Ads 468x60px

.

මොරටු වැසියෝ කුපිත වී හිමි නම ඝාතන සැකකාර උප නගරාධිපති සුජිත් පුෂ්ප කුමාර එලවා දමයි

පැය දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර රියේ හිරවෙලා...

මාසික රැස්වීමට සහාභාගී වීමට බන්ධනාගාරයේ සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර මහතාට ඊයේ (25) සංඝයා වහන්සේ ලා ප‍්‍රමුඛ පිරිසක් විසින් මගඇහිරීම නිසා සහභාගිවීමට නොවුණි.

ඔහු පැය දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර රියේ හිරවී සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය. මහා සංඝරත්නය ඇතුළු මහජනයාගේ විරෝධය නිසා ඔහුට බන්ධනාගාර රියෙන් බැසීමට පවා නොහැකි වූ බවද අප වාර්තාකරු පැවසීය.



මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන් දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන්නේ මොරටුව උප නගරාධිපතිවරයාය.

මේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් නව දෙනෙකු මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවේ.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර සිටින්නේ එස්. ධනුෂ්ක ප්‍රනාන්දු, සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු, එම්. දිනේෂ් ලක්මාල්, චින්තක රුවන්ද සිල්වා, තිරුමලන් ඉලන්කෝන්, දුරේෂානි කේසවන්, ඉෂාන් කාවින්ද හා දිල්රුක් මෙන්ඩිස් යන නව දෙනාය.

විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියෝ පසුගිය මාර්තු 03 වැනිදා කපාකොටා ඝාතනය කර තිබිනි. මේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරණ සැකකරුවන් දෙදෙනෙකු ද බණ්ඩාරගම දැල්කඩ දී අත් පා බැඳ වෙඩි තබා ඝාතනය කර තිබිනි.


එහි තවත් විස්තර පහතින්





එහි තවත් විස්තර

මොරටුව විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ බන්ධනාගාරගතව සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ඊයේ (26 වනිදා) මහ නගර සභා මාසික රැස්‌වීමට සහාභාගි වීමට ගියත් මහා සංඝරත්නයේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය මත නැවත ඔහුට බන්ධනාගාරයට පැමිණීමට සිදු විය.

උප නගරාධිපතිවරයා මොරටුව අධිකරණයෙන් ලබාගත් අවසරය මත ඊයේ (26 වැනිදා) වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස්‌ රථයකින් මොරටුව මහ නගර සභා මාසික රැස්‌වීමට රැගෙන එන ලදී. එම බස්‌ රථය නගර සභා වැඩබිම් දොරටුවෙන් නගර සභා පරිශ්‍රයට ගනු ලැබුවත් උප නගරාධිපතිවරයාට බස්‌ රථයෙන් බිමට බැසිය නොහැකි ලෙස මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් බස්‌ රථය වටකර ගෙන ආවේගශීලීව හැසිරීම නිසා ඔහුට බස්‌ රථය තුළ රැඳී සිටීමට සිදුවිය.

බස්‌ රථය නගර සභා පරිශ්‍රයේ තිබියදී නගර සභා බැකෝ රථයක්‌ හා ලොරි රථයක්‌ බස්‌ රථය ඉදිරියෙන් මාර්ගය හරස්‌ කර හුළං යෑවීම නිසා එම රථ දෙක ඉවත් කළ බන්ධනාගාර බස්‌ රථය ඉදිරියට ගැනීමට ඉඩ ලබාදීමට පොලිසියට මහත් වෙහෙසක්‌ දැරීමට සිදුවිය.

මෙම විරෝධතාවය සඳහා මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් 1500 ක්‌ පමණ දෙනා පැමිණ සිටි අතර ඔවුහු විවිධ චෝදනා එල්ල කරමින් පැය දෙකක පමණ කාලයක්‌ බස්‌ රථය වටකරගෙන සිටියහ. මෙහිදී උප නගරාධිපතිවරයාට හිතවත් පිරිස සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ මතුවී ගුටිබැට හුවමාරුව ඇති වුවත් එය දුර දිගයැමට නොදී වළක්‌වා ගැනීමට පොලිසිය සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ.

උප නගරාධිපතිවරයා අධිකරණ නියෝග මත මාසික රැස්‌වීමට රැගෙන ඒමට පොලිසිය කටයුතු කරනු ලැබූවත් නගර සභාවේම මන්ත්‍රීවරයෙක්‌ මෙම විරෝධතාවය පිටුපස සිටින බවට සැකකරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌
අප වෙත පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මොරටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය. මොරටුව එගොඩඋයන සුනන්දොපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් උප නගරාධිපතිවරයා ඇතුළු පස්‌දෙනකු රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෝ දෙදෙනෙක්‌ හිමිනම ඝාතනය වූ දින රාත්‍රියේ අභිරහස්‌ ලෙස ඝාතනයට ලක්‌වූහ.
 
Related Posts with Thumbnails