Ads 468x60px

.

බුදුන්ගේ තට්ටම නමින් ඕස්ට්‍රේලියාවේ ඉටිපන්දම් සමාගමක් - බොදු බල සේනාවට ඔත්තුවක්.


හිමිකාරියගේ බලු 
පැටියාට බුද්ධා 
කියලා නමකුත් 
දාලාලු...

බල්ලා මරනවාද 
ගෑනි මරනවාද...

බුදු තට්ටම නැතිනම් බුදු නිතඹ (Buddha Bum) යන තේරුම ඇති ඉටිපන්දම් නිෂ්පාදන සමාගමක් ඕස්ට්‍රෙලියාවේ පිහිටා තිබෙනවා. 

මෙය ඕස්ට්‍රේලියාවට අමුත්තක් නොවුවත් බුදුන්ට පරම අයිතිවාසිකම් කියන බුදුන්ගේ අප්පචිලා වී සිටින ශ්‍රි ලාංකීය දූපත්වාසී සිංහල බෞද්ධයන්ට නම් මේක මූලග්ගාය සැදීමට තරම් නිව්ස් එකකි. 

එහෙත් මේ වන තුරුත් මේ ආයතනය ගැන වගේ වගක් නැත්තේ ඇයිද යන්න අප නොදනිමු. මේ ආයතනය පිහි‍ටුවා ඇත්තේ 2008 වසරේදීය.

මෙහි සුවඳ විලවුන් වර්ග ඉටිපන්දම් ආශ්‍රිත නිෂ්පාදයන් සිදු කරන අතර මෙහි හිමිකාරිය ලීසා ගුඩ් ඉයර් (Lisa Goodier) නම් කාන්තාවකි.

මෙය 2008 වසරේ පිහි‍ටුවාවු සමාගමක් වුවත් කිසිදු බාධාවකින් තොරව එය තවමත් පවත්වාගෙන යයි. විටින් විට එරට බෞද්ධයන් කිහිප දෙනෙකු මේ ගැන කන් කෙදිරි ගෑවද ඉන් වැඩක් වී නැත.

මේ නිසා බොදු සේනාවන් ‍රැස්කර ඕස්ට්‍රේලියාවට වඩම්මවා සුපුරුදු ක්‍රමවේදය අනුව නම් මේ කඩේ ගිනි තැබීම කළ යුතුව තිබේ. තැන මෙතනය.


Factory 3, 79-81 Rebecca Drive
Deer Park VIC, 3023 Australia

අනෙක් කතාව නම් මෙහි හිමිකාරියගේ නිවසේ වැඩෙන බලු පැටවුන් තිදෙනාගෙන් එක් අයෙකුට නම තබා ඇත්තේද බුද්ධා යනුවෙනි. බල්ලා මරනවාද ගෑනි මරනවාද යන්නද බොදු සේනාවේ තීරණයකි.


 
Related Posts with Thumbnails