Ads 468x60px

.

ජැක්සන් තියරියේ සෝමරත්න ෂේප් කිරීමේ න්‍යාය.

ජැක්සන් ඩබල් ඇක්ටින්...

ශ්‍රී ලංකාවේ චිත්‍රපට බෙදා හැරීමේ දී පිටපත් 35ක සීමාව ඉක්මවා නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ක්‍රියාත්මක කර ඇති විරෝධතාවේදී එම සංසදයේ උප සභාපති ධුරන්දර ජැක්සන් ඇන්තනී දරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියකි.

ජැක්සන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති ප්‍රසන්න විතානගේ වෙත 2013. 05. 16 දින ලිපියක් යොමුකර ඇත.

එම ලිපියට අනුව ජැක්සන් ඇන්තනී චිත්‍රපට පිටපත් 35ක උපරිමය ගැළපෙන මට්ටමේ ආර්ථික පිරිවැයකින් වර්තමාන සිනමා නිෂ්පාදන සමන්විත යුතුව ඇතැයි පිළිගනී. එසේ පිළිගන්නා අතර ජැක්සන් පිටපත් 35 සීමාවට එකඟද වෙයි.

ලිපියේ මුල් ඡේදවලින් 35ට එකඟවන ජැක්සන් ලිපියේ අවසන් ඡේදයේදී සෝමරත්න දිසානායකගේ "සිරිපැරකුම්" චිත්‍රපටය පිටපත් 55ක් නිකුත් කිරීමටද එකඟ වෙයි. ජැක්සන් එයට හේතු ලෙස දක්වන්නේ සෝමරත්න දිසානායක සිරි පැරකුම් චිත්‍රපටය නව නීතිය ගෙන ඒමට පෙර නිෂ්පාදනය කර අවසන් කර ඇති බවය.


ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරන්ගේ සංසදයේ ප්‍රවෘත්ති නිවේදනයට අනුව ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට පිටපත් 35ක සීමා නීතිය පැනවූයේ 2013 ජනවාරි 01 දින සිටය. නිෂ්පාදනය අවසන් කර ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය නිකුත් කළ දින සිට අනුපිළිවෙළින් චිත්‍රපට පෙන්වීමේ තීරණයකටද සංස්ථාව එළැඹිණි.


"සිරි පැරකුම්" චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලබාගෙන ඇත්තේ 2013 මාර්තු 11 වැනිදාය. දැනට චිත්‍රපට පෝලිමේ චිත්‍රපට 31ක් ඇති අතර "සිරි පැරකුම්" චිත්‍රපටයට හිමිවී ඇත්තේ 29 වැනි ස්ථානයයයි.

2005. 08. 03 දින ප්‍රදර්ශන සහතිකය ලැබූ "සෙනෙහසක සිහිනය" චිත්‍රපටයේ සිට 2013 පෙබරවාරි 23 දින ප්‍රදර්ශන සහතිකය ලැබූ "ආදර පූජාසනය" චිත්‍රපටය දක්වා චිත්‍රපට 28ක් සිරි පැරකුම් චිත්‍රපටයට පෙර ප්‍රදර්ශන සහතික ලබා ඇත.

දැන් ජැක්සන් තියරියේ සෝමරත්න ෂේප් කිරීමේ න්‍යායට අනුව ඉහත චිත්‍රපට 29ටම අවශ්‍ය නම් පිටපත් 55 බැගින් නිකුත් කිරීමේ හැකියාව ඇති වෙයි.


ජැක්සන්ගේ දෙබිඩි පිළිවෙත පිළිබඳ විමසූ විට සිනමා ප්‍රවීණයකු පැවැසුවේ මෙය ප්‍රත්‍ර ස්නේහය නිසා ඇති වූ තත්ත්වයක් බවය.
සෝමරත්න දිසානායකගේ සිරි පැරැකුම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ජැක්සන් ඇන්තනීගේ පුතු අඛිල ධනුද්දරය.
 
Related Posts with Thumbnails