Ads 468x60px

.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පුත්, මහරගමදී සිසුවියක් පැහැර ගත් කතාවේ ඇත්ත මෙන්න...

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිටගේ සහ​ අනෝමා වැලිවිට ගේ පුතා වන එන්.ඒ. වැලිවිට මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කොට තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

හෙත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට මහතා පවසන්නේ පාසල් සිසුවිය පැහැර ගැනීමට තමාගේ පුතු ඇතුළු පිරිස උත්සාහ කළ බවට පැතිර යන කතාව සත්‍යයෙන් තොර වූවක් බවයි. ඔහු අප වෙත සම්බන්ධ වෙමින් කියා සිටියේ මේ සිද්ධියට මීට වඩා දිගු ඉතිහාසයක් ඇති බවයි. 

ඒ අනුව මෙසේ පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන සිසුවියගේ පියා වැලි මහින්ද නැමැති මැරයෙකුගේ දියණියක් බවද ඔහු හෙලි කළේ වැලි මහින්දගේ දියණිය හා හාදකමක් පවත්වනු ලබන සිසුවා රොහාන් වැලිවිට මහතාගේ නැගණියගේ පුත්‍රයාගේ මිත්‍රයෙක් බව පවසමින්

වැලිවිට මහතාගේ නැගණියගේ පුත්‍රයා මේ වන සිටින්නේ හෝමාගම රෝහලේ 4වැනි වාට්ටුවේ බව රොහාන් මහතා අප සමග පැවසුවා. ඔහු එසේ රෝහල් ගත කිරීමට හේතුවී ඇත්තේ වැලිමහින්ද විසින් ඔහුට නිවසට පැමිණෙන්න යැයි පවසා ඔහු නිවසට පැමිණි පසු දෑත් බැද පහරදීම නිසාය.

එසේ අදාල සිසුවාට සිසුවියගේ පියා පහරදෙන්නට හේතුවී ඇත්තේ එම සිසුවිය සාදයකදී තරුණයකු හා වැළදගෙන නර්තනයේ යෙදුනු බවට සිසුවියගේ පෙම්වතාට පවසා තිබීම නිසාය.

මහින්දගෙන් පහර කෑමට ලක්වූ සිසුවා හේමන්තගේ දියණියගේ පෙම්වතාගේ මිතුරෙකු බැවින් ඔහු ඒබව පවසා තිබේ. කෙසේවුද වැලිවිට මහතා පවසන පරිදි එසේ තම නැගනියගේ පුතුට පහරදුන් මහින්ද ඇගේ දියණියට වැද සමාව ගන්නා ලෙසද බලකර ඇත.

එසේ පහර කෑ සිසුවා, සිසුවියට වැද සමාවගන්නා අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝකර ගැනීමටද මහින්දගේ පාර්ශවය කටයුතු කර ඇත. පසුව මහින්ද විසින් පහර කෑ සිසුවා නැත්නම් වැලිවිට මහතාගේ නැගණියගේ පුතු මුදාහැර තිබේ.

පසුව ඔහු රොහල් ගතව ඇතත්, උසස් පෙළට පෙනී සිටීමට ඇති බැවින් සිසුවාගේ පියා බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගොස් තිබේ. පසුව උසස් පෙළ විභාගයට සහභාගිවීමට ගිය වැලිවිට මහතාගේ නැගණියගේ පුතු පාසලේ සිට නිවසට ගෙනඒමේ වගකීම පැවරී ඇත්තේ වැලිවිට මහතාගේ පුතාවන එන්.ඒ. වැලිවිට (27) හටය.

ඔහු අදාල සිසුවා සමග මෝටර් රථයේ පැමිණෙන විට වැලි මහින්දගේ දියණිය සිය පෙම්වතා සමග බස්රථයේ සිටිණු දැක ඇත.

පසුව එම බස් රඨය ලුහුබැද එයට නැගුණු වැලිවිට මහතාගේ පුතු වැලි මහින්දගේ දියණිය හා පෙම්වතාගෙන් තම නැන්දාගේ පුතු සිසුවියට වැද සමාවගත් ජායාරූප හෝ වීඩියෝ පටය ෆේස් බුක් සමාජ ජාලය වෙත මුදා නොහරින්නැයි ඉල්ලීමක් කර ඇති බව රොහාන් මහතා පැවසීය.

කෙසේවවුද ඉන් පසුව වැලි මහින්දගේ දියණිය සිය පියාට දුරකථන ඇමතුමක් දී ඇති බවත්, ඒ අනුව ක්‍රියාත්මක වූ වැලි මහින්ද 119 පොලිස් හදිස්සි අංශයට දුර කථන ඇමතුමක් ලබාදී කිසියම් පිරිසක් විසින් තම දියනිය පැහැර ගැනීමට හදන බව පවසා පොලිස් ගැටලුවක් නිර්මාණය කළ බව රෝහන් මහතා අප සමග කියා සිටියේය.

අදාල සිද්ධියට අනුව මහරගම පොලිසිය විසින් එන්.ඒ. වැලිවිට (27), එම්.ඩබ්. දේදුනුගේ(19), කේ ගනේවත්ත(18), එස් දේවානන්ද(18) හා ජී.එන් අබේවර්ධන(19) යන පිරිස අත් අඩංගුවට ගෙන පසුව පොලිස් ඇපමත මුදාහැර තිබුනා.


ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පුත් මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කරලා...
 
Related Posts with Thumbnails