Ads 468x60px

.

'චායා'හි වේශනිරූපන ශිල්පියා වන සමීරට රැකියාව අහිමි වුනේ මහේෂිගේ කීමට පිටින්යාම නිසාලු...

මහේෂි, මේනකාව වැඩිය ගනන් ගන්න එපා කියලා...

ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා හා වේශ නිරූපන ශිල්පියකු වන සමීර කිදෙල් පිටිය සමග ඇති වූ පට ලැවිල්ලක් සම්බන්ධයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිරස නාලිකාවේ දැනට විකාශය වන 'චායා' ටෙලියේ වේශනිරූපන ශිල්පියාව සිටි සමීරට එම රැකියාව අහිමිව ඇත්තේ මහේෂි නිසාය. වේශ නිරූපන ශිල්පියා මහේෂිගේ කීමට පිටින්යාම ඔහුට එම රැකියාව අහිමිව යාමට හේතුව වී තිබෙනවා.

සිද්ධිය සැකෙවින් මෙසේය.


'චායා' ටෙලියේ ප්‍රධාන නිළිය ලෙස රගන්නේ මහේෂි මධුසංඛාය. එසේම එහි දෙවැනි ප්‍රධාන චරිතය රගන්නේ මේනකා මධුවන්තිය. මහේෂි, මේනකා ටෙලියට සම්බන්ධවීමට පෙර සමීර, ඇතුළු එම නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන්ට පවසා ඇත්තේ මේනකා ආ විට ඇයව වැඩිය ගනන් නොගන්නා ලෙසයි.

එසේම මේනකා හා ආශ්‍රය නොකර තමන් සමග සිටින ලෙසද ඔවුන්ට ඈ ඇවිටිලි කර තිබෙනවා. කෙසේවුවද මේනකා එම ටෙලියේ වැඩ ඇරඹූ මුල් කාලයේදී මහේෂීගේ කීමට අවනතව සමීර ඇතුළු පිරිස වැඩකර
තිබෙනවා.

ටිකක කලක් යද්දී ඔවුන්ට තේරී ඇත්තේ ඔවුන් මේනකා සමග වැඩි ආශ්‍රයක් නැතත් මහේෂි ඇය හා ඉතා ලෙන්ගතුව වැඩ කරන බවයි. මහේෂිගේ මේ දෙබිඩි පිළිවෙත ගැන, සමීර මහේෂිගෙන් කෙළින්ම අසා
තිබෙනවා.

ඒ නාට්‍ය කණ්ඩායමට මේනකා හා වැඩි ආශ්‍රයක් තියා නොගන්නැයි පවසා මහේෂි ඇය හා ඉතා කිට්ටුව සිටින්නට හේතුව කුමක්ද යන්න සමීර අසා
තිබෙනවා.

මේ කාරණාව ඇසීමෙන් කිපුණු මහේෂි තමා නාට්‍ය යේ ප්‍රදාන චරිතය රගන්නේ එහි වේශනිරූපන ශිල්පියා ඉවත් කරන්නේ නම් පමණක් යැයි කියමින් නාට්‍ය යේ බලධාරීන්ට තර්ජනය කිරීම නිසා ප්‍රධාන නිළිය තබාගෙන වේශනිරූපන ශිල්පියා ඉවත් කර
තිබෙනවා.

සුජීව ප්‍රසන්න ආරච්චිගේ ජනපි‍්‍රයතම නවකතාවක් වූ 'චායා' නව කතාව ඇසුරෙන් මේ ටෙලිය නිර්මාණය කර
තිබෙනවා. සතියේ දින පහේ රාත්‍රි 9 ට සිරස ටී.වී. ඔස්සේ විකාශය වන මේ ටෙලිය නිල්වලා වීඩියෝ ටීම් ආයතනය වෙනුවෙන් ආචාර්ය උපුල් ජයසිංහ නිෂ්පාදනය කරන ලද්දකි.

‘ඉතින් ඊට පස්සේ, ‘බොඳ මීදුම්’, ‘සිහින පියාපත්’, ‘ආදරණීය චංචලා’ වැනි ජනපි‍්‍රය ටෙලිනාට්‍ය රැසක් අධ්‍යක්‍ෂණය කළ ජනපි‍්‍රය සිනමා හා රූපවාහිනි අධ්‍යක්‍ෂකවරයකු වන සඳුන් රාජකරුණා ‘චායා’ ටෙලි සිතුවමේ අධ්‍යක්‍ෂවරයා වේ.

''අසංග රණතුංග අගනුවර විශාල රෙදි සාප්පුවක හිමිකරුවාය. එහි සේවයට එන සුන්දර අහිංසක, දුප්පත් තරුණියක වන ‘චායා’ අසංගගේ හදවතේ එතෙක් නො ඇර තිබූ දොරටුවක් විවෘත කරයි. එහෙත් අසංග ගැන බලාපොරොත්තුවෙන් ඔහුගේ ඥාති දියණියක් වන හර්ෂණි සිටියි. අසංග හා හර්ෂණි නෑනා හා මස්සිනායි.

එහෙත් චායා පිළිබඳ ඇගේ සොහොයුරෙකු වන මංජුල බලාපොරොත්තු දල්වා සිටියි.'' ‘චායා’ දිග හැරෙන්නේ මේ ජීවිතවල දෛවය වටාය'

විශ්වනාත් කොඩිකාර, මහේෂි මධුසංකා, ඉෂාරා සඳමිණි, මීනා කුමාරි, සංජීවනි වීරසිංහ, සංකේත් වික්‍රමගේ, මේනකා මධුවන්ති, ගීතා කාන්ති ජයකොඩි, සනත් විමලසිරි, කමල් දේශපි‍්‍රය, අයෝමි ශානිකා, හේමන්ත ඊරියගම, අංජලි ලියනගේ ඇතුළු ප්‍රවීණ හා නවක නළු නිළි කැලක් ‘චායා’ ටෙලියේ රංගනයට එක්ව සිටිති.


අනිත් අය කපමින් මහේෂි තියාගෙන ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්
 
Related Posts with Thumbnails