Ads 468x60px

.

පාර හරහා තිබූ වයරය ලොරියේ පැටලී ලයිට්‌ කණුව දුවගේ ඔළුවට ඇද වැටුණා...

විදුලි කණුව හිස මත වැටී සිසුවියක මියයැම...

වෙනදා දලු අරන් යන්න එන ලොරිය නොවෙයි ආවේ... 

මේකේ තට්‌ටුව උසයි. වයර් පහළින් ඇදලා තිබුණේ...

මම ත්‍රීවිල් එක අරගෙන ඉස්‌සරහට යනකොට මගේ දුවලා දෙන්නයි මගේ ඥතියකු වන ගුරුවරියකුයි ඉස්‌කෝලේ ඇරිලා ගෙදර එන අතරමග හමුවුණා. 

එතකොට වත්තේ දලු අරන් යන ලොරිය ආවා. ලොරියට ඉඩ දීලා මම දුවලා දිහා බැලුවා. එතකොට මම දැක්‌කා පාර හරහා පහතින් ඇදලා තිබුණු වයර් එකක ලොරිය පැටලිලා ඇදිලා යනවා. 

එතකොටම වයර් එක සමග ආව ලයිට්‌ කණුව මගේ දුවගේ ඔළුව උඩට වැටිලා එයා ලයිට්‌ කණුවට යට වුණා යෑයි විදුලි කණුවක්‌ හිස මතට කඩා වැටීමෙන් මියගිය පාසල් ශිෂ්‍යාවගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් ඇගේ පියා වන ෂෙල්ටන් සංජිව රෝයල් එසේ පැවසුවා.

පාසල නිම වී නිවසට යමින් සිටි කුරුඳුවත්ත රාජකීය විදුහලේ 10 ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටි දිව්‍යාංජලී විනෝදා නෙත්මිණි රෝයල් නමැති 14 හැවිරිදි ශිෂ්‍යාව මෙම අනතුරින් මියගොස්‌ තිබුනා.

මට දුවලා තුන් දෙනෙක්‌ ඉන්නවා. දෙන්නෙක්‌ ඉගෙන ගන්නේ කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ. දිනපතාම මම ත්‍රිරෝද රථයෙන් ඒ දෙන්නා උදේට පාසලට දාලා හවසට එක්‌ක එනවා. ඒත් ගමේ ලෙඩෙක්‌ ගම්පොල රෝහලේ සිටි නිසා මම එයා බලන්න යන්න ඕන නිසා දුවලට කීවා අද බස්‌ එකෙන් ගෙදර එ
න්න කියලා. 

මේ අය කැන්දගොල්ල පන්සල ළඟදී මට හමුවුණා. එතැන තිබුණ වයර්වල තමයි මේ ලොරිය පැටලුණෙ. වෙනදා දලු අරන් යන්න එන ලොරිය නොවෙයි ආවේ. මේකේ තට්‌ටුව උසයි. වයර් පහළින් ඇදලා තිබුණේ.

දුව ලයිට්‌ කණුවට යට වුණාට පස්‌සේ අපි ඒක අයින් කරලා දුව මගේ අත් දෙකට ගත්තා. ඔළුවෙන් නතර වෙන්නෙ නැතිව ලේ ආවා. මම අත තියලා තුවාලෙ වැහුවා. පස්‌සේ මගේ වීල් එකේම ගම්පොල රෝහලට ගෙනාවා. එතකොට දුව මියගිහින් හිටියේ.

කොස්‌කොටුවේ ගෙදර රේණුකා පත්මිණි කොස්‌කොටුව,

මියගොස්‌ සිටින්නේ මගේ බාප්පාගේ ලොකු දුව. මම පාසල් ගුරුවරියක්‌ ලෙස වැටකේදෙණිය මහ විදුහලෙ සේවය කරනවා. පාසල නිමවී නිවසට එන්නේ බස්‌ එකෙන්. එතකොට නංගිලා දෙන්නා කුරුඳුවත්ත කඩවීදියෙන් මම ආව බස්‌ එකට නැග්ගා. 


අපි බස්‌ එකෙන් බැහැලා ගෙදරට එන පාර දිගේ ආවා. එතකොට බාප්පත් ත්‍රීවිල් එක අරගෙන ඉස්‌සරහට ආවා. මේ වෙලාවේ දලු අරන් යන ලොරිය එතනට ආවා. බාප්පා ලොරියට යන්න වීල් එක අයින් කළා. ඒ වෙලාවේ මම දැක්‌කා ලොරියේ වහලේ විදුලි වයර් පැටලෙනවා. එතකොට මම කෑ ගැහුවා ලොරිය නවත්වන්න කියලා. 

ඒ එක්‌කම ලයිට්‌ කණුව කඩාගෙන වැටුණා. මම හිතුවේ ත්‍රීවීල් එක උඩට කණුව වැටෙයි කියලයි. මම දකුණු පැත්තට පැන්නා. කඩා වැටුණ වයර් මගේ අතටත් වැදිලා බිමට වැටුණා. මම නංගිලා දිහා බැලුවා. එතකොට මම දැක්‌කා නංගි ඉහලා ගෙන සිටි රතුපාට කුඩේ එක්‌ක එයා ලයිට්‌ කණුවට යටවෙලා හිටියා.

ලොරි රථ රියෑදුරු වන යටපාන වඳුරුමෑව පදිංචි ධම්මික අජිත් කුමාර මෙසේ පැවැසීය. මම වැඩ කරන්නේ ඩුබායි මහත්තයා ළඟ. දිනපතාම දලු ගේන්න කැන්දගොල්ල ප්‍රදේශයට යනවා. වෙනදා අරන් යන්නේ පොඩි ලොරියයි. ඒත් අද මම ගියේ අලුතින් ගත්ත මේ ලොරියේ. 


වැස්‌ස තිබුණා. බස්‌ යන පාරේ ඉඳලා ගමන ටිකක්‌ දුර නිසා මග හිටිය කීප දෙනෙක්‌ ලොරියේ දාගෙන ගියා. මම වයර් දැක්‌කේ නෑ. කට්‌ටිය කෑ ගහනකොට මම ලොරිය නතර කරලා බැලුවා. එතකොට තමයි මම මේ අනතුර දැක්‌කේ.

විදුලි කණුව හිසමත කඩා වැටී පියා ඉදිරියේම දියණිය මිය ගිය හැටි.
 
Related Posts with Thumbnails