Ads 468x60px

.

අපුරු නිවුන් සහෝදරියෝ...

උපතේ සිට දෛවය  තමන්ට සරදම් කළත්  එයින් හඩා නොවැටී දෙපයින් නැගී සිටින මේ දෙදෙනා ඇබී සහ බ්‍රිටිනිය. භද්‍ර යෞවන යේ 23 හැවිරිදි හුරු බුහුටියෝය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රදේශයේ ජීවත්වන එක් සිරුරකින් සිටියද ඔවුන්ට හිස් දෙකකි. හදවත් දෙකකි. නිවුන් සොහොයුරියෝය.

ඔවුන්ට මිතුරන් සිටිති. නිවාඩුවකට ගමන් බිමන් යති. මෝටර් රථ පදවති. සෙල්ලම් කරති. සාමාන්‍ය මිනිසෙක් ජීවිතයේ කරන සියළුම දේ ඔවුන්ට කළ හැකියි.


ඇබී හා බ්‍රිට්නි බෙතෙල් සරසවියේ ගණිත උපාධිධාරීහුය. මේ දිනවල ඔවුන් සුදානම් වන්නේ ප්‍රාථමික විදුහලක ඉගැන්වීමකටය. ඒ සදහා  දෙදෙනාට බලපත්‍ර දෙකක් හිමිය. නුමුත් ලැබෙන්නේ එක් වැටුපකි. එක් විශ්‍රාම වැටුපක් පමණක් හිමිය.

ඇය උගන්වන විට බ්‍රිටිනි සිසුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. ඇබී සිරුරේ දකුණු පස හසුරුවන විට බ්‍රිටිනි සිරුරේ වම් පස මෙහෙයවයි.

ඔවුන් ගන්නා ආහාර ඇදුම් පැළදුම් ගැන දෙදෙනාටම වෙනස් අදහස් තිබුණත් කතා බස් කරගෙන සම්මුතියකට අනුව කථා වස් කරගෙන සම්මුතියකට අනුව කටයුතු කරයි.

ඇබී ගණිතය සහ විද්‍යාවට වැඩි මනාපයක් දැක් වුවත් බ්‍රිටිනිගේ මනාපය කලාවටය.ඔවුනට වෙනම ගමන් බල පත්‍ර දෙකක් හිමිය. හැදුනුම්පත් දෙකකි. එහෙත් ගුවන් ගමනකදී ලැබෙන්නේ එක අසුනකි. එහෙත් දෙදෙනාම ගමන් යති. කුසේ කුහරයන් දෙකකි. උදර කුහරයෙන් එක් අයකි.

හඩා නොවැටී දෙපයින් නැගී සිටින ඔවුන්ගේ අධිෂ්ඨානය වන්නේ රටටත් සමාජයටත් බරක් නොවී ජීවත් වීමයි.


 
Related Posts with Thumbnails