Ads 468x60px

.

2032 දී උල්කාපාතයක්‌ පෘතුවිය වෙත එනවා - අභ්‍යවකාශ විශේෂඥයන් අනතුරු අඟවයි...


පෘතුවියේ ගැටුනොත්  
න්‍යෂ්ටික බෝම්බය 
මෙන් 50 ගුණයක 
විනාශයක්

2032 වසරේද AS අඩි 13500 ක්‌ පළල 2032 ටී. වී. 135 නැමැති උල්කාපාතය පෘතුවිය දෙසට ඇඳී එන බව යුක්‌රේනි යානු අභ්‍යවකාශ විශේඥයන් හෙලි කර තිබෙන බව අපට වාර්තා වෙනවා. මෙය න්‍යෂ්ඨික බෝම්බ 2500 ක බලයකින් යුක්‌ත බවයි ඔව්හු පවසන්නේ. 

මෙම උල්කාපාතය පෘතුවියේ ගැටුනොත් වර්ග සැතපුම් 100,000 ක ප්‍රදේශයක්‌ විනාශ වන බවද එම අභ්‍යවකාශ විශේෂඥයන් කණ්‌ඩායම කියා සිටිනවා. මෙම උල්කාපාතය 2032 අප්‍රේල් 26 දා පෘතුවියේ ගැටීමේ සම්භාවිතාවක් තිබෙන බව සොයාගන ඇත්තේ පසුගිය සතියේයි. 

එය මෙතෙක් සොයාගත් අනතුරුදායකම ග්‍රහක දෙකෙන් එකකි. දකුණු යුක්‍රේනයේ තාරකා භෞතික විද්‍යා නිරීක්ෂනාගාරය විසින් සොයාගත් මෙහි පළල මීටර් 410කි (අඩි 1350කි). 2013 TV135 ලෙස මෙයට නම තබා තිබෙනවා.

ග්‍රහකය සොයාගැනීමෙන් අනතුරුව ඉතාලිය, ස්පාඤය, බ්‍රිතාන්‍යය හා රුසියානු සමූහාණ්ඩුවේ සයිබීරියව යන රටවල තාරකා විද්‍යාඥයින් විසින් මෙය සනාථ කොට
තිබෙනවා.

අඩි 460ට වඩා විශාල හෝ පෘතුවියේ සිට කිලෝමීටර් මිලියන 7.5 ට ලඟින් යන ග්‍රහක අන්තරාදායක ග්‍රහක ලෙස සලකන අතර මෙය ගමන් කරන්නේ කිලෝමීටර් මිලියන 1.3ක් දුරින් නිසා එහි අනතුරුදායක බව අධික වී
තිබෙනවා.

මේ වනවිට සිදු කර ඇති ගණනය කිරීම අනුව 2032 අගෝස්තු 26 වනදා මෙම ග්‍රහකය පෘතුවියේ ගැටීමට 1/36,000ක සම්භාවිතාවක්
තිබෙනවා. ග්‍රහකයක් පෘතුවියේ ගැටීමේ අවදානම මනිනු ලබන Torino මිනුම අනුව මෙයට 1 ක අගයක් ලැබී තිබෙනවා

මීට පෙර හමුවී ඇත්තේ මෙම අගය ඇති එක් ග්‍රහකයක් පමණි. අනෙක් ග්‍රහක කෙතරම් හමු වුවද ඒවාගේ Torino අගය 0කි. ස්ථිර වශයෙන්ම පෘතුවියේ ගැටීමක් සඳහා 10ක අගයක් ලැබිය යුතුය.

යම් හෙයකින් මෙම ග්‍රහකය පෘතුවියේ ගැටීමක් සිදු වුවහොත් එය TNT මෙගා ටොන් 2,500ක පිපිරීමකට හෙවත් මෙතෙක් ලෝකයේ පිපිරී ඇති විශාලතම න්‍යෂ්ටික බෝම්බය මෙන් 50 ගුණයක විනාශයක් සිදුවනවා.

එම නිසා වර්ග සැතපුම් 100,000ක් විනාශ විය හැකි අතර එම හේතුව නිසා පෘතුවියේ තිබූ දේශගුණය නැවත පැමිණීමට වසර ගණනාවක් ගතවිය හැකිය. 2024 වනවිට ග්‍රහකය තවත් පෘතුවියට ලඟා වන නිසා පෘතුවියේ ගැටීම පිළිබඳව මීට වඩා නිවැරදිව අනාවැකි කිව හැකි බවද පැවසෙනවා.



2007 VK184 ග්‍රහකය

අඩි 420ක් පළලින් යුත් 2007 VK184 ග්‍රහකය 2048 වසරේදී පෘතුවියේ ගැටිය හැකි බවට මෙයට පෙර අනාවැකි පළවී තිබුනා. එය පෘතුවියේ ගැටීමට 1/2700ක සම්භාවිතාවක් තිබුනා. ග්‍රහකයක් පෘතුවියේ ගැටීමේ අවදානම මනිනු ලබන Torino මිනුම අනුව මෙයට 1 ක අගයක් ලැබී තිබුනා.

1950 DA ග්‍රහකය

1950 වසරේ සොයාගත් 1950 DA නම් ග්‍රහකය දෙස වසර 50ක් තිස්සේ විද්‍යාඥයින් විසින් ඇස යොමුකර තිබූනේ එය 2880 මාර්තු 16 වනදා පෘතුවියේ ගැටෙන අවට අනාවැකි පවතින නිසාය.

සැතපුම් 2/3ක විශාලත්වයකින් යුත් එය පෘතුවියේ ගැටීමක් සිදුවුවහිත් එය ගැටෙන්නේ තත්පරයට කිලෝමීටර් 15ක වේගයෙන් (61,000Km/h) බව ගණන් බලා තිබෙනවා.

මෙම ග්‍රහකය අත්ලාන්තික් සාගරයට පතිතවීමක් සිදුවුවහොත් TNT මෙගා ටොන් 44,800ක පිපිරුමක් ගෙනදෙයි. මෙම ග්‍රහකය සෑම පැය 2.1කට වරක්ම අක්ෂය වටා භ්‍රමණය වන අතර එය මෙතෙක් කලක් සොයාගත් දෙවෙනියට බ්‍රමණ වේගයක් සහිත ග්‍රහකයයි.

මෙය පෘතුවියේ ගැටීමට ඇති සම්භාවිතාව 0.3%කි. මක්නිසාද යත් තවත් වසර 867ක කාලයක් තුලදී එය වෙනත් ග්‍රහකයන් හා ගැටීමට 50%ක සම්භාවිතාවයක් ඇති නිසාය. මෙම ග්‍රහකය 2880 ජනවාරි සිට මැයි දක්වා පෘතුවියට ආසන්න වන්නේ පහත ප්‍රරිදිය.


 
Related Posts with Thumbnails