Ads 468x60px

.

තේ වත්තේ ලංකෝනිස්...

ලෝකය තේ වත්තක් කියා සිතන්න. එම තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් ගේ සිට ලැයිමේ ඉන්නා කම්කරුවා දක්වා විවිධ ධූරාවලි තිබේ.

ලෝකය නැමැති තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල්‍ය​. ලංකාව ලැයිමේ ජීවත් වන දුගී වතු කම්කරුවෙකි.

මේ ලැයිමේ ජීවත් වන දුගී වතු කම්කරුවාගේ ගෙදර හැම දිනකම කචල් ගෝරි තිබේ. මේ නිසා වත්තේ ඉන්න අනෙක් නිලධාරීන් බීගෙන කුනුහරප කියාගෙන ගෙදර තියන දුප්පත් හැලි වලන් ටික පවා පොලවේ ගහගෙන ගෑනිට ලමයින්ට පහර දෙන
ලංකෝනිස් නම් වතු කම්කරුවාට කැමති නැත.

බී ගත්තාම මුගේ කිසිම හැදියාවක්, සන්ස්කෘතියක් විනයක් නැත. ලමයා ඉස්සරහ උනත් රෙද්ද කඩාගෙන කුනුහරප කියයි. හැබයි කොච්චර  කසිප්පු කටේ  ගාගෙන හිටියත් තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් දැක්කම සරම පහලට දමා සෑර් කියා ඔලුව දකුනු උරහිස පැත්තට නවයි. 


ඒත් ලැයිමට ඇවිත් ඕකා පර සුද්දා කියා පිලිකන්න පැත්තට ගොස් තේ වත්තේ සුපිරින්ටෙන්ඩන්ට අම්මා මෝ නැතුව බනී. මම හෙට ඕකගේ අන්ඩක් කඩනවා කියා කියයි. 

ඒත් පහුවදා අතේ  පිච්චිය නැති වෙනකොට වත්තේ සුපිරින්ටෙන්ඩන්ගේ බන්ගලාවේ දොර  මුල්ලේ ඇණ තියාන ඉඳියි. ලොකු මහත්තයා එලියට එනකොට එකත්පස්ව ඉඳ පොඩි කෙලීට බෙහෙත් ගන්න සල්ලි නැහැ කියා හිස කසයි.

එවිට සුද්දා සාක්කුවට අත දමා කීයක් හෝ අතට දෙයි. ඒ දෙන ගමන් "මොක්කද උම්ඹලගේ ලයින් එක පැත්තෙන් සද්ද එනවා , උම්ඹල ගෙදර වයිෆ්ට ගහනවා නේද, වෙරි බෑඩ් වෙරි බෑඩ් යු ආර් එ ඩර්ටි බගර් කියයි.

එවිට අපේ උන්නැහේ  "අනේ බොරු සර් ඔය අල්ලපු ගෙදර එකාලගෙ කේලම්" කියයි.

ගෙදර අගහිග නිසා
ලංකෝනිස් ලොකු කෙලීව ටවුමේ  මුස්තපා මුදලාලි ලාගේ (අරාබිය​) ගෙදර වැඩකාර කමට දුන්නේය. වත්තේ උදලු ගා හොයන තුට්ටු දෙක,ලොකු කෙලී මුස්තපා මුදලාලි ලාගේ ගෙදර වාල්කම් කර එවන සල්ලි ලංකෝනිස් වියදම් කරන්නේ කසිප්පු ගැහීමටත් බූරැවා (හෙජින්) ගැහීමටත්‍ය. 

ලංකෝනිස්ගේ ගෑනිගේ කට හොඳ නැති බව ලංකෝනිස් කියයි. ලැයිමේ අනෙක් ගෙවල් වල ලංකෝනිස්ගේ වැරදි කියන බව කියා ලංකෝනිස් ගෑනි සමග රන්ඩු වෙයි. සමහර විට ගෑනි ලංකෝනිස්ට  වලඳකින් එහෙමත් ගසන්නීය.  බීලා හිටි වෙලාවට ගෑනි ලංකෝනිස් ගෙන් ගුටි කයි. ගුටි කන ගෑනි කන්කානිට හෝ සුද්දාට ඉකි ගසමින් ලංකෝනිස්ගේ වැරදි කියන්නීය​.

