Ads 468x60px

.

එළුවන් 750යි කුකුළන් 300යි යාපනයේ කෝවිලක මහා බිලි පූජාවක්...

වැඩුණු එළුවන් රුපියල් ලක්‍ෂයක වෙන්දේසියේ...

යාපනය කන්කසන්තුරේ කවුනාවත්ත නම් කුඩා ග්‍රාමයක එළුවන් හා කුකුළන් දහසකට අධික සංඛ්‍යාවක් බිලි දී මහා පූජාවක් පවත්වා ඇතැයි වාර්තා වෙනවා. මේ මහා බිලි පූජාව පවත්වා ඇත්තේ මැයි 01 වැනිදා බවත්, මෙහිදී එළුවන් 750ක් හා කුකුළන් 300ක් බිලි දී ඇති බවත් පැවසෙනවා.

නරසිම්හ වයිරවර් නම් පුරාණ හින්දු කෝවිලේදී පැවැත්වූ මහා බිලි පූජාවට ඉතා හොඳින් වැඩුණු එළුවන් රැගෙන විත් ඇති අතර පාන්දර යාමයේ ආරම්භ වූ බිලි පූජාව එදින දිගු කාලයක් තිස්සේ පවත්වා ඇතැයිද සඳහන් වන අතර මීට පෙර වර්ෂවලදී ද නොකඩවා මේ සත්ත්ව බිලි පූජාව පවත්වා තිබෙන බව අප වෙත වාර්තා වෙනවා. 


මේ බිලි පූජාව සඳහා සතුන් රැගෙන ආ හින්දු භක්තිකයන් වසර කීපයක සිට ඔවුන්ගේ නිවෙස්වලම බිලි පූජාව සඳහාම මේ සතුන් ඇති දැඩි කර ඇතැයිද ඔවුන් යාපනය අර්ධද්වීපයේ විවිධ ප්‍රදේශවල සිට අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් වැනි වාහන උපයෝගී කරගෙන පෙරහරින් කෝවිල වෙත රැගෙන පැමිණි බවද වාර්තාකරු පවසනවා.

කෝවිලේ ප්‍රධාන දේව මන්දිරය ඉදිරිපිට පැවැත්වූ මහා බිලි පූජාව අවසන් වූ වහාම හිස ගසා මරා දමන ලද සතුන්ගේ මළ සිරුරු සියල්ල කෝවිලේ එක් ස්ථානයකට ගොඩ ගසා වෙන්දේසියේ විකුණා තිබෙනවා. වෙන්දේසියේදී සමහර හොඳින් වැඩුණු එළුවන් රුපියල් ලක්‍ෂයක් වැනි ඉහළ මුදලකට සමහර හින්දු භක්තිකයන් විසින් මිලදී ගෙන
තිබෙනවා.

මරා දමන ලද එළුවන් හා කුකුළන්ගේ මස්වලින් පිසින ලද ආහාර එදින කෝවිල මඟින් සිය දායකයන් අතර බෙදාදී
තිබෙනවා.

මේ කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන මහා සත්ත්ව බිලි පූජාවට එරෙහිව මීට වසර ගණනකට පෙර මල්ලාකම් දිස්ත්‍රික් උසාවියේ නඩුවක්ද පවරා ඇති බවත් එහෙත් උතුරේ සමහර ජන කොට්ඨාස අතර සතුන් බිලිදීමේ පූජාව කලක පටන් පැවැත එන්නක් බවත් අප වෙත වාර්තා වෙනවා.


 
Related Posts with Thumbnails