාපිටිය රෝහලට...

වසර දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ පැවැති පෙම් සිහිනය බිඳවැටීමෙන් වියරු වූ පෙම්වතකු ඊයේ (29 දා) උදෑසන පෙම්වතිය එන මග රැක සිට ඇයට පිහිපාර කීපයක්‌ එල්ල කොට මරා දමා අසල ගසක එල්ලී ගෙල වැලලා ගැනීමේ ශෝකජනක පුවතක්‌ බම්මන්න කූඩළුපොත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගෙල වැලලාගත් පෙම්වතා දුටු අසල්වැසියන් ලණුව කපා ඔහු බිමට ගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කොට
තිබෙනවා. මෙසේ මරා දමා ඇත්තේ බම්මන්න කූඩළුපොත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වූ එච්. එම්. රසිකා චතුරානි (25) නමැති උපාධිධාරිනියකි.

සැකකාර පෙම්වතා වූ ජී. එම්. ආර්. නිර්මාල් බණ්‌ඩාර (25) නමැති අය යුද හමුදා සෙබළෙකි.

ගම්පොල පදිංචිකරුවකු වූ ඔහුත් මියගිය තරුණියත් අතර වසර දෙකකටත් අධික කාලයක්‌ තිස්‌සේ පෙම් සබඳකමක්‌ පැවති අතර මේ සබඳතාවට ඔවුන්ගේ දෙපාර්ශ්වයේ ඥතීන් ද කැමැත්ත පළකොට තිබී ඇත. පසුව

මෙම තරුණිය අසනීප වී අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තරුණයාගේ වැඩිහිටියන් මේ සම්බන්ධයට අකමැත්ත පළකොට ඇති බව කියයි.

කාලයක්‌ ගෙවී ගිය පසු සුව වූ තරුණිය උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව යටතේ පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවකට ගොස්‌ ඇත. අනතුරුව නැවත පෙර කී තරුණයා ඇය හමු වූ අවස්‌ථාවේදී ඇය ඔහුගේ ප්‍රේමය ප්‍රතික්‍ෂේප කොට ඇත.

දින කීපයක්‌ම ඇය හමුවීමට පැමිණි ඔහුට සතුටුදායක පිළිතුරක්‌ නොලැබුණු හෙයින් ඊයේ (29 දා) අවසන් තීරණයකට එළඹීමේ අදිටනින් තොණ්‌ඩුවක්‌ සහිත නයිලෝන් කඹයක්‌, පිහියක්‌ හා චොකලට්‌ එකක්‌ බෑගයක දමාගෙන ත්‍රිරෝද රථයකින් ඇගේ නිවස අසලට පැමිණ ඇය එනතුරු මග රැකගෙන සිට ඇත.

අනතුරුව ඇය පෙරමගට ගොස්‌ අවසන් වරටත් ඇගේ කැමැත්ත නොලද හෙයින් බෑගයේ තිබූ පිහිය ගෙන ඇගේ ගෙලට හා කීපපොලකටම පිහියෙන් ඇන ඒ අසල තාප්පයක්‌ මතට නැගී ගෙල වැලලාගෙන ඇත. තරුණියගේ කෑගැසීම නිසා දිව ආ පිරිස විසින් අසල බිම දමා තිබූ පිහිය ගෙන තරුණයා ගෙල වැලලාගත් කඹය කපා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තරුණයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.

තරුණියගේ මරණ පරීක්‍ෂණ කටයුතු හා මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (29 දා) සවස සිදුකිරීමට නියමිතව තිබිණි.
 
Related Posts with Thumbnails