Ads 468x60px

.

දරු දෙදෙනා සමඟ දුම්රියට පැන්න බිරිඳ බලන්න රෝහලට ගිය සැමියාට ගෑණු පහර පිට පහර දීලා.


තෝ නිසා තමයි 
අපේ මංජුලා 
මැරුණේ....

මරාගත්තා නම් 
දැන් කෑලි ටික 
කාපිය...

වේයන්ගොඩ කීනවල දී ඊයේ දියණියන් දෙදෙනා සමඟින් දුම්රියට පැන සියදිවි නසාගත් මංජුලා එරන්දි නැමැත්තියගේ සැමියා වන ඉන්දික නීල් ජයමාන්න නැමැත්තාට අද වතුපිටිවල රෝහල් භූමියේදී කාන්තාවන් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

මියගිය මංජුලා එරන්දිගේ නැදෑ කාන්තාවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර ඇති අතර ඔහු අද පැවැති මරණ පරීක්ෂණයට සාක්ෂි ලබා දී රෝහලෙන් පිටතට පැමිණෙද්දීම මෙම කාන්තාවන් පිරිස ඔහු වටකරගෙන ඔහුට පහර දී තිබෙනවා

‘තෝව මරනවා..... තෝ නිසා තමයි අපේ මංජුලා මැරුණේ....’’ යනුවෙන් බැන වදිමින් ඔහුට කාන්තාවන් විසින් පහර දී ඇති අතර පොලීසිය මැදිහත් වී ඔහුව බේරාගෙන තිබෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

වේයන්ගොඩ පොලිස්‌ වසමට අයත් කීනවල ප්‍රදේශයේදී ඊයේ (13 දා) දහවල් මවක්‌ සිය දියණියන් දෙදෙනා සමඟ යාල්දේවි දුම්රියට පැන ඇති අතර එහිදී මව හා එක්‌ දියණියක එම ස්‌ථානයේදීම මරුමුවට පත්වී තිබේ.

අටහැවිරිදි වැඩිමහල් දියණියගේ ජීවිතයට අනතුරක්‌ සිදුවී නැති අතර ඇය දැන් වේයන්ගොඩ පොලිසිය භාරයේ පසුවේ. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ පන්නල, හොරවඩුන්න පදිංචිව සිටි පී. ජී. මංජුලා එරන්දි ප්‍රියශාන්ත (32) නමැති මව හා අවුරුදු එකහමාරක්‌ වයසැති වරුණි නමැති ඇගේ බාල දියණිය බව පොලිසිය සඳහන් කරයි.

කිලිනොච්චිය සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ දුම්රියට මොවුන් පැන දිවි නසාගෙන ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි. දිවි නසාගත් මව පෙර පාසල් ගුරුවරියක බවත් සැමියාගේ පවුලේ අයගෙන් නිතර හිරිහැර පීඩා සිදුවීම සම්බන්ධයෙන් ඇය දැඩි කලකිරීමෙන් සිට ඇතැයි හෙළි වූ බවත් පොලිසිය පවසයි.


මෙම මව දිවි නසා ගැනීමට නිවසින් පැමිණීමට පෙර ද නිවසේදී ආරවුලක්‌ ඇති වී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි. "මා විසින් බිහි කරපු දරු දෙදෙනා මම ම මරාගෙන මමත් මැරෙනවා" යනුවෙන් එම මව ලියූ ලිපියක්‌ ද ඇය ළඟ තිබී පොලිසියෙන් සොයාගෙන ඇත.

එහි තවත් විස්තර පහතින් 

ඇගලූම් කම්හල් පරිපාලක සැමියා සමග නිවසේදී උරණවී දැරියන් දෙදෙනා සමග දුම්රියට පැන්න කාන්තාවක අවුරුදු දෙකේ දැරිය සමග මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් කිනවලින් වාර්තා වුණා. 

