Ads 468x60px

.

තරුණියක් නිවෙසකට රැගෙන ගොස් බලෙන් ඇඳුම් ගලවා නිරුවත් කර වීඩියෝ කරලා...


ඇඳුම් ගලවා 
පින්තුරත් අරන්...

අරකට අකැමැති නම් 
නිරුවත් ෆොටෝ 
ඉන්ටනෙට් දානවා 
කියලා.. 

හබරාදුව, තල්පේදී එක්දරු මවක් රවටාගෙන ගොස් තල්පේ නිවෙසකදී ලිංගික අපචාර සිදුකළ සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා සොයන්නට හබරාදුව පොලිසිය හා ගාල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය මඟින් පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බැලූ අපිට දැන ගන්නට ලැබුණා පසුගිය 10 වැනි දින මෙම කාන්තාව ගාල්ලේ සිට පාසල හමාර වී බසයෙන් පැමිණ සිය දියණිය සමඟ නිවෙස බලා යෑමට හබරාදුව පලටුගහ හන්දියේ පැමිණ තිබෙන බව.

එහිදී ත්‍රිරෝද රථයකින් පැමිණි වයස අවුරුදු තිහක් පමණ වෙතැයි කියන ත්‍රිරෝද රථ රියැදුරකු කැමැත්තෙන්ම මෙම මව හා දියණිය රථයට ගොඩ කරගෙන කාන්තාවගේ නිවෙස තෙක් රැගෙන ගොස් තිබෙනවා.

රථයෙන් නිවෙස දක්වා ගමන් කරන අතරතුර කාන්තාව හා රියැදුරු අතර සුහද කතාබහක් ඇතිව තිබෙනවා. මේ අතර අදාළ කාන්තාව පවසා ඇත්තේ තම සොහොයුරියට විදේශ රැකියාවක් ලබාදීමට හැකිද යන්නයි.


විදේශ රැකියාවක් ලබාදීමට හැකියාව ඇති බව මෙහිදී පවසා ඇති අදාළ සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා බදාදා දින ගාල්ල බස් නැවතුම්පොළට පැමිණෙන ලෙස ඇයට දන්වා තිබෙනවා.

මේ අනුව අදාළ කාන්තාව ගාල්ල බස් නැවතුම්පොළට පසුගිය 11 වැනි දින ගිය පසු මෙම රියැදුරු ගාල්ල, තල්පේ ප්‍රදේශයේ නිවෙසකට මෙම කාන්තාව කැඳවාගෙන ගොස් කාමරයක දමා බලහත්කාරයෙන් මෙම කාන්තාවගේ ඇඳුම් ගලවා අසැබි ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙන්වා
තිබෙනවා

මේ අතර මේ කාන්තාවගේ නිරුවත් ඡායාරූපද ගෙන ඇති සැකකාර රියැදුරු කාන්තාවගේ නිරුවත් දර්ශනද වීඩියෝ කර තිබෙනවා.

තමාගේ කැමැත්තට අනුව කටයුතු කිරීමට අකැමැති වන්නේ නම් මෙය අන්තර්ජාලයට නිකුත් කොට ඥාතීන්ටද, පොලිස් සේවයේ නියුතු මෙම කාන්තාවගේ ස්වාමියාටද සී.ඩී, ඩී.වී.ඩී. පට ලබාදෙන බවට බියපත් කර මරණීය තර්ජනය කර කිහිප වතාවක්ම මෙම සැකකාර රියැදුරු මෙම කාන්තාව දූෂණය කර ඇතැයි ගාල්ල පොලිසිය අප වෙත පැවසුවා.

හෝඩුවාවන් රැසක් ඔස්සේ හබරාදුව, තල්පේ ප්‍රදේශයේ නිවෙස හා රියැදුරුගේ හැඩරුව ආදිය සමඟ තොරතුරු රැසක් ඔස්සේ සැකකාර ත්‍රිරෝද රියැදුරු සොයන්නට ගාල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය හා හබරාදුව පොලිසිය එක්ව පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසිය පවස
නවා.
 
Related Posts with Thumbnails