Ads 468x60px

.

අපි දෙන්නටම වයස 21යි. එයා මට වඩා මාස දෙකයි වැඩිමල් - උපේඛා නිර්මාණි

එයා හරිම අහිංසකයි... 

තමන්ගෙ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා...

“දෙරණ ඩ්‍රීම් ස්ටාර්” කිරුළ සමග සංගීත ලෝකයේ දොරටු විවර කරගත් ඇය අද වන විට ජනප්‍රිය යොවුන් ගායිකාවක්. උපේඛා නිර්මාණි නම් මේ යොවුන් ගායිකාව මේ දිනවල “දෙරණ ස්ටාර් චැ‍ලේන්ජ්” තුළ කොරීන් අල්මේදාගේ කණ්ඩායමට එකතු වෙලා සාර්ථක තරගයක යෙදෙනවා.

මේ සුන්දර නව යෞවනියගේ් ආදරය ගැනත් මේ දිනවල කලා ලෝකයේ කථා බහට ලක් වී තිබෙන්නේ උපේඛගේ ආදරවන්තයත් නව යොවුන් ගායකයකු නිසාමයි.  ඔහුත් දෙරණ ඩී්‍රම් ස්ටාර් මාවතේම තරගයට පැමිණියේ උපේඛා සමගින්මයි. 

පසුගියදාක අපි උපේඛා හමුවෙලා මේ සියලු කරුණු ගැන ඇහුවා. ඇය හරිම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා.

මේ දවස්වල මොකද කරන්නේ?


‘දෙරණ ස්ටාර් චැ‍ලේන්ජ්’ තරගයේ කොරීන් අල්මේදා මහත්මියගේ කණ්ඩායම නියෝජනය කරමින් තරග වදිනවා. ඊට අමතරව මගෙ අලුත්ම මියුසික් වීඩියෝවත් ළඟදීම එළිදක්වන්නට සූදානම්.


සමහර ගීත රූප රචනාවල රඟපෑවේ ඔබමයි. උපේඛා නිළියකට සුදුසුයි කියලා ඒවා බලපු ගොඩක් අය කිව්වා...

 
ටෙලි නාට්‍යවලට විතරක් නමෛයි චිත්‍රපටයක ප්‍රධාන චරිතයට පවා ආරාධනා  ලැබුණා. ඒත් භාරගත්තෙ නැහැ.

ඇයි ඒ ..?

 
විෂුවල් වල ඉන්නකොට තමයි තේරුණේ රඟපෑම කොයිතරම් කටුකද කියලා. ඉතින් රඟපාන්න යන්නෙ නැතුව සිංදු කියන එක කරගෙන ඉන්න තීරණය කළා.

දැන් වයස කීයද?


අවුරුදු 21 යි.

සුන්දර තාරුණ්‍යයේ සිටින උපේඛා ආදරේ සුන්දරත්වයත් විඳිනවා නේද?


(හිනැහී) ඔව්.

අපි ඔහුගේ නමත් සඳහන් කරමු


නියම වෙලාව ආවම නම කියන්නම්.

ඔහු උපේඛා සමග “දෙරණ ඩ්‍රීම් ස්ටාර්” තරගයේ තරග වැදුණු තරගකරුවෙක්......


ඔව්, අපි දෙන්නම තරග වැදුණෙ එකට. ඒත් මුලදි අපි අතර කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ.

මුලින්ම හමු වූ අවස්ථාව මතකද?


96 දෙනා අතර ඉද්දි තමයි මම මුලින්ම එයාව දැක්කේ. ඒත් එදා අපි කතා කළේ නැහැ. එයාගෙ අයියා ඇවිත් මට කතා කළා. ඒත් එයා  කථා කළේ නැහැ. අපි කට්ටිය වෙන වෙනමනේ තරග වැදුණේ. අවසන් 16 දෙනා ගෙන් පසුව තමයි එකට තරග කරන්න ලැබුණේ.

ඒ කාලෙදිද හිතේ ආදරයක් ඇතිවුණේ.......


මුලදි එහෙම අදහසක් තිබුණේ නැහැ. ඒත් එයාගෙ දක්ෂතා ගැන නම් මගේ හිතේ විශේෂත්වයක් තිබුණා. සමහරු කිව්වේ එයා කිරුළ හිමි කර ගනී කියලා. මමත් හිතුවේ ඒ විදියට . හැබැයි ඒ එයාගෙ දක්ෂතා ගැන විශේෂත්වයක් විතරයි. ඒ හැරුනම පුද්ගලයෙක් විදියට විශේෂත්වයක් ඇතිවුණේ අවසන් 6 අතර කාලෙදි.

උපේඛාද ආදරය ප්‍රකාශ කළේ..?


නැහැ.... නැහැ... දෙදෙනාගෙම හිත්වල විශේෂත්වයක් තිබුණා. ඒත් ආදරය ප්‍රකාශ කළේ එයා.

ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් තරඟ වැදුණු ‘දෙරණ ඩී්‍රම් ස්ටාර්’ තරගයේ උපේඛා ගැන උනන්දු වූ තව අය ඉන්න ඇති?


ඉන්න ඇති. ඒත් හැමෝගෙම හිත්වල තිබුණේ මම සැරයි කියන හැඟීම. ‍පොඩි දේටත් මම රවනවා. විශේෂත්වයක් ඇතිවූ අය ඉන්න ඇති. ඒත් කිසිම කෙනෙක් මට ඒ ගැන අඟවන්න ඉදිරිපත් නොවුණේ බයට.

ඇයි ඉතින් මෙයා දිහා ඒ විදියට රවලා බැලුවෙ නැත්තේ..?


(හිනැහී) එයා හරිම අහිංසකයි. තමන්ගෙ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා.  ඒ වගේම හරි දක්ෂයි. ඒ හින්දා  වෙන්න ඇති විශේෂත්වයක් ඇති වෙන්න ඇත්තේ. ඉතින් ඒ විදියේ විශේෂත්වයක් ඇතිවුණාම රවන්න බැහැනේ.

දෙදෙනාගෙ ආදරයට දෙපාර්ශවයේම ආශිර්වාදය හිමිවෙලාද තියෙන්නේ...


ඔව්.

දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?


නැහැ. අපි දෙන්නටම වයස 21යි. එයා මට වඩා මාස දෙකයි වැඩිමල්. දෙන්නටම සංගීත ක්‍ෂේත්‍රයේ තව කරන්න දේවල් තියෙනවා. ඒ හින්දා දැන්මම විවාහයක් ගැන හිතන්න බැහැ.
 
Related Posts with Thumbnails