මෙම අවස්ථාවේ මව සමග දුම්රියට පනින්නට අකමැතිවූ අවුරුදු නමයේ දැරිය දුම්රිය මාර්ගයේදී අතගසාදමා ඉවතට පැන්න අතර සිද්ධියෙන් දිවි ගලවාගත් ඇය සම්පූර්ණ සිද්ධිය ඊයේ විස්තර කර තිබුණා.

මෙම අනතුර නිසා මියගිය බිරිය හා දැරිය බලන්නට රෝහලට පැමිණි සැමියා රෝහලේදී මියගිය කාන්තාවගේ ඥාති කාන්තාවන් පිරිසකගේ දෝෂදර්ෂණයට හා ගුටිබැටවලට ලක්වීමේ සිද්ධියක්ද වාර්තා වුණා.
සිද්ධියෙන් මියගියේ පෙර පාසල් ගුරුවරියක ලෙස කටයුතු කළ මංජුලා එරන්දි (32) සහ ඇගේ දෙහැවිරිදි දියණියයි. 


පන්නල පිහිටි ඇගලූම් කම්හලක ප්‍රධාන පරිපාලක ලෙස කටයුතු කරන ආර්.ඩී. ඉන්දික නීල් ශාන්ත(37) සමග විවාහවී සිටි ඇය කාලයක් තිස්සේ සැමියා සමග නිරන්තරයෙන් රණ්ඩු සරුවල් වල පැටලී ඇති බව හෙළිව තිඛෙනවා.

සිද්ධියට පෙර දිනයේත් සැමියාගේ ප්‍රහාරයට ලක්වූ ඇයගේ හිසේ වෙළුම් කරන ලද තුවාලයක් තිබී ඇත. ඉන්දික මංජුලා සහ දැරියන් දෙදෙනා ඉන්දිකගේ දෙමාපියන් සිටි පන්නල නිවසට යාබද ඔහුට අයත් නිවසක පදිංචිව සිටියා.

සෙනසුරාදා රාත්‍රියේ ඇතිවූ ආරවුලෙන් තුවාල ලද පසු සැමියාගේ කරදර ඉවසන්නට බැරි තැන දැරියන් දෙදෙනාද ලෑස්තිකරගත් මංජුලා ඉරිදා උදෙන්ම නිවසින් පිටත්ව ඇත්තේ මං අම්මලැයි ගෙදර යනවා කියමිනි.
එතැන් පටන් වූ සිද්ධිය ඊයේ පැවති මරණ පරීක්ෂණයේදී විස්තර කර සිටියේ සිද්ධියෙන් දිවි ගලවාගත් අවුරුදු 9 ක් වයසැති චාරුණිකා සඳමිණි මෙසේ කිව්වා.


අම්මගෙ මෝටර් බයික් එකෙන් මමයි, නංගියි එදා ගෙදර ඉඳන් බෝවත්ත හන්දියට ආවා. අම්මේ කොහෙද මේ යන්නේ කියලා මම ඇහුවා. ඒ වුණාට යන දිහාවක් කිව්වෙ නෑ. බයිසිකලේ කඩේක දාලා අම්ම අපිත් එක්ක කඩේකින් කෑම කෑවා.


ඊට පස්සේ අපිව බස් එකකට නග්ගාගෙන ගිරිඋල්ලට ආවා. ඊට පස්සේ වෙන බස් එකකට නග්ගගෙන මීරිගමට එක්කගෙන ආවා. කොහේද අම්මේ මේ යන්නේ කියලා මම අම්මගෙන් ඇහුවා. යන දිහාවක් කිව්වේම නෑ. කොහෙද අම්මේ මේ යන්නේ කියලා මම ආයෙත් ඇහුවා. චූටි මාමලෑ ගෙදර යනවා කියලා කීවා.


ඊට පස්සේ අපි ඉල්ලුවෙත් නැතිව නංගිටයි, මටයි කඩේකින් එක එක ඒවා කන්න අරන් දුන්නා. ටිපිටිප් පැකට් පහයි, කිරි පැකට් තුනයි, පණුපෙති දෙකයි, කිට්කැට් දෙකයි අරන් දුන්නා.


