Ads 468x60px

.

පන්නල ස්ලිම් ලයින් එකේ ඉන්දිකගේ බිරිඳ කීන වලදී දරු දෙදෙනා සමඟ දුම්රියට පැන්න හේතුව


අම්මා කිව්වා 
මගෙන් පුතාල 
කන අවසාන 
දවස කියලා...

වේයන්ගොඩ කීනවල දී පසුගියදා දියණියන් දෙදෙනා සමඟින් දුම්රියට පැන සියදිවි නසාගත් මංජුලා එරන්දි නැමැති කාන්තාව පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඇයගේ සියදිවි නසා ගැනීම පිළිබඳව දැන් දැන් සියලු විස්තර අනාවරණය වෙමින් තිබෙන අතර ඇය විසින් "මූසල රාත්‍රිය" නමින් ලිපියක්‌ ද ලියා හිමිදිරියේ තම දරු දෙදෙනා ද සමඟ නිවසින් පිටවී තිබෙනවා.

එහි සියලු විස්තරපහතින්.

මවක්‌ තම දරු දෙදෙනා ද සමඟ ඉකුත් දිනක කීනවල දුම්රිය ස්‌ථානය ආසන්නයේදී යාල්දේවී දුම්රියට පැනීමෙන් සිදු වූ ඛේදනීය සිදුවීම අප රටේ පමණක්‌ නොව සකලවිධ ජනී ජනයාගේ හදවත් කම්පා කරවන්නක්‌ විය. 

එම අවාසනාවන්ත සිදුවීමෙන් තිස්‌ දෙහැවිරිදි එරන්දි ප්‍රියකාන්ති නමැති මවගේ සහ උත්පලා ජයකාන්ති නමැති දෙහැවිරිදි පුංචි කිරිකැටියාගේ ජීවිතය උදුරාගන්නට හැකි වුවද නව හැවිරිදි සඳමිණි ජයකාන්ති පුංචි සමනලියගේ ජීවිතය උදුරාගන්නට නොහැකි විය.

මීට වසර එකොළහකට ඉහතදී මවටත්, පියාටත්, අයියාටත් හොර රහසේ නාරම්වල මැටියගනේ පිහිටි තම නිවසින් පිටමන් වන එරන්දි තම පණ දෙවැනි කොට ආදරය කළ ඉන්දික නීල් ජයසිංහ සමග ඔවුන්ගේම ලෝකයක තනිවෙයි. 

මෙයින් දින කිහිපයකට පසුව ඉන්දික සහ එරන්දිගේ විවාහය සිදුවේ. එදින මුළු ලෝකයම ජයගත්තා යෑයි ඔවුන් දෙදෙනාටම සිතෙන්නට ඇත. කාලය මෙසේ ගෙවී යද්දී දෙදෙනාගේ ආදරය දින දින දලුලා වැඩෙන්නට විය. 

එම ආදරයේ ප්‍රතිඵලයක්‌ ලෙස වසර නවයකට ඉහතදී මේ ඛේදනීය කතාවේදී ජීවිතය බේරාගැනීමට වාසනාව හිමිකරගත් සඳමිණි ජයකාන්ති පුංචි සමනලිය මෙලොවට ජනිත වෙයි. 

ඉන්දිකගෙත් එරන්දිගෙත් කැදැල්ල මේ තුළින් තව තවත් ලස්‌සන වන්නට විය. මේ පුංචි සුරතලිය වත්ත පුරා වැටි වැටී ඇවිදින කාලය ද කෙමෙන් කෙමෙන් උදාවන්නට විය. 

වත්ත පුරා දුව පැන යන පුංචි සමනලිය ඇතැම් අවස්‌ථාවලදී තුවාල සිදුකරගත් අවස්‌ථා නැතිවාද නොවේ. එවිට ඉන්දික එරන්දිට බැණවැදුණු අවස්‌ථා ද ඇත. ඇතැම් විට සුළු සුළු කාරණාවලදී දෙදෙනා අතර බහින් බස්‌වීම් ද සිදුවිය. එය අඹුසැමියන් අතර සිදුවන සාමාන්‍ය සිදුවීම්ය. 

මෙකී සියලු සිදුවීම් සිදුවන්නේ ඉන්දිකගෙන් එරන්දිටවත් එරන්දිගෙන් ඉන්දිකටවත් ඇති ආදරයේ අඩුවක්‌ නිසා නොව තම කැදැල්ල පිළිවෙළට ලස්‌සනට ඉදිරියට රැගෙන යැමට දෙදෙනාගේම ඇති ආශාව සහ උනන්දුව නිසාය.

මෙම නිවසේම ඉන්දිකගේ මවත්, පියාත් ජීවත්වූහ. ඉන්දික හා එරන්දිගේ පුංචි පුංචි ප්‍රශ්නවලට මේ දෙදෙනාත් ඇතැම් විට මැදිහත් වූහ. එය මේ පුංචි කැදැල්ලේ ප්‍රශ්න තව තවත් උග්‍ර අතට පත්කරවන්නට විය. 

සාම්ප්‍රදායික නැන්දම්මාගේ සහ ලේලියගේ හබය දක්‌වා නොව ඉන් එහාට ද එය යන්නට විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉන්දිකගේ අම්මාත් තාත්තාත් වෙන්ව මෙම නිවස ආසන්නයේම තැනූ නිවසක පදිංචි වූහ. එහෙත් මේ සියලු ප්‍රශ්නවලට එයින් විසඳුමක්‌ ලැබුණේ නැත. 

එරන්දිට විසඳුමක්‌ අවශ්‍ය විය. ඇය විසින් "මූසල රාත්‍රිය" නමින් ලිපියක්‌ ද ලියා හිමිදිරියේ තම දරු දෙදෙනා ද සමඟ නිවසින් පිටවන අතර ඇයගේ විසඳුමට පුංචි බාධාවක්‌ වූ තම වැඩිමහල් දියණිය නිසා මධ්‍යහ්නය ද උදා විය. කෙසේ නමුත් මාරයා ඇය සමඟ එන්නට විය. 

කීනවල දුම්රිය ස්‌ථානය ආසන්නයේ ගිනියම් වූ රේල්පාර මතින් ඇය සෙවූ විසඳුම ලැබුණි. එහෙත් ඇය බලාපොරොත්තු වූ එක්‌ විසඳුමක්‌ නොලැබුණි. ජීවිතය ජීවත් කරවන්නට වාසනාව හිමි වූ පුංචි සමනලියට ජීවිතය ලැබුණි. 

අප ඇය සොයා නාරම්වල මැටියගනේ ඇය දැනට ජීවත්වන නිවසට ගියෙමු. අප එහි යන විටත් ඇය දුව පැන සෙල්ලම් කරමින් සිටින්නීය. අම්මයි, මමයි, නංගියි මෝටර් බයිසිකලයෙන් බෝවත්ත හන්දියට ආවා. 

හන්දිය ළඟ කඩේක බයිසිකලය නවත්වලා අපි කෑම කෑවා. අම්මා කඩේ හිටපු මාමට කොලයක ලිපිනයක්‌ ලියලා දීලා බයිසිකලය ගන්න එයි කියලා කිව්වා. දුරකථන අංකයකුත් ලියලා දුන්නා. පස්‌සෙ අපි බස්‌ එකක නැගලා ගිරිඋල්ලට ආවා. එතැනින් අපි මීරිගමට ආවා. 

මීරිගමින් ගම්පහට ටිකට්‌ අරන් කීනවලින් බැස්‌සා. අම්මා කිව්වා මෙතන සෙනඟ නැති නිසා බැස්‌සෙ කියලා. ඒ අතරෙදි අම්මා නංගිටයි මටයි ගොඩක්‌ කෑම අරන් දුන්නා. අම්මගෙන් මම ඇහුවා ඇයි මෙච්චර කෑම අරන් දෙන්නෙ කියලා. අම්මා කිව්වා මගෙන් පුතාල කන අවසාන දවස. 

අද ඒ නිසා කන්න කියලා. අම්මා කිව්වා අපි කෝච්චියට පනිමු කියලා. මම බැහැ කියලා ඇඬුවා. අම්මා තුන්පාරක්‌ කෝච්චියට පනින්න හැදුවත් මම අඬන නිසා එය කරගන්න බැරි වුණා. මම අම්මට කිව්වා මට මැරෙන්න බැහැ අම්මෙ කියලා. 

