Ads 468x60px

.

නිරුවතින් නෑම ගැටළුවක් වන, පිරිමින්ගේ වෘෂණ සපා කන "පාකු" නම් මාළුවා මෙන්න...

නෑමට යාමේදී නිරුවතින් නොයන්න...

මිනිසුන්ට සමාන දත් දෙපළක්...

දේශය කුමක් වුවත් නිරුවතින් නෑම යනු අළුත් දෙයක් නොවේ. එහෙත්, ආක්‍රමණ ශීලී මසුන් විශේෂයක් හේතුවෙන් ස්කැන්ඩිනේවියානු කලාපයේ ජිරිමින් ට නම් නිරුවතින් නෑම ගැටළුවක් වී තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

දකුණු ස්වීඩනයත් ඩෙන්මාර්කයට අයත් සීලනඩ් දූවත් අතර පවතින ‘ද සවුන්ඩ්’ සමුද්‍ර සන්ධියෙන් පසුගියදා හමුවී ඇති මෙම මත්ස්‍යයා පාකු නම් විශේෂයට අයත් යැයි පැවසෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සිටින ඩෙන්මාර්ක් බලධාරීන් පවසා ඇත්තේ මෙම මාළුවා හසුවූ ‘ද සවුන්ඩ්’ හි නෑමට යාමේදී නිරුවතින් නොයන ලෙසයි. මිනිසුන්ට බෙහෙවින් සමාන දත් දෙපළක් හිමිව තිබීම මෙම මත්ස්‍යයා ගේ විශේෂත්වයයි.

පාකු මසුන් විසින් පැපුවා නිව් ගිනියා හි ධීවරයන් දෙදෙනෙකුගේ වෘෂණ සපාකෑමෙන් පසුව රුධිරය වහනය වීමෙන් එම ධීවරයන් මියගොස් ඇතැයි මීට කලින් වාර්තා වූ බව විදෙස් වාර්තා වල දැක්වෙන අතර, මෙවැනි සිද්ධීන් හේතුවෙන් මෙම සත්ත්වයා ‘බෝල් කටර්’ ලෙසද ඉංග්‍රීසී වහරෙන් හැඳින්වෙනවා.

පිරානා මත්ස්‍ය පවුලට අයත් පාකු මත්ස්‍යයා සාමාන්‍ය යෙන් ආහාරයට ගන්නේ පැළෑටි, ගෙඩි, හා ගොළුබෙල්ලන් ය. දිගින් සෙ.මී. 90 ක් හා බරින් කිලෝ 25ක් දක්වා විශාල විය හැකි මෙම මාළුවා සාමාන්‍ය යෙන් වෙසෙන්නේ ඇමේසන් ප්‍රදේශයේය.

එහි තවත් විස්තර පහතින්

ස්වීඩනයේ පිරිමින් මුහුදු ජලයේ පිහිනුම් කටයුතු වල දෙනා විට වෘෂණ කෝෂ වලට ඈටෑක් කරනා මාළුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බව එරට පිහිනුම් උපදේශකයන් පවසා සිටිනවා. 

මෙලෙස අනතරු ඇඟවීම හේතුව වුයේ පසුගිය දින වල මෙලෙස ස්වීඩනයේ දකුණු මුහුදු කලාපයේ පිහිනමින් සිටි පිරිමින්ගේ වෘෂණ කෝෂ වලට මාළුන් පැමිණ පහර දී ඒවා විකා යාම නිසායි. 

මෙලෙස පිරිමින්ගේ වෘෂණකෝෂ පෙන්නන බැරි මාළුන් විශේෂය Pacu ලෙස හදුනාගෙන තිබෙනා අතර එම මුහුදු කලාපයේ තවත් උන් සිටිය හැකි බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ මාළුන්ගේ කටේ ප්‍රමාණය නිසා පිරිමින්ගේ වෘෂණකෝෂ වලට ඉතා පහසුවෙන් පහර දීමට හැකි අතර මෙම මාළුන්ගේ ප්‍රහාරයකට ලක්වූ ඒ ප්‍රදේශයේ ධිවර මහතෙක් කියා සිටින්නේ ඒ මාළුවා ඔහුගේ වෘෂණ කෝෂ විකු විට දැනුන වේදනාවට මැරුණා නං හොදයි කියා සිතුනු බවයි.


මේ තත්වය විහිළුවක් නොවන බවත් යම්කසි හෙයකින් තත්වය මිට වඩා බරපතල වීමටද ඉඩ තිබෙනා බවයි එහි බලධාරීන් කියා සිටින්නේ. එම නිසා බඩගින්නේ සිටිනා මේ Pacu නමැති මාළුන්ගෙන් ප්‍රවේශම් වීම ඇඟට ගුණ බවයි ඔවුන් වැඩිදුරටත් දන්වන්නේ. 

 
Related Posts with Thumbnails