Ads 468x60px

.

කොරළේ මහත්තයා - 02 හි අධ්‍යක්ෂවරයාගේ අයුතු යෝජනාවෙන් නිශානි රාත්‍රියේම මහ ගෙදරට

නුවරදීත් තනිකරළා...

නැගී එන නිළියක වන නිශානි ගමගේට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විසින් අයුතු යොජනාවක් කර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන්
අප කළ විමසීමකදී ඇය කියා සිටියේ එම යෝජනාව හේතුවෙන් තමා ස්වාධීන රූපවාහිනීය ඔස්සේ මේ දිනවල විකාශයවන කොරළේ මහත්තයා - 02 ටෙලියෙන්ද ඉවත් වූ බවයි.

තමාට මෙම අයුතු යෝජනාව කළේ කොරළේ මහත්තයා - 2 ටෙලියේ රූගත කිරීම් රන්මිණි තැන්න ටෙලි ගම්මානයේ සිදු කරමින් තිබියදී බවද ඇය හෙලිකළා.

මේ හේතුව නිසා ඇය රන්මිණි තැන්න ටෙලි ගම්මානයෙන් ඉවත්වී 15
දා රාත්‍රියේම මාතර පිහිටි සිය මහ ගෙදරට ගිය බවද ඇය අප සමග කීවාය.

අදාල චිත්‍රපට අධ්‍යක්ෂවරයා අවස්ථා කිහිපයකදීම තමාට අදාල යෝජනාව කරමින් ඇවිටිලි කළ බවත්, එක්වරක් තමා නුවර ප්‍රදේශයේදී තනිකර ගැනීමට උත්සාහ කළ බවද නිශානි සදහන් කළාය.

මෙම අධ්‍යක්ෂවරයා තමාගේ පියාගේ වයසට ද වඩා වැඩිමහළු පුද්ගලයෙක් බවද, එබැවින් ඔහුට එය අවබෝධකර දීමට උත්සාහ කළද ඉන් පළක් නොවූ බවද ඇය අප සමග කියා සිටියාය.

නිශානි කොරළේ මහත්තයා - 02 ටෙලියෙන් ඉවත්වන විට එහි කොටස් 52ක් රූගත කර හමාරව තිබූ බවත්, එය කොටස් 250ක ටෙලියක් ලෙස නිර්මාණය වන්නක් බවද පැවසෙනවා.

කොරළේ මහත්තයා - 01ටෙලිය අවසන්වන විට එහි ප්‍රධාන කාන්තා චරිතය වූ සිළිදි මිය ගියාය. ඉන් පසුව කොරළේ මහත්තයා -02 ටෙලියේ ප්‍රධාන කාන්තා චරිතය වූයේ සිරිමලීය. සිරිමලීගේ චරිතයට පණ පොවනු ලැබුවේ නිශානි ගමගේ විසිනි.අදාල අධ්‍යක්ෂවරයාගේ පුතුද නළුවෙක් බව අප වෙත වාර්තා වෙනවා.





 
 
Related Posts with Thumbnails