පස්‌සෙ අම්මව වළක්‌වන්න ඕන නිසා මම කිව්වා මට ටොයිලට්‌ යන්න ඕන කියලා. අම්මා ඒ අසල තිබුණු ටොයිලට්‌ එකකට මාව අරගෙන ගියා. පස්‌සෙ එනකොට කෝච්චියක්‌ ආවා. අම්මා කිව්වා මේ පාර නම් පුතේ බැහැ කියන්න බැහැ කෝච්චියට පනිමු කියලා. 

අම්මා නංගිවත් වඩාගෙන මාවත් ඇදගෙන රේල් පාරට පැන්නා. මම අම්මගේ අත ගසලා දාලා පැත්තකට පැන්නා. අම්මා මගේ සායෙන් ඇද්දා. ඒත් මට පැනගන්න පුළුවන් වුණා. ඇය තවත් බොහෝ දේ අපට කියන්නට විය. ඒත් අපි ඇයට සමුදුන්නෙමු. 

මන්ද යත් ඇය අද ගිරවියකු වගේ පැවසුවද මෙහි ඇති ඛේදනීය තත්ත්වය පිළිබඳව ඇයට අවබෝධයක්‌ නොමැති හෙයිනි. අපේ රටේ බොහෝ අඹුසැමි ප්‍රශ්නවලට නැන්දම්මා සහ මාමණ්‌ඩියගේ මැදිහත්වීම් අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එය බිරිඳගේ මව පියා ද සැමියාගේ මව පියාටද වෙනසක්‌ නැත. 

සැමියගෙයි, බිරිඳගෙයි ප්‍රශ්න පවතිනුයේ ගෙයි බත ඉදෙනකන් යෑයි පැරණි කියමනක්‌ තිබේ. එහෙත් මෙම ප්‍රශ්නවලට නැන්දම්මා සහ මාමණ්‌ඩියගේ මැදිහත්වීම නිසා බත් දහසක්‌ ගෙයි ඉදුනත් අවසන් වන්නේ නැත. 

ඒ වෙනුවට අවසානයේ ඇත්තේ මහා ඛේදවාචකයකි. ආදරණීය අම්මේ· ආදරණීය තාත්තේ· ඔබ එය තේරුම් ගත යුතුය. එසේ නොවන්නට මෙවැනි හද කම්පා කරවන සිදුවීම් තව තවත් සිදුවන්නට ඉඩ ඇත. 

මේ කතාවේ ඉන්දිකට ද බොහෝ දේ කරන්නට ඉඩ තිබිණි. එහෙත් දැන් එයට ප්‍රමාද වැඩිය. තම ලෙයින් ජාතක වුවද තම කුසින් මෙලොවට බිහි කළ ද තම දරුවන් මරා දැමීමට කිසිදු මවකට පියෙකුට කිසිදු අයිතියක්‌ නොමැත. 

එරන්දිගේ අදහස තම දරුවන් අන් අයට කරදරයක්‌ නොවන්නට සැලැස්‌වීම බව ඇය විසින් ලියන ලද ලිපියෙන් පැහැදිලිය. එහෙත් ඇයගේ එම උත්සාහය ද අසාර්ථක වන්නේ අවසාන මොහොතේ තම වැඩිමහල් දියණිය ඇයගෙන් බේරී ජීවිතය බේරා ගැනීමෙනි. 

ඇයට මැරෙන්න මොහොතකට පෙර එය දැනේනනට ඇත. කිරිකැටි සිඟිත්තියට සිදුවන්නට යන්නේ කුමක්‌දැයි නොහැඟෙන නිසා ඇය අම්මා සමඟම අවසන් ගමන් ගියාය. මෙසේ හෙයින් එරන්දි සිදුකරගෙන ඇත්තේ මහා පාපකර්මයකි.

මෙම ඛේදවාචකය අපේ රටේ මිනිසුන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ කියාදුන් වග අපි අවසාන වශයෙන් ලියා තබන්නෙමු.

දරු දෙදෙනා සමඟ දුම්රියට පැන්න බිරිඳ බලන්න රෝහලට ගිය සැමියාට ගෑණු පහර පිට පහර දීලා.
 
Related Posts with Thumbnails