Ads 468x60px

.

මනෝජ්, අවිවාහකව සිටින්නේ සංජීවනී නොලැබුණු නිසාද..?

සංජීවනී තවම දන්නේ නැතුව ඇති...

ඒත් මම සංජීවනී ගැන හිතුවේ සහෝදරියක් වගේ...

දක්ෂ වාදකයෙක් වන මනෝජ් පීරිස්, ජනප්‍රිය ගායිකාවක වන සංජීවනී වීරසිංහ ගැන අපේක්ෂාවෙන් සිට එය බොදවීම නිසා අවිවාහකව සිටින බවට පසුගිය කාලයේ කේෂත්‍රයේ රාවයක් පැතිරී තිබුණා.

එහෙම පටලැවිල්ලකට මනෝජ්ගේ මව වූ රෙජිනා පීරිස්ද මනාපයෙන් සිටි බවද පැවසෙනවා. කෙසේවවුද මේ සම්බන්ධයෙන් මනෝජ් මාධ්‍යට පවසා ඇත්තේ මෙවැන්නකි.


'මමීගේ හිතේ එහෙම අදහසක් තිබුණ කියල මගේ යාළුවන්ට කියල තියෙනවා. ඒත් මම සංජීවනී ගැන හිතුවේ සහෝදරියක් වගේ.
ඒ පවුල අපේ පවුලටත් සමීපයි. මමී එහෙම හිතුව කියල සංජීවනී තවම දන්නේ නැතුව ඇති. 

'මනෝජ්, නිළියන් හා මෝස්තර නිරූපිකාවන් සමග පැවැත්වූ හාදකම් ලතා වල්පොළ හා දයා වයමන් වගේ ප්‍රවීනයන් කිහිප දෙනෙකුටද හසුවී ඇති බවත් පැවසෙනවා.

මේ අතර, ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චි මස්සිනා කර ගැනීමටද මනෝජ්ට අවස්ථාවක් උදාව තිබූ බවද
පැවසෙනවා. ඒ මිල්ටන්ගේ ඥාති සොයුරියක් මනෝජ්ට පාහන්නට ඔහු ගත් උත්සාහය නිසයි.

මේ වන විට රටවල් 42 ක සංචාරය කර ඇති මනෝජ්ට එම සංචාරවලදී ද තරුණියන්ගෙන් යෝජනා ආ බවත්, සම්බන්ධකම් ඇතිවූ බවත් ඒවා කෙටි කාලීන ඒවා බවත් මනෝජ් හෙළිකර තිබෙනවා. ඔහුට සිය සහෝදරිය වන මල්කාන්ති නන්දසිරි විවාහවන ලෙස තවමත් ඇවිටිලි කරන බවද
පැවසෙනවා.

මනෝජ් තනිකඩව සිටීම ගැන දුකක් ඇති බවත් පවසන අතර, ඇතැම් විට හෙට විවාහවන්නට හැකි බවත්, නොඑසේනම් ජීවිත කාලයේම තනිකඩව සිටිය හැකි බවත් සදහන්කර
තිබෙනවා.
 
Related Posts with Thumbnails