වත්තේ කන්කානි (ඉන්දියාව​) මේ වතු කම්කරුවාට කැමති නැත. අඩා උඹබ්බලා ගෝරි එක දාගෙන කුනාපර කියන්නේ නෑ අරිදඩා, උම්බලාගේ ගෑනි එක ගුටිකාලා එන්ගෙන්නේ අපේ මඩුවේ (තමිල්නාඩුව​) අප්පිලට එන්න කරච්ච්ල්, උම්බලා ගෝරි එක දාගත්තොත් ලොකු මාතියාට කියලා ලැයිමෙන් එලවනවා අරිදඩා "

එවිට
ලංකෝනිස් වතු කම්කරුවා "කන්කානි එහෙම කරන්න එපා අපි වත්ත දාලා කොහේ යන්නද කියා අසයි.

වත්තේ ටී මෙකර් මහත්තයා, එකවුන්ටන්, ස්ටෝ කීපර් මහත්තයා  (මැලේසියාව, සින්ගප්පූරුව ඉන්දුනීසියාව වගේ රටවල්) මේ වතු කම්කරුවාගේ ක්‍රියාකලපය ගැන එතරම් පැහැදිමක් නැතත් තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් එක්කත්,කේලම් අදින කන්කානි එක්කත් හිත හොඳ නැති නිසා වතු කම්කරුවාට කේස් අදින්නේ නැත. වතු කම්කරුවා ගැන දුක හිතී ඉඳහිට පරණ කමිසයක් එහෙමත් දෙයි 

වත්තේ අල්ලපු වැටේ ඉන්නේ මදාවි සෝමේ (ඉරානය), විස්ස විජ්ජාල කොල්ලෙක් වන කමල් (කියුබාව) තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් සුද්දා එක්ක වලිය​. ඉඳහිට
ලංකෝනිස් හමු උනාම "උඹලා ඔය පර සුද්දට ඔලුව පාත් කරන්න එපා කියයි.  

ලංකෝනිස් ද අනේ මගේ බල්ලාවත් ඔය පර සුද්දට ඔලුව නවන්නෙනෑ කියා උත්තර දෙයි. ඒත් ගෙදර හරියේ සීනි ටිකක්, පාන් ගෙඩියක්, කුප්පි ලාම්පුව පත්තු කර ගන්න බූමි තෙල් ටිකක් නැති උනාම සුද්දගේ බන්ගලාවට බඩගායි.

දවසක්
ලංකෝනිස් ගෙදර ගෑනි එක්ක ලොකු ගෝරියක් ගිහින් ගෑනි සුපිරින්ටෙන්ඩන් ගේ බන්ගලාවට ගොස් හොටු හූර හූර අඩමින් පැමිනිලි කලාය. 

හැමදාම මේ ගෝරි විසදන්න බෑ වට නිව්සන්ස් කී සුද්දා වත්තේ දොස්තර නෝනාට (ඩොක්ටර් නවි පිල්ලේ) ටැලිපෝන් කර ලන්කෝනිස් ගේ ලැයිමට ගොස් ගෙදර තත්වය, මුන් ඉන්න විදිහ, කන බොන විදිය,මේ ගෝරි යන හේතුව බලාගෙන එන්න කියා නියෝග කලේය​. 

වත්තේ දොස්තර නෝනා ලැයිම බලන්න එන බව සී සී මහත්තයගෙන් (UN)  ආරන්චි උන ලංකෝනිස්ගේ දෙපතුල්  සීතල විය​. ඒත් මම බය නැහැ මූන දාගෙන හිටියේය​. ලංකෝනිස්ගේ ලොකු කොල්ලා නහයට අහන්නේ නැති නාම්බෙකි. 

තාත්තේ ඔය සුද්දා තියාගෙන ඉන්න ගෑනි මේ ගේ හරියේ පස් පෑගුවොතින් මම නරක මිනිහා කියන්න එපා, රිමන් එකට ගියත් කමක් නැහැ මම ඔය බැල්ලිගේ මූනට එකක් දමලා අනිනවා කියා මූ පොලු කෑල්ලක් දොර මුල්ලේ තිබ්බේය​.  

ලංකෝනිස්ගේ යාලුවන් වන කමල්, මදාවි සෝමේ නිතරම් කිව්වේ   වත්තේ දොස්තර නෝනා කොහොමද උඹලගේ ලැයිම බලන්න එන්නේ ලැයිම අයිති උඹලටනේ, මේවා ඉස්සර උඹලගේ මුත්තගේ පරවේනි ඉඩම්. 

