Ads 468x60px

.

වසර දෙකක් පුරා දුව දූෂණය කල පියා ලැජ්ජාවට වස බී සිය දිවි නසාගනී.

දුව ගෙදර සාලයේ පුටුවක වාඩි වී හිටියේ අමාරුවෙන් වගේ... 

මුහුණත් ඉදිමිලා තිබුණා...

වසර දෙකක් පුරා දුව දූෂණය කර ඇය සමඟ රහස් ජීවිතයක් ගතකළ මගේ සැමියා කර ඇති එම වැඩේ මගෙ අතට හසුවුණා. පසුව මම දුවයි පුතායි රැගෙන ගෙදරින් යන්නට ගියා. මම මේ පිළිබඳ වැලිකඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැම්මා. පසුව මගෙ සැමියා පොලිස් අත්අඩංගුවට ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. ඒ අතරේ මම මගේ දුවව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළා.

එම පරීක්ෂණවලින් සනාථ වුණා මගේ දුව මීට අවුරුදු දෙකකට කලින් දූෂණය වී ඇති බව. දැන් ඔහුට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහා අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින හෙයින් ඒ ලැජ්ජාවට වෙන්න ඇති මහත්තයා වස බී සිය දිවි නසා ගන්නට ඇත්තේ. ඇය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වූවාය.


අපි විවාහ වුණේ දැනට අවුරුදු 13කට පෙර. මට දුවෙක් හා පුතෙක් ඉන්නවා. දුවට වයස 10යි. පුතාට වයස අවුරුදු 2යි. අපි පදිංචි වෙලා ඉන්නේ රාජගිරිය ඔබේසේකර මාවතේ. මගේ මහත්තයා මේසන් බාස් කෙනෙක්. එයා මේ සිද්ධිය වෙනකොට රාජගිරියේ ආයුර්වේදයේ අලුතින් සාදන ගොඩනැඟිල්ලේ වැඩකරමින් හිටියේ. 


මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ 2012-12-12 දිනයේදී. මම පෞද්ගලික ආයතනයක පිරිසුදු කරන්නියක් ලෙස සේවය කරමින් හිටියේ. මම වැඩට යන්නේ මගෙ දුවයි පුතාවයි අල්ලපු ගෙදර අයට බලාගන්න කියලා.

2012-12-12 දින අල්ලපු ගෙදරට ආවේ පුතා විතරයි. දුව ඇවිත් තිබුණේ නැහැ. අල්ලපු ගෙදර අය මේ බව එදින දහවලේ මගෙ ගෙදරට ගොස් විපරම් කරලා තිබුණා. එතකොට ගේට්ටුවට ඉබ්බා දාලා ගෙදර ‍ෙදාර ඇරලා තිබුණු බව ඒ අය මට කීවා.

පස්සේ මම ගෙදරට ඇතුළු වී දුව ඉන්නවාද කියා බැලුවා. දුව ගෙදර සාලයේ පුටුවක වාඩි වී හිටියේ අමාරුවෙන් වගේ. මුහුණත් ඉදිමිලා තිබුණා. මම දුවගෙන් පස්සේ සියලු විස්තරය අහගත්තා. එදා උදේ් තමයි මගේ සැමියා දුවව දූෂණය කරලා තියෙන්නේ. ඔහු එදා වැඩට ගිහින් තිබුණේ නැහැ.


මම පස්සේ මගේ මහත්තයා ගැන සොයලා බැලුවා. එයා ගෙදර හිටියෙත් නැහැ. (සරත් කුමාර) ඔහු ඒ වනවිට ගෙදරින් පිටව ගිහින්.පස්සේ මම මේ පිළිබඳ වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කළා. පසුව පොලිසියෙන් එදාම සරත්ව අත්අඩංගුවට ගත්තා.


පස්සේ මම මගේ දුවව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළා. එම පරීක්ෂණවලන් හෙළි වුණා මගේ දුව දැනට අවුරුදු දෙකකට උඩදී දූෂණය වී තිබූ බව.


මේ වනවිට මමත් මගේ දුවත් පුතත් මගේ සැමියා වන සරත් කුමාර යන අයගෙන් වෙන් වෙලා ඉන්නේ. ඒ අතරේ තමයි පසුගිය අප්‍රේල් 17 වැනිදා දින එයා වැඩ කරන තැන එයාගේ මිතුරෙක් මට කීවේ සරත් කෘමිනාශක වගයක් පානය කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා කියලා. එදා ඉඳන් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 15 වැනිදා මියගියා.
 
Related Posts with Thumbnails