Ads 468x60px

.

පච ලියන රත්න බී ඒකනායක


කපුගේ දරුවාගේ 
නමින් නාසා ආයතනය 
තරුවක් නම් කරලාලු

පරිසරය සුරැකීම පිලිබඳව එප්පාවල රත්න බී ඒකනායක මහතා ලියන ලිපි පිලිබඳව කැමැත්තක් අපට තිබුණි. මෑතකදී ඔහුට උපහාර පිණිස එප්පාවල - රත්න බී ඒකනායක නමින් පාරක් ද නම් කලේය​. නමුත් මේ ගරු කටයුතු පුවත්පත් කලාවේදියා පච ලිවීම ගැන නම් අපට ඇත්තේ තදබල කණගාටුවකි. 

 2013 ඔක්තෝබර් මස 27 ලංකාදීප  පුවත් පතට "රටවල් හැත්තෑ හයක මොළකාරයන් දණ ගැස්සූ අපේ සුපිරි මොළය" නමින් ලිපියක් ලියන ඔහු මෙසේ සඳහන් කරයි.  


......ගීතයක් ගැයීමෙන් හෝ යහරංගනයක් රැඟීමෙන් රුපියල් කෝටියක මූල්‍ය දායාද සමග සුපිරි වාහනයක් හා තවත් තෑගිබෝග පිරිනමන අපේ රටේ, ලෝකයේ රටවල් 76 ක සුපිරි මොළකාරයන් 1,500ක් පමණ දෙනා පරදවා ලෝකයේ ලොකුම මොළකාර දරුවා බවට පත්වූ මිහින්තලේ මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින් මෙවර කලා විෂයයන් ගෙන් උසස් පෙළ විභාගයට ලියන ගලෙන්බිඳුණුවැව පිටිසරබද දිවුල්වැව ගම්මානයේ දුප්පත් පවුලක උපන් ”කපුරු බණ්ඩාගේ පුබුදු දිනේෂ් අනුරුද්ධ චිත‍්‍රානන්ද කපුගේ” දරුවාට රටෙන් හා ජාතියෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීද?

රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගි බෝග කන්දරාවකින් දෝත පුරවද්දී ලෝකයේ ”නාසා” ආයතනයේ ”කපුගේ තරුව” නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක් ස්ථාපනය කොට පැමිණි මේ අපේ ”කපුගේ තරුවට” හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් හෝ පුදනු ලැබීද?

කපුගේ විසින් නිපදවන ලද නියර රහින යන්ත‍්‍රය කණිෂ්ඨ අංශයේ දිවයිනේ හොඳම නිර්මාණය ලෙස තෝරා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් 2013 මැයි මස 12 සිට 17 දින දක්වා ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ ෆීනික්ස් නගරයේ පැවැති ලෝක නව නිපයුම් තරගාවලියට ඉදිරිපත් කරන ලද අතර විදුලිය හා යාන්ති‍්‍රක ඉංජිනේරු අංශයේ ලෝකයේ ඉස්තරම්ම නිෂ්පාදනය හැටියට ”පුබුදු රන්කෙත” තේරුණි. 


එය රටවල් 76ක් සහ තරගකරුවන් 1,500 ක් පසුබා ලෝකයේ හොඳම නව නිර්මාණකරුවා හැටියට තමන් තෝරාගත් බව ප‍්‍රකාශයට පත් විය. ඒ සමගම නාසා ආයතනය මගින් ”කපුගේ තරුව” හැටියට අහසේ  එක් තරුවක් නම් කෙරිණි.

මෙම කපුගේ දරුවාගේ නිර්මාණයේ උසස් බව ගැන අපට ගැටලුවක් නැත​. නමුත් මේ දරුවාගේ නමින් නාසා ආයතනය තරුවක් නම් කලා යැයි ලිවීම නම් සුදුසු නැත​. අප නාසා ආයතනයේ වෙබ් අඩවිය පරික්ශා කල නමුත් කපුගේ යන නම සඳහන් තරුවක් අප නම් දුටුවේ නැත​.


මෙවැනි පච ලිවීම මගින් මේ දරුවාගේ නිර්මාණය පවා හෑල්ලු වන බව රත්න බී ඒකනායක මහතාට නොතේරීම අභාග්‍යකි. මෙය නාසා අයතනය ගැන කෙබර ලියා නියර උඩ වාඩිවී ලංකාදීප පමණක් කියවන ගැමියන් ඇන්දීමට ගත් වෑයමකි. 

හිමාලයෙන් දිව්‍ය බෙහෙත් ගෙන ආවා කියා ලියන එලියන්තලා, එලොවින් ආ ජීවකයන් ගැන පච ලියූ නන්දසේන සූරියාඅරච්චිලාගේ තත්වයට පත් නොවීමට රත්න බී ඒකනායක මහතා වගබලා ගත යුතුය.  
 

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails