Ads 468x60px

.

අලුත් පෙම්වතාට අක්ශාගේ පෙර වැරදි කිව්වැයි හංසි පෙරේරාට හොඳටම ගහපු හැටි මෙන්න..


උඹ මගේ 
බෝයි ෆ්‍රෙන්ඩ්ටද 
කතා කරන්නේ..
කියලා ගැහුවා...

දුවන්න හැදුවත් 
දුවන්න දුන්නේ 
නැහැ...

ඊයේ ගංගොඩවිල අධිකරණයේ පැවති නඩු විභාගයට පැමිණි නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරිත් ඇගේ මවත් තවත් නිළියක හා නර්තන ශිල් පිනියක වන මේනකා මධුවන්තිත් එක්ව නිරූපිකාවක වන හංසි පෙරේරා ට පසුගියදා නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යාගාරය තුලදී ඇයට පහර දීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.
 
මේ නඩුවේ විත්තිකාරියන් වූයේ ටෙලි නාට්‍ය නිළියන් වන මේනකා මධුවන්ති, අක්ෂා සුදාරි සහ ඇගේ මව වන මෙහොමඩ් රොෂානායි. ටෙලි නාට්‍ය නිළියක් වන උඩහමුල්ලේ පදිංචි හංසි සිතාරා මිරිහාන පොලිස් අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉකුත් 10 වැනිදා නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යා ගාරයකට ගොස් ඇඳුමක් තෝරාගෙන එහි කණ්ණාඩිය අසලට ගොස් එම ඇඳුම සුදුසුද යන්න පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ තමාට ලැබුණු

දුරකතන ඇමැතුමකට පිළිතුරු ලබාදීමට සූදානම් වෙද්දී අක්ෂා සහ මේනකා පැමිණි බවත් අක්ෂා උඹ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ටද කතා කරන්නේ..කියා පහර දීමට පටන් ගත් බවයි. මෙම පහරදීමට මේනකාත් හවුල්වූ බව වාර්තා වෙනවා.

මෙම පහරදීමෙන් පසු ඔවුන් පළා යද්දී තමා සතු රුපියල් විසි දහසක් පමණ වටිනා ජංගම දුරකතනයද සොරාගත් බව පොලිසියට පවසා තිබෙනවා. මෙම පහරදීමට හේතුවී ඇත්තේ තමා පිළිබඳ වැරදි අවබෝධයක් බවත් අක්ෂාගේ වර්තමාන පෙම්වතාට කේලාම් කිව්වැයි තමා ගැන ඇය සැකකර ඇති බවත් හංසි පවසා
තිබෙනවා.

මෙයට හේතුව වී ඇත්තේ කාවිංග ගෙන් වෙන්වූ පසු යහළු වූ අක්ශාගේ අලුත් පෙම්වතාට හංසි විසින් අක්ශාගේ පෙර වැරදි පවසා තිබීම බව වාර්තා වෙනවා.

නිලූ කොඩිකාර අක්ශාගේ සමීපතම මිතුරියක් වන අතර ඒ අනුව නිලූ කොඩිකාර ලවා ඇගේ රූපලාවන්‍යාගාරයට ගෙන්වා සැලසුම් ගතව පහරදී
තිබෙනවා. මෙහිදී අක්ෂා විසින් හංසි ගේ අත සපා කා ඇති අතර උල් සේරෙප්පුවකින්ද පහර එල්ලකොට තිබෙනවා

එම ගැටුමට සම්බන්ධ වූ අක්ෂා සුදාරි, මේනක මධුවන්ති, නිලුකා කොඩිකාරී මෙම ගැටුම සම්බන්ධ පුවත් ප්‍රතික්ෂේප කරන අතර ගැටුමේ ප්‍රහාරයට ලක්වූ හංසි පමණක් මෙම සිදුවීම සිදුවූ බව ප්‍රකාශ කර සිටිනවා.

මේ හංසි ගැටුම පිළිබඳව මාධ්‍යයට පලකල අදහස්.

"ඒක ඇත්තක්..මට නිලූ කොඩිකාර සැලුන් එකෙන් බ්‍රයිඩල් ෂෝ එකකට එන්න කිව්වා..මම මොඩ්ලින් කරනවනේ..ෆිටෝන් එකක් තියෙනවා කියල තමයි මුලින්ම එන්න කිව්වේ..දහ වෙනිදා හතරට මම සැලුන් එකට ගියාම මට බ්‍රයිඩල් ෆ්රෝක් එකක් මෙයා ඇන්දුවා..

ඒක අන්දලා විනාඩි දහයක් ගියාට පස්සේ ආක්ශායි ,
ආක්ශාගේ අම්මයි, මෙනකයි තුන්දෙනාම සැලුන් එක ඇතුලට ආවා..ඊට පස්සේ මගේ ගාවට ඇවිත් ඇහුව මගේ බෝයිෆ්රෙන්ඩ් ට මොනවා හරි කිව්වද කියලා..මම කිව්වා මට අවශ්‍යය නැහැ කාටවත් මුකුත් කියන්න කියල..ආක්ෂා ඒ පාර මගේ වම් පැත්තේ කනට ගැහුවා..

ඊට පස්සේ මගේ අතේ ෆෝන් එක තියෙනවා දැකලා එයා ෆෝන් එක ඉදිරුවා..මම දුන්නේ නැහැ..ඊට පස්සේ මගේ දකුණු අත හැපුවා..දකුණු අතේ කෑල්ලක් ම ගලවා ගත්තා එයා..මම මේවා මිරිහාන පොලිසියට ඉදිරිපත් කරලා තියෙනවා..මේ තුන්දෙනාම එකතු වෙලා මට ගැහුවා..මම එලියට දුවන්න හැදුවත් මට දුවන්න දුන්නේ නැහැ..

ඇතුලට ඇදලා අරන් ගැහුවා..නිලූ කොඩිකාර බෙරගන්නවත් ආවේ නැහැ..මොකද ඒ ගොල්ලෝ ප්ලෑන් කරලා තමයි මේ වැඩේ කරේ.."

 
Related Posts with Thumbnails