Ads 468x60px

.

ලංකාවේ කැසිනෝ රජා - රවි විජේරත්න බෙල්ලන්විල විමලරතනව මිලට ගනී...


ජේම්ස් පැකර් 
රවි විජේරත්න 
හවුල...

ශ්‍රී ලංකාවේ ප්‍රකට ස්ටාර් ඩසට් ඇතුළු කැසිනෝ ව්‍යාපාර හිමියෙකු වන රවි විජේරත්න විසින් ඉදිරි කාලයේ ජේම්ස් පැකර් - රවි විජේරත්න හවුලේ යෝජිත කැසිනෝ ව්‍යාපෘතිය වෙත එලැඹිය හැකි බොදු ජන විරෝධය මග හැරීම සඳහා බෙල්ලන්විල විමලරතන ඇතුලු ප්‍රකට භික්‍ෂූන් කිහිප දෙනකු මේ වන විට බා ගෙන තිබේ. මේ සඳහා අදාල භික්‍ෂූන්ට ප්‍රසාද දීමනා මේ වන විටත් ගෙවා හමාර බව ආරංචි මාර්ග පවසයි. 

මුදල් විශෝදනය සහ මහා භාරකාර දෙපාර්තමෙන්තුවේ නීති උල්ලඞනය  වැනි චෝදනා වලට ලක් වී සිටින බෙල්ලන්විල විමලරතනව ආණ්ඩුවේ යම් ප්‍රබල ඇමතිවරයෙක්
නඩු නොපැවරීමේ කොන්දේසිය මත ජේම්ස් පැකර් - රවි විජේරත්න කැසිනෝ ව්‍යාපෘතියට සහාය දීම සඳහා යොමු කලේද යන සැකයද මේ වන විට මතු වී තිබේ. 

යම් ලෙසකින් මෙම කැසිනෝ ව්‍යාපෘතියට බොදු ජන විරෝධයක් මතු වුවහොත් රතුපස්වල විරෝධතාවයේදී නායකයන් මිලට ගත් ලෙසින් මුල් වටයේදී ජන විරෝධයකට ඉඩ දී පසුව එම විරෝධතාව දිය කර දැමීම බෙල්ලන්විල විමලරතන ඇතුලු භික්‍ෂූ කන්ඩායමට පැවරී ඇත​. 

පසුගියදා රවි විජේරත්නට අයත් මහරාජා පැලස්  සුපිරි හෝටලයේ බෙල්ලන්විල විමලරතන ඇතුලු භික්‍ෂූ කන්ඩායම රවි විජේරත්න හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ.

- සමන්ත කෝනාර
 
Related Posts with Thumbnails