Ads 468x60px

.

ෆිනෑන්ස් ගෙවීමට බිරිද ගණිකා වෘත්තියේ යෙදවූ සැමියාගේ කතාවේ ඇත්ත මෙන්න...

තම වෑන් රථයට ෆිනෑන්ස් ගෙවීම සදහා මුදල් නොමැති වීම හේතුවෙන් ආදරණීය බිරිද ගණිකා වෘත්තියේ යෙදවූ සැමියෙකු පිළිබද පුවතක් වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අදාළ තරුණිය මහනුවර තෙල්දෙනියේ පදිංචි කාරියක වන අතර ඇයගේ සැමියා අදාළ වෑන් රථය මිලට ගෙන ඇත්තෙ වාරික වශයෙන් ගෙවීමේ පදනම යටතේ බවයි. කෙසේ නමුත් වෑන් රථයෙන් ආදායමක් නොලැබුනු පසු වෙනත් කිසිදු ආදායමක් නොමැති වූ විට තම බිරිදට යොජනාවක් කරන සැමියා මෙම රැකියාව තෝරාගැනිමට බලකොට තිබෙනවා.

අකැමැත්තෙන් නමුත් තම සැමියාගේ ඉල්ලීම ඉටුකිරීමට ගණිකා වෘත්තිය තෝරාගන්නා මේ බිරිද කලුතර පනන්විල පිහිටි මෙම නවාතැන් පොලට පැමිණ වෑන් රථයට වාරික ගෙවීමට ආරම්භ කර ඇති බව ඇය පොලීසියට පවසා තිබෙනවා

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

“මම මාළු මුදලාලි කෙනෙක් ළඟ වැඩකළා. ලොරියක් අරගෙන මාළු බිස්නස් කරන්න ඕනේ කියලා මට හිතුණා. මගේ අතේ තිබුණු සල්ලිත් දාලා මම “ෆිනෑන්ස්” කරලා ලොරියක් අරගත්තා. මම හිතපුතරම් බිස්නස්
සරු වුණේ නැහැ. එන්න එන්නම බිස්නස් එක වැටුණා. මාස පහකින් විතර “ෆිනෑන්ස්” එක ගෙවාගන්න බැරිවුණා.”

“මගේ ලොරිය “ෆිනෑන්ස්” එකෙන් උස්සන නිසා ඒක කොහේහරි හංගන්න ඕනේ කියලා මම හිතුවා.” “මම දන්න කෙනෙක් කළුතර හෝටලයක වැඩ කළා. මම වැටිලා ඉන්න අමාරුව ගැන එයාට කිව්වා.


එයා කිව්වා ලොරිය හෝටලයේ හංගලා ඔයගොල්ලොත් හෝටලයේ වැඩ කරන්න එන්න කියලා. ඊට පස්සේ මම මගේ පවුලට විස්තරේ කිව්වා. ලොරිය නැතිවෙයි කියලා මගේ අදහසට එයත් කැමති වුණා.”

“අපේ ළමයි තුන්දෙනාව අම්මා ළඟ දාලා අපි ලොරිය අරගෙන කළුතර හෝටලයට ආවා. අපි හෝටලයේ නැවතිලා හිටියා. ඒ අතරතුර රස්සාවක් හෙව්වා. ඒ හෝටලයට මිනිස්සු ගැහැනුන්ව අරගෙන එනවා.”

“ඔය කිසිම දෙයක් ඕනේ නැහැ, මේ වැඩේ කළානම් මාස දෙකෙන් තුනෙන් ගොඩයන්න පුළුවන් කියලා හෝටලයේ ඉන්න මගේ යාළුවා කිව්වා.” “මටත් කරන්න දෙයක් ඉතුරුවෙලා තිබුණේ නැහැ. මම මගේ පවුලට විස්තරේ කිව්වා. 


එයා මුලින්ම අකමැති වුණා. ඊට පස්සේ හිත හදාගෙන කැමැති වුණා. මගේ යාළුවා මිනිස්සු හෝටලයට ගෙනැල්ලා දුන්නා. ඊට පස්සේ මගේ පවුල ඒ මිනිස්සුත් එක්ක එකට හිටියා.”