උඹලා වත්තේ දොස්තර නෝනා ආවම දොර වහගෙන හිටපල්ලා කියාය​. ලංකෝනිස් ගේ දුර නෑයෙක් වෙන ගුනදාස මහප්පා, දේවාලේ සිල්වා කපු උන්නැහේ හිටන් කීවේ ඔය නෝනට මෙහෙ එන්න දෙන්න එපා ඕකි මහ නූල් සූත්තරකාරියක්  කියලයි.

ඉරිදා හැන්දෑවක කොල්ලා, කමල් හා මදාවි සෝමේ ඉන්න තැන කාලක් දාගෙන හිටි
ලංකෝනිස් " අයේ කතා දෙකක් නැහැ මම මේකෙන් දෙකෙන් එකක් බේර ගන්නවා. සෝමේ අයියේ වත්තේ දොස්තර නෝනාට මම දොර අරින්නේ නැහැ මොකද උන් දොර කඩන්නද" කියා  ඇසුවේය.

මේක ඇසූ කොල්ලා
ලංකෝනිස් ගේ බෙල්ල බදාගෙන බුදු තාත්තේ උඹ මට ලබන ආත්මෙත් තාත්තා වෙන්න ඕනේ කියා ඇඩුවේය.

මදාවි සෝමේ "අන්න එහෙම වරෙන් මේ කන්කානියා උඹ නෝන්ජලයා සුද්දා නැති තැන සින්හයා වගේ කෑ ගහලා ඌ දැක්කම නැට්ට කකුල් දෙක අස්සේ ගහගන්නවා කියලා වත්ත වටෙ කිය කිය යනවා කියා සව්ත්තුවක් දැම්මේය​.

නෑ සෝමේ අයියා මම ගෑනි අනිද්දා ආවම හොඳවයි දෙකක් කියලා කියනවා බැහැපන් දොට්ට කියලා
ලංකෝනිස් සූර්පිට කිව්වේය. මම දැන් යනවා සුද්දගෙ බන්ගලාවට කියා සරම උස්ස ගත්තේය.

මේ
ලංකෝනිස් අයියා කාපු බීපු වෙලවට සුද්දගෙ බන්ගලාවට යන්න එපා තමුසේ හෙට උදේ  සී සී මහත්තය (යූ එන්) හම්බු වෙලා කියනවා වත්තේ දොස්තර නෝනාට එන්න එපා කියන්න කියලා " කැම්පස් කමල් ලංකෝනිස්ව නවත්වා ගත්තේය.

පහුවදා
ලංකෝනිස්  සී සී මහත්තයා හමුවී ඔලුව කසමින් සර් අපේ ලැයිමට යන පාරේ හරියට කූඩැල්ලෝ වත්තේ දොස්තර නෝනාට එන්න අමාරු වෙයි, ඒ නිසා අපි මේ ගමන නවත්තලා දාමුද කියා යාප්පුවෙන් ඇසුවේය​.

සී සී මහත්තයා
ලංකෝනිස් දෙස බලා " අයිසේ වට් ඉස් දිස්, මේ වැඩෙ හරියන්නේ නැහැ මම දැන් ටෙලිෆෝන් කරනවා ලොකු මහත්තයට, තමුසෙට මෙදා පාර පඩිත් නවත්වලා ලැයිමෙනුත් එලවනවා කියා  ගෝරනාඩු කලේය​.  

ලංකෝනිස් සී සී මහත්තයාට ඔලුව නවා අනේ සෑර් මම කිව්වේ දොස්තර නෝනාට එන්න එපා කියල නෙවෙයි. මේ අපේ ලැයිමට යන පාරේ වාහනයක් වත් ගන්න බැරි හින්දත් කූඩැල්ලෝ නිසාත් අපේ පවුලටයි නැන්දම්මටයි කියලා නෝනව උස්සගෙන ගියාට කමක් නැහ නේද කියලා සෑර් ගෙන් අහල දැනගන්න, අප්පේ නෝන එන එක අපිට කොච්චර නම්බුවක්ද , අපේ කොල්ලා ගේ උඩහින් තොරණකුත් ගහනවා කියා කීවේය​.

සුරගුරු
 
Related Posts with Thumbnails