Ads 468x60px

.

බිරිය රෝහලේ, නැගනියට අයුතු යෝජනාවක් කළැයි සැමියාගේ ජනනේන්ද්‍රියට උණුවතුර ගහලා.


නිදා සිටියදී 
උතුරමින් තිබූ 
උණුවතුර 
බාල්දියක් 
හලලා...

පවු‍ලේ අභ්‍යන්තර ගැටලුවක් මත තමා විසින්ම තමන්ගේ ජනනේන්ද්‍රිය පද්ධතිය කපාගත්තාද..? නොමැතිනම් බාහිර පාර්ශ්වයක් විසින් මෙම සිද්ධිය සිදුකළාද..? එසේ නම් ඒ ඇයි...? හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය නොවුණු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

තවත් එවැනිම වූ පුවතක් අපට වාර්තා වන්නේ උඩ රට පළාතෙනි.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ස්වකීය නැගණියට අයුතු යෝජනාවක් කිරීම ගැන දැනගන්නට ලැබී කෝපයට පත්වූ තරුණ බිරිය තම සැමියාගේ ජනනේන්ද්‍රිය පෙදෙසට උණුවතුර බාල්දියක් ගැසීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ ඔහු ප‍්‍රතිකාර ගැනීම සඳහා මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.


දරු ප‍්‍රසූතියක් සඳහා තම බිරිය ඇයගේ නැගණිය සමග රෝහල වෙත ගෙන ගොස් බිරිය රෝහල් ගතකර නෑනණ්ඩිය සමග නිවෙසට පැමිණි අවස්ථාවේ විවාහක මස්සිනා ඇයට
අයුතු යෝජනාවක් කර තිබෙනවා. එහෙත් එම යෝජනාව පිළිකුල් සහගතව ප‍්‍රතික්‍ෂේප කළ නැගණිය තම සොහොයුරිය දරුවා පූසූතකර නිවෙසට පැමිණ නොබෝ දිනකින් මස්සිනාගේ අයුතු යෝජනාව පිළිබඳ සියලූ දෑ අක්කාට පවසා තිබෙනවා.

මේ ගැන ඇය කෝපයට පත් වුවත් සැමියාට ඒ සම්බන්ධව කිසිවක් නොඅඟවා, නොවිමසා කල්ගත කළ බිරිය එක්තරා දිනක සැමියා හුදකලාව ඇඳ මත නිදා සිටියදී උතුරමින් තිබූ උණුවතුර බාල්දියක් ගෙනවිත් නිදා සිටි සැමියාගේ ඇඟට දැමූ බව පවසනවා.

මෙයින් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සැමියා කිසිවක් කර කියාගත නොහැකිව නිවෙසින් පිටව ගොස් ප‍්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහලට ඇතුළත්ව
තිබෙනවා. රෝහලේ ප‍්‍රතිකාර ලබන සැමියා රෝහල් සේවකයන්ට පවසා ඇත්තේ උණුවතුර වැටීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ බවයි. 

සැමියාගේ ජනනේන්ද්‍රිය කපාගත්තාද.? කැපුවාද.? ඒ ගැන බිරිඳ කියන කතාව මෙන්න
 
Related Posts with Thumbnails