මේ පුදුම සහගත කතාවක පටන් ගැන්මකි. තම බිරියව වෙනත් පිරිමින්ට විකුණන සැමියන් පිළිබඳව අපි ඇතැම් විට අසා ඇත්තෙමු. ඒ බොහෝවිට මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ය. එහෙත් මේ සැමියා එවන් අයකු නොවේ. ඔහු තම බිරිය වෙනත් පිරිමින්ට මුදලට විකුණුවේ තමන් විසින් මිලට ගත් ලොරිය වෙනුවෙන් ගෙවිය යුතු හිඟ “ෆිනෑන්ස්” වාරික ගෙවීම සඳහා ය.

පුදුම සහගත මෙම සිදුවීමේ සුලමුල හෙළිවන්නට වූයේ කළුතර කොට්ඨාස ළමා හා කාන්තා සුබ සාධක අංශය විසින් කළ වැටලීමකදී අත්අඩංගුවටපත් අඹුසැමි යුවළකගෙනි. පසුගිය දිනෙක කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ මහතාට නිර්නාමික ලිපියක් ලැබිණි.

කළුතර පන්විල ප්‍රදේශයේ පවත්වාගෙන යන “ගෙස්ට් හවුස්” එකක ගණිකාවන් නතර කරගෙන සිටින බවත්, දිනපතාම නාඳුනන පිරිමින් එම ස්ථානයට පැමිණෙන බැවින් පාරේ යන එන තම දියණියන්ගේ ආරක්ෂාවටද එය තර්ජනයක් වී ඇති බවත්, පොලිසිය මේ පිළිබඳ සොයා නොබලන්නේ ඇයිද යන්නත් එම ලිපියේ සඳහන්ව තිබිණි.

ලිපිය කියවා බැලූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කොට්ඨාස ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි මල්කා තුෂාරී කැඳවා මෙහි ඉදිරි විමර්ශන කටයුතු ඇයට පවරනු ලැබූවේ ගතයුතු අවශ්‍ය පියවරද පහදා
දෙමිනි. මල්කා පළමුව මෙහි ඇත්ත නැත්ත සොයා බලන්නට වූයේ ඇය දන්නා හඳුනන ත්‍රීවිල් රියැදුරකුගෙනි.

“කතාව ඇත්ත මිස්, වැඩේ ජයටම යනවලු. අපේ පාර්ක් එකෙත් දෙන්නෙක් තුන්දෙනෙක්ම එතැනට ගිහින් තියෙනවා.” එතැන් සිට ක්‍රියාත්මක වූ මල්කා අදාළ හෝටලය වැටලීම සඳහා පිඹුරුපත් සකස් කළාය. කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගත් පොලිස් පරීක්ෂකවරිය රුපියල් දහසේ නෝට්ටු පහක් අතට ගෙන එහි තම අත්සන තැබුවාය.

උපාය දූතයකු ලෙස පොලිස් කොස්තාපල්වරයකු සූදානම් කර ගත් ඇය අත්සන් කළ මුදල් නෝට්ටු ඔහු අතට දී හෝටලයට ගොස් එහි සිටින කාන්තාවක් වෙන් කර ගන්නා ලෙස උපදෙස් දුන්නාය. කොස්තාපල් වරයා ත්‍රිවිලරයක නැගී හෝටලයට ගියේය. ඔහු එහි සිටි කළමනාකරු හමුවූයේය. “දැනට ඉන්නේ එක්කෙනයි, හැබැයි පන්දාහක් වෙනවා.”කළමනාකරු කීවේය.

“ඒකට කමක් නැහැ.” උපාය දූතයා මුදල් ගෙවා කාන්තාව සමඟ කාමරයට ගියේ කාටත් තමා ගැන සැකයක් නොසිතෙන ආකාරයටය. ටික වේලාවකින් මඟ සිටි ස්ථානාධිපතිනි මල්කා ඇතුළු පිරිස හෝටලයට ඇතුළු වූහ.

“අපිට කාමර සර්ච් කරන්න ඕනේ...” ස්ථානාධිපතිනිය කීවාය. “උසාවි නියෝගයක් නැතිව හෝටලය සර්ච් කරන්න දෙන්න බැහැ.” හෝටල් කළමනාකරු සද්දයක් දැම්මේය. මල්කා තම අත තිබූ සෝදිසි වරෙන්තුව කළමනාකරු අතට දුන්නේ මුවඟට සිනහවක් ද නඟමින්ය. ඒ සමඟම කළමනාකරුගේ කට වැසී ගියේය.

