Ads 468x60px

.

ඩයලොග් ක‍්‍රිකට් සම්මාන රාත්‍රියේදී සුනිල් පෙරේරා මඩ ගැසූ ලොක්කන්ගේ ඇස් රතු වෙලාලු (වීඩියෝ)


සුනිල් පෙරේරාගෙන් නැවතත් ආන්දෝලනාත්මක ඉදිරිපත් කිරීමක්

පුස් වෙඩිල්ලෙන් ක්‍රිකට් ආයතනයට අසාධ්‍යයි!

ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා රාජකීය විදුහලේ පැවති උත්සවයකදී නිරුවත් නිරූපිකාවන් සමඟ නර්තන යේ යෙදීම ඇතුළු ආන්දෝලනාත්මක සංගීත වැඩසටහන් කිහිපයක්ම කලින් කලට ඉදිරිපත් කලා ඔබට මතක ඇති.

ඊට සමගාමීව පසුගියදා පැවති ඩයලොග් ක‍්‍රිකට් සම්මාන ප‍්‍රධානෝත්සවයේදී තවත් එවැනිම ආකාරයේ සංගීත වැඩසටහනක් සුනිල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කල පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පුස් වෙඩිල්ල නම් තවත් හාස්‍යයෝත් පාදක අයිතමයක්ද මේ සම්මාන උළෙලට ඇතුළත්ව තිබූ අතර සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද මෙම හාස්‍යයෝත් පාදක අයිතමයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උණුසුම් වී ඇති බවයි.

එම අයිතමයන් මගින් ආණ්ඩුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හාස්‍යට ලක්කළේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියාට ආණ්ඩුවේ ඉහල අයකු විසින් බැනවැදීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙනවා.

මේවායින් මෑතකදී සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධිය වූ රතුපස්වල සිද්ධිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කිමිටු සභාපති සනත් ජයසූරිය, මෙන්ම ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ජයන්ත ධර්මදාසද එහි ලේකම් නිශාන්ත රණතුංග හාස්‍යට ලක් කර තිබුනා. ඔහු එහිදී රජයේ ප‍්‍රධානීන් මෙන්ම ක‍්‍රිකට් ආයතන ප‍්‍රධානීන්ද දැඩිව උපහාසයට ලක් කලා.


එහි තවත් විස්තර පහතින්.


වීඩියෝව පහතින්
 
Related Posts with Thumbnails