Ads 468x60px

.

කටුනායක අධිවේගී මාර්ගයට දහස් ගණනින් මහ ජනයා ආ හැටි මෙන්න (පින්තුර)


පළමු පැය 12 දී 
25,000 කට වඩා
ඇවිත්...

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මහ ජනතාවට නොමිලේ නැරඹීම සඳහා ඊයේ (22 වැනිදා) සිට 24 වැනිදා දක්‌වා ඉඩ සලසා ගත් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවතත් සමඟම ඊයේ ප්‍රථම පැය දොළහ තුළ විශාල පිරිසක් ඒ ආශ්‍රිතව පැවැත් වූ සංස්කෘතික අංගයන් සහ ජන ක්‍රීඩාවලට සහභාගිවීම සඳහාද මාර්ගය නැරඹීම සඳහාද එක්වී සිටි බව අපට වාර්තා වුණා.

අධිවේගී මාර්ගය නැරඹීමට පැමිණි මහ පිරිස් සිත්සේ එහි ගමන් කරමින් මාර්ගය දෙපස සිරි නරඹනු අයුරු
අධිවේගීය නිරීක්ෂණය කිරීමට ගිය අපටද දක්නට ලැබුනා.

ඊයේ පෙරවරුවේ පෑලියගොඩ සිට කටුනායක දක්වා ද ජා ඇළ  සිට කටුනායක දක්වා ද අධිවේගී හරහා දිවීමේ මැරතන් තරග, ඇවිදීමේ තරග සහ පාපැදි තරගද පැවැති අතර පස්වරුවේ සරුංගල් තරගද පැවැත්වුණා.


තරගකරුවන් 3,000කගේ සහභාගිත්වයෙන් උදෑසන 6.00ට ආරම්භ වූ දැවැන්ත මැරතන් තරගය ජාඇල ප්‍රදේශයේ සිට එක්රැස් වූ පාසැල් සිසු දරු දැරියන් දහසකට ආසන්න පිරිසකගේ උණුසුම් පිළිගැනීමට ලක්වුණා.

මෙම තෙදින තුළ සියලු සංස්කෘතික අංගයන් සහ ජන ක්‍රීඩා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පළාත් අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ  මෙහෙයවීමෙන් පැවැත්වෙනවා. 


බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උදෑසන 9.00ට ජාතික කොඩිය ඔසවා පාපැදි තරගය ආරම්භ කළ අතර නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එහි අවසානය සනිටුහන් කලා.

උදෑසන සිට පෑලියගොඩ සහ කටුනායක ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් අධිවේගී මාර්ගයට ඇතුළු වූ දහස් ගණන් ජනතාව ඉතා උනන්දුවෙන් එහි පයින් ගමන් කරනු දැකිය හැකි වුණා. 


තරුණ තරුණියන් පාපැදිවලින් ගමන්කළ අතර අධිවේගී මාර්ගය අයිනේ ඇති කළපුවට බැස විනෝද වන පිරිස්ද මඟ දෙපස රැඳෙමින් එහි කාලය ගතකරන පිරිස්ද එහිදී දැකගත හැකිවුණා. ලබන 27වැනිදා දක්වා මෙම කාලය තුළ මාර්ගයට රථවාහන ඇතුළු කිරීමට ඉඩ ලැබෙන්නේ නැති බවයි අපට වාර්තා වන්නේ.

24වන බ්‍රහස්පතින්දා දක්වා අධිවේගී මාර්ගයට පැමිණෙන ජනතාව වෙනුවෙන් විවිධ සංස්කෘතික අංග සහ වැඩසටහන් ගණනාවක් පැවැත්වෙන අතර 23වන බදාදා පෙරවරු 3.00ට ජා ඇළ දී ආරම්භ වන අධිවේගී මාර්ගයේ තිරික්කල් ධාවන තරගයද ඔක්තෝබර් 24 වැනිදා පස්වරු 6.00ට මීගමුව කළපුවේ තෙප්පම් තරගය සහ මීගමු ත්‍රිරෝද රථ තරගය සුවිශේෂ ස්ථානයක් ගන්නා බව සංවිධායකයෝ ප්‍රකාශ කලා.

ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මාර්ගය වන කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔක්තෝබර් 27වැනිදා විවෘත කරනු ඇත. හැත්තෑව දශකයේ මුල් භාගයේදී මෙහි ඉදිකිරීම් කටයුතු අරඹා තිබූ අතර පසුව විවිධ හේතු මත අධිවේගී මාර්ගය අතරමග නතරවී තිබෙනවා.


ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත්වීම මත මෙහි ඉදිකිරීම් කටයුතු වසර 2009දී ආරම්භ කළ අතර වසර 05ක් ඇතුළතදී එය නිමකරන ලැබුවා.

කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ දිග කිලෝමීටර් 26ක් වන අතර පෑලියගොඩ සිට කටුනායකට යෑමට ගතවන්නේ විනාඩි 20කි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 04ක් පෑලියගොඩ, කෙරවලපිටිය, ජා ඇළ සහ කටුනායක පිහිටා තිබෙනවා.

  katunayaka-04 katunayaka-00 katunayaka-01katunayaka-07 katunayaka-05 katunayaka-06

අද සිට දින 3ක්‌ කොළඹ කටුනායක අධිවේගය ජනතාවට විවෘතයි - ගාස්‌තු මෙහෙමයි...
 
Related Posts with Thumbnails