Ads 468x60px

.

අද සිට දින 3ක්‌ කොළඹ කටුනායක අධිවේගය ජනතාවට විවෘතයි - ගාස්‌තු මෙහෙමයි...

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ලබන 27 වැනිදා විවෘත කිරීමට නියමිතව ඇති අතර ජනතාවට මාර්ගය නැරඹීම සඳහා අද (22 වැනිදා) සිට 24 වැනිදා දක්‌වා ඉඩ සලසා ඇති බව අප වෙත වාර්තා වෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් 27 වැනිදා පෙරවරු 9.00 ට මෙම අධිවේගී මාර්ගය විවෘත වන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350 ක මුදලක්‌ වැය වී තිබෙනවා. 


අද සිට 24 වැනිදා දක්‌වා පාපැදි තරග, වොලිබෝල් තරග ආදී වැඩ සටහන් රැසක්‌ ද මෙම මාර්ගයේ පැවැත්වීමට නියමිතයි. වසර හතළිහක සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිකළ නොහැකිව තිබූ අතර
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත 2008 වසරේදී මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. 

වසර පහකට පසු එය විවෘත කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයකැයි ඇමැතිවරයා පැවසුවා. කිලෝමීටර් විසිහයක්‌ දිග මෙම මාර්ගය හුවමාරු මධ්‍යස්‌ථාන හතරකින්ද මන්තීරු හයකින්ද සමන්විතයි. කිලෝමීටර් සියයක වේගයෙන් වාහන ධාවනය කළ හැකි අතර කටුනායක සිට විනාඩි විස්‌සකින් කොළඹට ඒමට හැකිවනවා.

එමෙන්ම කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය ලබන 27 වැනිදා විවෘත කිරීමෙන් පසු සියලුම සැහැල්ලු වාහනවලට පෑලියගොඩ සිට කටුනායකට රු. 300 ක්‌ ගෙවා ගමන් කළ හැකි යෑයි වරාය සහ මහා මාර්ග පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවසුවා.

වැඩි දුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා 2008 අංක 40 දරන ජාතික මංමාවත් පනත යටතේ අදාළ ගාස්‌තු රජය විසින් තීරණය කර ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කළ බවද
පැවසුවා.

ඒ අනුව සැහැල්ලු වාහනවලට පෑලියගොඩ සිට ජාඇල දක්‌වා ගමන් කිරීමට රු. 200 ක්‌ සහ ජාඇල සිට කටුනායකට ගමන් කිරීමට රුපියල් 200 ක්‌ ගෙවා ටිකට්‌ පතක්‌ ලබාගත යුතු වනවා.

මෙම සැහැල්ලු වාහන පංතියට අයත් වන්නේ දළ බර කිලෝග්‍රෑම් 3500 ක්‌ වන සියලුම මෝටර් රථ, ජීප්, කැබ්රථ සහ ආසන නවයට අඩු මගී වෑන් රථ පමණි.

දෙවන වාහන පංතියට අයත් ආසන 9-33 අතර බස්‌රථ සහ ට්‍රක්‌රථ පෑලියගොඩ සිට ජාඇලට ගමන් කිරීමේදී රු. 350 ක්‌ සහ පෑලියගොඩ සිට කටුනායක දක්‌වා ගමන් කිරීමේදී රු. 450 ක්‌ ගෙවිය
යුතු වනවා. එමෙන්ම ජාඇල සිට කටුනායකට ගමන් කිරීමේදී රුපියල් 300 ක්‌ ගෙවිය යුතු වනවා.

තුන්වන වාහන පංතියට අයත් ආසන 33 ට වැඩි බස්‌රථ, ලොරි දළ බර කිලෝග්‍රෑම් 17000 වන වාහන පෑලියගොඩ සිට ජාඇලට ගමන් කිරීමේදී රු. 400 ක්‌ ද පෑලියගොඩ සිට කටුනායකට ගමන් කිරීමේදී රුපියල් 600 ක්‌ සහ ජාඇල සිට කටුනායකට ගමන් කිරීමේදී රු. 300 ක්‌ ගෙවිය
යුතු වනවා.

ජනාධිපති සහ අගමැති මෙම සියලු ගාස්‌තුවලින් නිදහස්‌ කර ඇති අතර ආණ්‌ඩුවේ අනෙකුත් සියලුම මැති ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන් මෙම අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී අදාළ සියලු ගාස්‌තු ගෙවිය
යුතු වනවා.
අධිවේගීයේ නිමවීම සම්බන්දයෙන් සකස් කරන ලද වීඩියෝවක් පහතින්


 
Related Posts with Thumbnails