Ads 468x60px

.

රජරට වකුගඩු රෝගය සහ කෘෂි විනය...

ලංකාවේ ගොවීන් කෘෂි රසායනික භාවිතා කරන අයුරු ඔබ දැක තිබේද.? අත් වැසුම් මුව වැසුම් නොමැතිව කුඹුරට කෘෂි රසායනික ඉසින ගොවියා ඉන් පසුව වැවට ගොස් කෘෂි රසායනික ටැන්කිය සෝදයි.

කෘෂි රසායනික භාවිතය පිලිබඳ විනය නොමැති ලංකික ගොවියන් දැන් තමන්ගේ ක්‍රියා කලාපය නිසා මරුවා සමග ජිවත් ජීවත් වෙති. මුලින්ම වකුගඩු රෝගය හඳුනා ගැනෙන්නේ වයස අවුරුදු 40 වැඩි පුද්ගලයන්ගෙනි. 

බහුතරය සියයට 70-80ක් පිරිමිය. මේ අය අතර එක දිගට කෘෂිකර්මාන්තයේ නියැලූණු පිරිස්, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කළ අය වූහ. එහෙත් ඒ වයස් සීමාව වයස අවුරුදු 12, 18, 30 දක්වා දැන් අඩුවී තිබේ.

අඩසියවසක්‌ පුරාවට මෙරට මහ පොළවට වක්‌කරන ලද කෘෂි රසායනවල පවත්නා රසායනික විෂ කාරකයන් වන ආසනික්‌, රසදිය වැනි දේ භූගත ජලයට මුහුවී තිබීමේ හේතුවෙන් එම විෂකාරක මුහුවූ ජලය කාලයක්‌ තිස්‌සේ පානය කිරීම හේතුවෙන් රජරට ජනතාව වකුගඩු රෝගයට බිලිවන බව ලෝක විද්වතුන්ගේද, ලෝක සෞඛ්‍ය සංවිධානයේද පිළිගැනීම වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රජරට වකුගඩු රෝගය පිළිබඳ කර ගෙන යන පර්යේෂණ කණ්‌ඩායම් දහයක නිගමන අනුව රජරට ජනතාවගෙන් 15.5% කට මේ වනවිට වකුගඩු රෝගය වැළඳී තිබේ. 


මේ අතර රජරට පැතිරී ඇති වකුගඩු රෝගය ඌව දකුණු පළාත් වලටත් පැතිර යාමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥවරු පවසති. මේ වන විට වකුගඩු රෝගීන් 20000ක් පමණ මිය ගොස් තිබේ. 

රජරට වකුගඩු රෝගයට නාථ දෙවියන්, ජෛව ත්‍රස්ථවාදය, බහු ජාතික කොම්පැනි,  ප්‍රලාප කියමින් සිටිනවාට වඩා ලංකාවේ ගොවීන්ට කෘෂි විනය උගන්වා තිබුනේ නම් මේ විනාසය වලකා ගැනීමට තිබුනි.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails