Ads 468x60px

.

අතුරුදන් මයෝමිට පෙම්වතුන් 2ක්, ඉංජිනේරු සිසුවා පොලිසියේදී ගෙල වැළලාගන්න හදලා


කූඩුවේ කම්බියක 
ටී ෂර්ට් එකෙන් 
එල්ලෙන්න හදලා...

මයෝමි දැක්කොත් 
පොලිසියට කියන්න...

හක්මණ දෙනගම ප්‍රදේශයේ පදිංචි විල්පිට ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සිසුවිය අතුරුදන් කිරීමේ චෝදනා ව යටතේ අත්අඩංගුවට ගත් මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුවෙකු මාතර පොලිස් කූඩුව තුළ ගෙල වැළලා ගැනීමෙන් පසුව මාතර රෝහලට ඇතුළත් කර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇත්තේ මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුවෙකු වන කැකනදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි රුවන් නමැත්තෙකු බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

පසුගිය සැප්තැම්බර් 20 වැනි දින හක්මණ දෙනගම ප්‍රදේශයේ පදිංචි අකුරැස්ස විල්පිට ගුරු විද්‍යා පීඨයේ 24 හැවිරිදි සිසුවියෙකු අතුරුදහන් වී ඇති බවට ඇයගේ මව විසින් සැප්තැම්බර් 20 වැනි දින හක්මණ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. 


මේ අනුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පිට මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරුනි බෝගහවත්ත මහත්මිය විසින් පරීක්ෂණ ආරම්භ කෙරුනා.

මේ තරුණිය විල්පිට විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන හක්මණ කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගෙන සිටින අතරවාරයේදී තරුණියගේ මව විසින් එම පෙම් සබඳතාවට විරුද්ධ වී‍ මේ තරුණියට මොරටුව ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන කැකනදුර ප්‍රදේශයේ පදිංචිකාර තරුණයෙකුට යෝජනා කර ඇති බවට මූලික තොරතුරුවලින් හෙළිවී තිබුණා.

මේ තරුණිය මේ තරුණයන් දෙදෙනා සමඟම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති අතර, පසුගිය මස 20 වැනි දින මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා තරුණිය කැඳවාගෙන මාතර ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවෙන අතර එතැන් පටන් මෙම තරුණිය අතුරුදහන් වී තිබෙනවා.

මේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් දීර්ඝ විමර්ශනයකින් පසුව කැකනදුරේ පදිංචි මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා අත්අඩංගුවට ගෙන දුරකථන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කිරීමේදී එදිනට පසුව මෙම තරුණියට ලබාගෙන ඇති එකම දුරකථන පණිවිඩයකටවත් ඇය විසින් කතා කර නැති බවට තොරතුරු හෙළිකරගෙන
තිබෙනවා.

මෙම තරුණයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මේ සියලු විස්තර තරුණියගේ මව දන්නා බවත්, තරුණිය සිටින්නේ කොහේද යනුවෙන් මව දන්නා බවත්, ප්‍රකාශ කිරීමෙන් පසුව එම තරුණියගේ මව වන 45 හැවිරිදි තැනැත්තියක් ද මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කරගෙන යමින් සිටිනවා.

මෙම තොරතුරු හෙළිකිරීමෙන් පසු අත්අඩංගුවේ පසුවූ මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුවා මාතර පොලිසියේ සිර කූඩුවේ කම්බියක හැඳ සිටි තම ෂර්ට් එකෙන් ඊයේ රාත්‍රී (14) ‍දින ‍ගෙල වැළලා ගැනී‍ෙමන් පසුව මාතර මහ රෝහලේ අංක 05 වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බව පැවසෙනවා. 


මේ වන තෙක් මේ තරුණිය ජීවත්ව සිටී ද, එසේ නොමැති නම් ඇය ඝාතනය කර ඇත්ද යනුවෙන් පොලිසිය පුළුල් විමර්ශනයක යෙදෙන අතර මෙය ඉතාම සැලසුම් සහගතව කරන ලද අපරාධයක් බවට පොලිසිය තොරතුරු සඳහන් කරනවා.

සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුවා සහ අතුරුදන් වූ තරුණියගේ මව මේ මස 28 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාතර ම‍හේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මයෝමි දැක්කොත් පොලිසියට දන්වන්න

පසුගිය මස 20 වැනි දින සිට අතුරුදහන්ව සිටින හක්මණ දෙනගම බඩබැද්ද ලිපිනයේ පදිංචි අකුරැස්ස විල්පිට විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ මයෝමි රණසිංහ මෙනවියයි මේ. ඇය ගැන තොරතුරක් දන්නේ නම් මාතර පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
Related Posts with Thumbnails