Ads 468x60px

.

ගයත්‍රී ඩයස් හා චන්න දික්කසාද නිවුස් එක ගැන චන්න කතා කරයි...


කිසිම දික්කසාද 
වීමක් වෙලා නෑ... 

ඒක අමූලික 
බොරුවක්...

ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් හා චන්න පෙරේරා මාධ්‍යට වසන් කරමින් දික් කසාද වී ඇති අතර දෙදෙනාම එකම නිවසක වෙන වෙනම වාසය කරන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

චන්න පෙරේරා - ගයාත්‍රි ඩයස් යුවළ හොර රහසේම දික්කසාද වී ඇති බවටත් ඔවුන් දෙදෙනා දික්කසාද වී, එකම නිවසේ තට්ටු දෙකක වාසය කරන බවටත් වෙබ් අඩවි කිහිපයකම සඳහන් කොට තිබුනා.

අපි මේ ගැන චන්නගෙන් කෙලින්ම ඇහුවා චන්න
ඇත්තද මේ කතාව..? චන්න ඒ ගැන දුන් පිළිතුරු පහතින්.

එහෙම කිසිම දික්කසාද වීමක් වෙලා නෑ. ඒක අමූලික බොරුවක්. මමයි ගයාත්‍රියි එකම ගෙදර තට්ටු දෙකක ජීවත් වෙනවා, අපි දෙන්නාට වෙන වෙනම ඇඩ්‍රස් වලට ලියුම් එනවා කියලා ඒ වෙබ් අඩවියේ තියන නිවුස් එකේ තියෙනවා. 


ඒවා සම්පූර්ණයෙන්ම බොරු කතා. මොකද, ඉන්විටේෂන් පවා අපි දෙන්නටම ලැබෙන්නෙ එකටයි. ඒක වුවමනා නම් මට සාක්ෂි ඇතිව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. 

ළඟදී තිබුණු උත්සවලට පවා අපි දෙන්නම ගියේ එකටයි. අනෙක, දික්කසාද වෙනවා නම් අපි ඒ ගැන මුලින්ම මීඩියා වලට කියනවා. ඒ නිසා මේ බොරු ප්‍රචාරවලින් වුණු අපහසුතාව ගැන මම නීතිමය පියවර ගන්නවා.

ගයත්‍රී ඩයස් හා චන්න දික්කසාද වෙලාලු...
 
Related Posts with Thumbnails