Ads 468x60px

.

අරක්කු විකුනන්න ලයිෂන් එකක් අරන් දෙනවා කියූ පබාගේ පියා ලක්ෂ හතක් අරන් මාට්ටු වුනු හැටි..


ටික ටික 
ගෙවන්නම් 
කියලා...

පාර්ලිමේන්තු මන්තී‍්‍රනී උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) මහත්මියගේ ලේකම් ලෙස හඳුන්වා ගත් පබාගේ පියා වන ජයතිස්ස තෙන්න කෝන් නමැත්තා මිට ඉහතදී රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන් ගෙන් විශාල වශයෙන් මුදලක් වංචා කල පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

අප කොතෙකුත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී (පබා)ගේ මව පිළිබඳ ඇය නිතර කථා කළත් මව සමග පෙනී සිටියත් පියා ගැන ඇය ප්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැති අතර පබාගේ පියා ගැන දෙවන වරට ඊයේ වාර්තා වූයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙනුයි.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් හත්ලක්ෂ දසදහසක් වංචා කළ බවට කොළඹ වංචා විමර්ශන අංශය විසින් පබාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. 


ඔහු කැලණියේ පදිංචි අයෙකි. නම ජයතිස්ස තෙන්නකෝන්ය. ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ ඊයේය. කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරියා.
මෙම වංචාව සිදුව ඇත්තේ 2012 මාර්තු මාසයේය.

මේ සැකකරු විසින් වැල්ලවත්ත ගාලු පාරේ පිහිටි අයිශානෙට් කැෆෙ ආයතනය අයිතිකරු වන සින්නතම්බි ජීවරත්නම් යන අයට මත්පැන් විකිණීම සඳහා බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් හත්ලක්ෂ දසදහසක මුදලක් ලබාගෙන එම බලපත්‍රය ලබානොදී වරින්වර ඉල්ලාගත් මුදල් වංචා කළ බවට කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිල්ල ලැබී තිබුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් සැකකරු ලබාගත් මුදල කොටස් වශයෙන් ගෙවීමට පොරොන්දු වන බව කියා සිටි අතර ඒ අනුව ඇප නියම කළා
 
Related Posts with Thumbnails