ඊට පස්සේ මීරිගමින් කෝච්චියකට නැග්ගා. ගම්පහට ටිකට් ගත්තා. හැබැයි කෝච්චියෙන් ගම්පහටම ආවේ නෑ. කීනවල කියන ස්ටේෂමේ සෙනග නැති හින්දා අම්මා එතැනින් බහිමුයි කීවා.කීනවලින් බැහැලා රේල් පාර දිගේ අපි ආවා. 


මට ටොයිලට් යන්න ඕනේ කියලා මම කීවා. ගෙදරකට ගියා. ආපහු ආවා. ඒ වෙනකොට කෝච්චියක් ආවා. අම්මේ කොහෙද මේ යන්නේ කියලා මම ඇහුවා. පුතේ මම කියන දේ අහන්න. මම කියන දේ පිළිගන්න. පනින්න කෝච්චියට කීවා. 

මම කෑගහල කීවා අනේ බෑ කියලා. ඊට පස්සේ කෝච්චි දෙකක් විතර ගියා. ඒවටත් පනින්න හැදුවා. අනේ පුතේ පනිමු පනිමු කියා අම්මා කීවා. අනේ බෑ අම්මේ කියලා මම කීවා. ඒ නිසා පැනගන්න බැරි වුණා.
අර වාහන යන්න බැරි වෙන්න කෝච්චිය එනකොට වහන තැන තමා පනින්න හැදුවෙ.


ඒ කෝච්චි තුනටම පනින්න හැදුවා. මම දුන්නේ නෑ. ඊට පස්සේ තවත් කෝච්චියක් ආවා. දැන්නම් පුතේ මම කියන දේට එකග වෙන්න. අපි පනිමු. දුවත් පනින්න කියලා අම්මා මාවත් ඇදගෙනම නංගියව වඩාගෙන රේල්පාර මැදට ආවා. මාව ඇදගෙනමයි ගියේ. මට බෑ කියලා. මම කෑගහල කීවා. කෝච්චිය ළගට එනකොටම මම අතහැරල අහකට පැන්නා. අම්මයි නංගියි හැප්පුණා.

ඊට පස්සේ මම දුවලා ගිහින් කෑගහගෙන නංගිව වඩාගත්තා. නංගිය දගලනව වගේ දැක්කා. නංගියට පණ තිබුණා. අනේ මගේ නංගියේ කියලා මම කෑගහනකොට කවුද මාමලා කට්ටියක් ඇවිත් අරන් ගියා. අම්මවත් නංගිවත් මට බලන්න දුන්නෙ නෑ. කෝච්චියට දාගත්තා. ඊට පස්සෙ තව තැනකදි පොලිස් නැන්දලා කට්ටියක් මාව ගත්තා.

වේයන්ගොඩ හා මීරිගම අතර පිහිටි කීනවල දුම්රිය ස්ථානය අසලදී දරු දෙදෙනා සමග පෙරේදා (13දා) සවස යාල්දේවි දුම්රියට පැනීමෙන් මියගිය මවගේ සහ කුඩා දියණියගේ හදිසි මරණ පරීක්ෂණ වතුපිටිවල මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ ඊයේ (14දා) පැවැත් වුණා.


එම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දී මරණ පරීක්ෂණ කාර්යාලයෙන් පිටවී එමින් සිටි මියගිය කාන්තාවගේ සැමියාට එතැනට පැමිණ සිටි ඥාති කාන්තාවන් ගෙන් රෝහලේදීම ප්‍රහාර එල්ල වුණා. මෙසේ ගුටි ප්‍රහාර එල්ල වූයේ දුම්රියට පැන දිවි නසාගත් මංජුලාගේ සැමියා වූ ඉන්දිකටයි.