උපාය දූතයා සමඟ කාමරයේ සිටි කාන්තාව අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරිය තරුණ කාන්තාවද පොලිස් ජීප්රියට නංවා ගත්තාය. “අනේ මැඩම් මේ මගේ නෝනා, මෙයාව ගෙනියන්න එපා. අපි ලොකු අමාරුවක වැටිලයි ඉන්නේ... ඒක නිසා තමයි මේ වඩේ කරන්න පටන් ගත්තේ...”

හෝටලය තුළ සිටි අයකු ජිප්රිය එක ළඟට දිවවිත් එසේ කියමින් බැගෑපත් වන්නට වූයේය. “මොනවා... මේ තමුන්ගේ වයිෆ්... තමුන් පුදුම ස්වාමිපුරුෂයෙක්නේ...” දෙදෙනාව ම ජීප්රියට නංවාගත් පොලිස් පරීක්ෂකවරිය ඔවුන් දකුණු කළුතර පොලිසියට රැගෙන ගියාය.

වැටලීමේ සාර්ථකත්වය පිළිබඳ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුම්වත් කළ මල්කා පසුව දෙදෙනාම තම අංශයට රැගෙන ගොස් ප්‍රශ්න කරන්නට වූවාය. “මම නරක වනචර ගෑනියෙක් නෙමෙයි නෝනා. කරන්න දෙයක් නැතිකමට තමයි මේ වැඩේට කැමති වුණේ.


අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ අය මහගෙදර නතර කරලයි ආවේ. හෝටලයේ අය තමයි මිනිස්සු ගෙන්නලා දෙන්නේ. එක්කෙනෙක් එක්ක හිටියම මට රුපියල් දාහක් දෙනවා. හෝටලයේ අය කීයක් ගන්නවද කියලා මම දන්නේ නැහැ.”

“හැමදාම මේ වැඩේ කරන්න හිතුවේ නැහැ. ලොරියේ සල්ලි ටික ගෙවනකන් මේ වැඩේ කරමු කියලයි මහත්තයා කිව්වේ.” “අපි ආයෙත් මේ වැඩ කරන්නේ නැහැ. අපේ ළමයි දැනගත්තොත් ලැජ්ජාවට මොනවා
කරගනීද දන්නේ නැහැ. 


අපිටත් සමාජයට මුහුණ දෙන්න බැරිව යනවා. අපේ දරුවෝ ගැනයි අපි ගැනයි හිතලා අපිට යන්න දෙන්න නෝනා...” ඇය හඬා වැළපෙමින් කියන්නට වූවාය. මොවුන් මධ්‍යම පළාතේ පදිංචි අඹුසැමි යුවළකි.

“තමුන්ගේ තරම දැනගෙන වැඩ පටන් ගත්තා නම් ඉවරයිනේ... ලොරියක් අරගෙන මාළු විකුණන්න කලින් බයිසිකලයක් අරගෙන මාළු විකුණන්නනෙ තිබුණේ... ලොකු වැඩ කරන්න ගියාම මිනිස්සු අමාරුවේ වැටෙනවා...”

“තමුන් අමාරුවේ වැටුණ කියලා ගෑනිව මිනිස්සුන්ට විකුණලා හරියනවද? තමුන් තමන්ගේ ගෑනිට වැඩිය ලොරියටනේ ආදරේ කරල තියෙන්නේ.” මල්කා දෙදෙනාවම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ළඟට රැගෙන ගියාය.

ඇය සියල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ කියාගෙන ගියාය. ඔහුට ද මේ සිදුවීම පුදුම සහගත විය. “තමුසේ පිරිමියෙක් ද මිනිහෝ... සල්ලි නැත්තම් වෙන මොකක් හරි රස්සාවක් කරන්න තිබුණා නේද?


ගෑනිව විකුණගෙන සල්ලි හොයල හරියනවද? සමහර පිරිමි තමුන්ගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක හිනා වෙනවට වත් අකමැතියි. තමුසේ... ගෑනිව වෙන මිනිහෙක්ට විකුණලා කාමරේ ළඟට වෙලා බලාගෙන ඉන්නවා. පිරිමියෙක් වගේ හැසිරෙනවා, ”

හෝටලයට පැමිණෙන අයට ඇය විකුණා ඇති හෝටල් හිමිකරු එක් පිරිමියකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගෙන ඇති අතර කාන්තාවට දී ඇත්තේ රුපියල් දහස බැගින් බවද පරීක්ෂණ වලදී හෙළිවිය. සියලුදෙනාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යෙදුනේ ඉන් පසුවය.

 
Related Posts with Thumbnails