Ads 468x60px

.

ගැහැනු කොටට ඇන්දම පිරිමි කුලප්පු වෙන හේතුව පබා පැහැදිලි කරයි...

ඒක පිරිමින්ට 
ලැබෙන තවත් 
චාන්ස් එකක්

කාන්තා හිංසනය ගැන කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණ මාලි ගැහැනු කොටට ඇන්දම පිරිමි කුලප්පු වෙන හේතුව පබා පැහැදිලි කරන අයුරු පහතින්. 

කාන්තාවන් අනවශ්‍ය ලෙස අඟපසඟ පෙනෙන අකාරයට ඇඳුම් ඇඳීමෙන් අතවරයට ලක්වෙනවා කියන අදහස ඔබ පිළිගන්නවාද?
 
ඒ කතාවේ යම් සත්‍යතාවයක් තිබෙනවා. නමුත් කාන්තාවන් කොටට ඇන්දැයි කියලා පිරිමි පාර්ශ්වය හැඟීම් උද්දීපනය කරගත යුතු නැහැ. සත්තු තැන් තැන්වල ජරා කලාට මිනිස්සු ශරීරකෘත්‍ය කරන ක්‍රමයක් තියෙනවා. සතෙක් වගේ හැසිරෙන්න බැහැ.
 


පොදු මගී ප්‍රවාහන සේවාවන්හිදී ස්ත්‍රීන් මුහුණ දෙන අතවරවලට පිළියමක් විදිහට කාර්යාලීය වේලාවන්වලදී කාන්තාවන් වෙනුවෙන් වෙනම බස් රථ සේවාවක් හඳුන්වා දීම සැලකිය හැකිද?

වෙනම බස් රථ සේවා ඇති කරනවාට වඩා ජී. පී. එස් තාක්ෂණය යොදාගෙන 3ජී කැමරා සවිකරනවා නම් මෙයට වඩා මගී සේවාවලදී කාන්තාවන්ට සිදුවන අතවර පාලනය කළ හැකියි.

ගබ්සාව නීතිගත කිරීමේ අදහස ගැන ඔබේ යෝජනාව කුමක්ද?

මොන අර්ථයෙන් බැලුවත් ‍මේක මිනීමැරුමක්. පාපයක්‍.

පසුගිය කාලයේ ඒ සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශය පනතක් ගෙන ඒම ගැන අවධානය යොමුකර තිබුණා නේද?

ඒ පනත ගබ්සාව නීතීගත කිරීම සඳහා ගෙනා පනතක් නොවෙයි. විශේෂිත තත්ත්වයක් යටතේ පමණක් ගබ්සාවට ඉඩදීම ගැන මෙම කෙටුම් ප‍තෙන් යෝජනා කර තිබුණා. නමුත් සමාජයට ගියේ වැරදි අදහසක්.

පනත් කෙටුම්පතේ විශේෂිත තත්ත්වයක් හැටියට දක්වා තිබුණේ මොනවාද?

අපේ සංස්කෘතියට අනුව සමීප ඥ‍ාතීන් අතර සිදුවන ලිංගික සබඳතා ව්‍යභිචාරයක් හැටියට සලකනවා. එවැනි සබඳතාවලින් බිහිවන දරුවන් සමාජයේ කොන් කිරීමට ලක් වෙනවා. 


ඒ නිසා එවැනි අවස්ථාවලදී ගබ්සාවට ඉඩදිය යුතු යැයි යෝජනා කර තිබුණා‍. බිහිවීමට නියමිත ජීවියාට ජන්මගත රෝගයක් තිබේ යැයි හඳුනාගෙන තිබේ නම් එවැනි අවස්ථාවලදී මෙම කෙටුම්පතින් ඉඩදීමටත් යෝජනා කෙරෙනවා.

විශේෂිත තත්ත්වයන් යටතේ පවා ගබ්සාවට ඉඩ නොදිය යුතු යැයි ඔබ සිතනවාද?

දූෂණයට ලක්වන කාන්තාවන් ට විශාල පීඩාවකට මුහුණ දීමට සිදුවෙනවා. නමුත් ගබ්සාව එයට විසඳුමක් නෙවෙයි. එයින් සිදුවන්නේ ගැටලුවෙන් එක්තරා ආකාරයකින් පලා යාමක්. 


අනිත් අතට ඒ පදනම මත ගබ්සාවට ඉඩ දුන්නොත් ස්ත්‍රී දූෂණ තවත් වැඩි වෙන්න පුළුවන්. මොකද එවැනි දෙයට පෙලඹෙන පිරිමින් ඔවුන්ට ලැබෙන තවත් චාන්ස් එකක් විදිහට මේක සලකන්න පුළුවන්. 

නමුත් ජන්මගත ආබාධයකින් පෙළෙන සුවනොකළ හැකි රෝග පිළිබඳ අවස්ථාව සංකීර්ණව කල්පනා කළ යුතුයි. ඔවුන් විශාල පීඩාවක් සුව කළ නොහැකි රෝග නිසා විඳිනවා. මම කල්පනා කරන්නේ එවැනි අවස්ථාවකදී ගබ්සාවට ඉඩදීම සාධාරණයි.

ඔබ නිරතව සිටින නිරූපණ ක්ෂේත්‍රයට මේ තත්ත්වය අදාළ වෙන්නේ කොහොමද?

රංගන ශිල්පීන්ට නිර්මාණයේ අවශ්‍යතාවය මත ඇඟ නිරාවරණය වන ආකාරයේ මෝස්තර කරන්න සිදුවෙනවා. නමුත් එවැනි තත්ත්වයක් යටතේ පවා සමාජයේ අහිතකර ප්‍රතිචාරයන්ට ලක්වීමට සිදුවෙනවා.
 
Related Posts with Thumbnails