මියගිය කාන්තාවගේ පාර්ශ්වයේ නෑදෑයන් පිරිසක් ඔහු සමග එහිදී බහින්බස් වූ අතර එක් වැඩිහිටි කාන්තාවක් ඉදිරියට පැමිණ තෝ තමයි ඔක්කොම කළෙ මරාගත්තා නම් දැන් කෑලි ටික කාපිය කියමින් ඔහුගේ හිසටත් කම්මුලටත් පහර කිහිපයක් ගැසූ අතර තවත් කිහිපදෙනකුද ඒ සමග පහර කීපයක් එල්ල කරා.


ඉන්දික නීල් ජයශාන්ත මහතා (37) සාක්ෂි දෙමින් මෙසේ කිව්වා.
අපි බැඳලා අවුරුදු 11ක් වෙනවා. මගේ බිරියට හැම වෙලේම කේන්ති යනවා. මම එදා වැඩ ඇරිලා ගෙදර ඇවිත් තේ බීලා මහගෙදරට ගියා. 


රෑ 9 ට විතර බිරිය එතැනට ආවා. ආරවුලක් ඇතිවුණා. එයාගේ ඔළුව ටිකක් පැළිලයි තිබුණේ. රෑ. 10 ට විතර මම බේත් දැම්මා. මම නිදාගන්නේ සාලේ. එයා ළමයි දෙන්න එක්ක කාමරේ නිදාගන්නවා.

උදේ එයා ලෑස්ති වුණා. කොහේද යන්නේ කියල ඇහුවාම මම අම්මලගෙ ගෙදර යනවා කියලා ළමයි දෙන්නත් අරගෙන ගියා. උදේ 8.30ට විතර මම එයාට කෝල් කළා. අම්මට කියන්න එපා. මම ගෙදර නොවේ ආවේ.


මම ඉන්නේ කුරුණෑගල කියලා එයා දුරකතනයෙන් කීවා. ඊට පස්සේ ෆැක්ටරියෙ ඉඳන් මම ආයේ කෝල් කරනකොට එයාගේ ෆෝන් එකේ බැට්රි බැහැලා.චාර්ජ් කරගන්න යනවා. කුරුණෑගල ඉන්නවා කියලා කීවා.

ඊට ටික වේලාවකට පසු මම ආයේ කතා කළා. එතකොට තවම ගම්පහට යනවා කියලා කීවා. පස්සේ කතා කරලා ඔයා කුරුණෑගලට එන්න එපා ගම්පහට එන්න කියලා කීවා. මම ගම්පහට යන්න බස් එකට නැග්ගා. මම බස් එකෙන් මීරිගමට ආවා. මීරිගමදී මට කෝල් එකක් ආවා. 


වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී අම්ම කෙනෙක් ළමයෙක් එක්ක කෝච්චියට පැනලා. මේ ඔයාගේ නේද කියලා ඇහුවා. මම වහාම වේයන්ගොඩට ආවා. බිරියත් මගේ කුඩා දියණියත් මියගොස් ඇති බව දැනගත්තා.

මියගිය මංජුලා විසින් මියයෑමට පෙර ලියා තිබූ ලිපියක්ද පොලිසිය සොයාගෙන තිබුණා. මම බැඳලා වසර 10යි. විවාහ ජීවිතේ හින්දා විඳපු දුක් අනන්තයි. සැමියාගෙන් සිදුවන හිංසා පීඩා තවත් ඉවසන්න බෑ. මවුපියන්ට, සහෝදරයන්ට මේවා කියලා එයාලට දුක් දෙන්න බෑ. 


ඒ හින්ද මම ජීවිතේ නැතිකර ගන්නවා. ළමයි දෙන්නව අරන් යන්නේ ජීවත් වෙලා හිටියොත් ඔවුන්ටත් දුක් විඳින්න වෙන නිසයි යනුවෙන් එම ලිපියේ සඳහන්ව තිබුණා. මරණය සම්බන්ධ පරීක්ෂණ තවම අවසන් නැත.
 
Related Posts with Thumbnails