Ads 468x60px

.

සිරස සුපර් ස්ටාර් ශානිකා, අර්ජුණ හා ශානිකාගේ පරණ පෙම්වතා?


මට තවත් කතාවක් 
හදල 
තියෙන්නේ...

සිරස සුපර් ස්ටාර් තෙවන වටයේ ජයග්‍රාහිකාව වූ ශානිකා මධුමාලි හා එම තරඟයේම තරඟකරුවෙකු වූ අර්ජුන රූකාන්ත සමග ප්‍රේම සම්බන්ධයක් පවතින බව පසුගිය කාලයේ මාධ්‍යය ඔස්සේ වාර්තා වුනා.

ශානිකා මධුමාලි හට සුපර්ස්ටාර් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 10 ක් මුදලි ලැබුන අතර ඇයගේ හිතමිතුරන් විසින් වංචාකාරී ලෙස ඇයට ලැබුණු මෝටර් රථය විකුණා මුදල් ලබාගෙන තිබෙනවා.

කෙසේ නමුත් සුපර් සටාර් ජයග්‍රහණයෙන් අනතුරුව ඇගෙන් බොහෝ දේවල් අගේ ඥාතින් බලාපොරොත්තු වුවද ලක්ෂ 10 කින් එම සියල්ලම ඉටු කල නොහැකි හේතුවෙන් ඥාතීන් ද දුරස් වී
තිබෙනවා.

මේ අතර ඇයගේ පෙම්වතා කියන බව පුද්ගලයෙක් ශානිකා සමග සිටින ජායාරූප අන්තර්ජාලයට එක්කර අතර ඇය ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කලා.

කෙසේ නමුත් අර්ජුන රූකාන්ත සමග ඇති සම්බන්ධතාවය පිලිබඳ ශානිකා පවසන්නේ මෙවැන්නක්


අනේ ඕව ගැන මට හිතන්නවත් වෙලාවක් නැහැ. මට තව කතාවක් හදල තියෙන්නේ. තව සම්බන්ධෙකුත් තියනවා කියල. අනේ ඇත්තටම මට ඒවා වැඩක් නැහැ.

ඒ සම්බන්ධව අදහස් දක්වන අර්ජුන රූකාන්ත
එහෙම දෙයක් අපි අතරේ නැහැ.මං ඕක කීප විටක්ම අහල තියෙනවා.අපි එකට සින්දු කියනවා තමයි.නමුත් අපි හොඳ යාළුවො.මම ශානිකාට ආදරෙයි.අපි හොඳ යාළුවො විතරයි.


 
Related Posts with Thumbnails