Ads 468x60px

.

යාළුවෝ නිසා හොර නෝට්ටු මාරු කරන්න ගිහින්, නළු ප්‍රදීප් ඉන්දිකගේ නම ගෑවුණේ මෙහෙමයි.

යාළුවෙකුට රට අරක්කු 
ගන්න ඕනවෙලා...

රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසක මුදලක් 20දා රාත්‍රි හතට පමණ මහරගම තැපැල් කන්තෝරුව අසලදී මාරු කිරීමට යාමේදී ටෙලි නාට්‍යය නළුවෙකු වන ප්‍රදීප් ඉන්දික රත්නායක පොලිසිය විසින් අත්අඩංගුවට ත් පුවතක් වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ප්‍රදීප් ඉන්දික රත්නායක යනු ඉඳුවරී, සරා, ගෞතමී ටෙලි නාට්‍ය ඔස්සේ නළුවකු ලෙසිනුත්, බුද්ධික රඹුක්වැල්ලගේ වාදක කණ්ඩායමේ ගායකයකු ලෙසිනුත් දන්න කියන කෙනෙක් බවයි.

පසුගිය දිනවල ඉන්දික පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් රට පුරා පැතිරුණා. ඒ තමයි නළු ගායකයා හොර නෝට්ටු මාරු කරන්න ගිහින් මහරගම දී අත් අඩංගුවට පත්වුණා කියන පුවත. සොයා බැලීමේදී මේ සිදුවීම සමඟ ගෑවුණේ ඉන්දිකගේ නම.


යම් ප්‍රශ්නයකට මුහුණ දුන් අයෙක් කරන්නේ පළමුව තමන්ට එන දුරකථනවලට කතා නොකර මග හැරීමයි. එහෙත් ඉන්දික එහෙම කළේ නැහැ. මේ සිද්ධිය පිළිබඳ කතා කළා. ඔහු කියා සිටියේ නරක මිතුරන්ගේ ඇසුර නිසා තමන්ට මෙවැනි දෙයකට මුහුණ දීමට සිදුවුණු බවයි.

ඉන්දික බොහෝ අයව ආමන්ත්‍රණය කරන්නේ 'ලොකු අයියා’ කියා. ඒ ඔහුගේ සුහදත්වය අනෙකාට හඟවන විලාශයයි. ඒ සුහද කතා විලාශය මේ ප්‍රශ්නය අසන විටත් ඔහු තුළ තිබුණා. මේ ප්‍රශ්නයට ඉන්දික ගේ වචනවලින් කියනවා නම් මෙන්න මෙහෙමයි පිළිතුරු දුන්නේ.

"ලොකු අයියේ මගේ පවුලේ සියලු දෙනා පල්ලා මට මේවගේ දේවල් කරන්න වුවමණාවක් නැහැ. මේක දිග කතාවක්. කෙටියෙන්ම කිව්වොත් යාළුවෝ නිසයි මේ දේට මම කර ගැහැව්වේ. මේ සිද්ධියට දින කිහිපයකට පෙර මම හිටියේ කතරගම, වැඩසිටි කන්දේ. අපි එහෙ ගියේ දානයක් දෙන්න. මේ කටයුතු ඉවරවෙලා 19 වැනිදා තමයි කොළඹ ආවේ.

යාළුවෙකුට රට අරක්කු ගන්න ඕනවෙලා තැනක් ඇහැව්වා. ඉතින් පැලවත්තෙ මම හඳුනන කෙනෙක් ළඟට මගෙ යාළුවව යැව්වා, වගේම එයාට කෝල් කරලත් කිව්වා (නම කියන්නෙ නැහැ මම) මෙයා එයි විස්කි බෝතල් 5 ක් මෙයාට දෙන්න කියලා. මගෙ යාළුවා සල්ලි දීලා බොතල් පහක් අරන් තියෙනවා. ඒ මුදල් වල හොර සල්ලි තිබිලා.

පැලවත්තෙ යාළුවා හිතලා තියෙන්නේ මමත් දැනගෙන තමයි මේ හොර නෝට්ටු දීලා බීම ටික ගත්තෙ කියලා. ඔහු පොලිසියට ඔත්තුව දීලා තියෙනවා. හොර සල්ලි වැඩේට ඉන්දිකත් හවුල් කියලා. මෙන්න මෙහෙම තමයි මම මේ හොර නෝට්ටු වැඩේට පොලිසිය අත් අඩංගුවට ගත්තේ මම මේ වැඩේට ගෑවුණේ.

දැන් කොහොම වුණත් වෙන්න තියෙන දේ වෙලානේ. දැන් තනියම මේ ප්‍රශ්නයට මම මුහුණ දෙනවා. මොනදේ වුණත් වෙච්චදේ වුණා. කවුරු මොනවා කිව්වත්, ලිව්වත්, වෙච්චදේ දන්නේ මමනේ. කාට බොරු කළත් මොකටද? මගෙ හෘද සාක්‍ෂියට බොරු කරලා. ඉදිරියේදී වෙනදේ බලන් ඉඳිමු.

මට මේ ගැන දුකක් නැහැ.මොකද මම කවුද කියලා මම වගේම මගෙ පවුලෙ අය හොඳට මා කරන, කියන දේ ගැන දන්න නිසා. මට කියන්න තියෙන්නෙ යාළුවො ඇසුරු කරන කොට දෙපාරක් හිතන්න. හොඳට සොයා බලා ඇසුරු කරන්න කියලා මගේ රසිකයන් ගෙන් ඉල්ලා සිටින එක විතරයි.
 
Related Posts with Thumbnails