Ads 468x60px

.

සැමියාගේ ජනනේන්ද්‍රිය කපාගත්තාද.? නැත්තම් කැපුවාද.? ඒ ගැන බිරිඳ කියන කතාව මෙන්න..


මහ රෑ 3ට 
මරලතෝනියක් 
ඇහුණා...

කොළඹ ජාතික රෝහ‍ලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකක යේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා, ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක ප්‍රමුඛ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් පසුගිය 7 දා ලෝක ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් ලෝකයේ මුල් වරට ශරීරයෙන් වෙන් වූ පුරුෂ ජනනේන්ද්‍රියක් සැත්කමක් මගින් සාර්ථකව බද්ධ කරණු ලැබුවා.

හදිසි අනතුරුවලින් කැපී වෙන් වුණ අත්, ඇඟිලි වැනි අවයව යළි බද්ධ කිරීම එතරම් අරුමයක් නොවෙතත් අතිශය සංකීර්ණ ස්නායු ජාලයකින් සමන්විත සංවේදී ඉන්ද්‍රියක් වූ පුරුෂ ජනනේන්ද්‍රියක් ශරීරයෙන් වෙන්වී පැය කිහිපයකට පසු යළි බද්ධ කිරීම යනු අතිශය සංකීර්ණ සැත්කමකි. 

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේද මෙවැනි සැත්කම් මින් පෙරද සිදුකර නැත. 

අඩු වශයෙන් හානි පැමිණි පුරුෂ ජනනේන්ද්‍රියක් බද්ධ කළ අවස්ථාවක් පමණක් අන්තර් ජාලයෙන් සොයාගත හැකි බවත් වාර්තා වෙයි. 

එබැවින් මුළුමනින්ම සිරුරෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් අතිශය සාර්ථක ලෙස යළි බද්ධ කළ මුල් අවස්ථාව ලෙස මෙම සැත්කම දැක්විය හැක. 

මෙම අනතුරට පත් පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ ජීවත්වන 27 හැවිරිදි එක්දරු පියෙකි. පසුගිය 6 දා රාත්‍රී නිවසට පැමිණි ඔහු නිවසේ “පි‍ලේ රාත්‍රිය ගත කළ බවත් අලුයම් යාමයේ තියුණු වේදනාවක්
දැනී පිබිදුන විට තම ජනනේන්ද්‍රිය කිසිවෙකු විසින් කපා ඇති බව දුටු බවත් ඔහු වෛද්‍යවරුනට පවසා ඇත. 

(මේ සම්බන්ධව අනතුරට පත් පුද්ගලයා විවිධ පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරන බව වෛද්‍යවරුන් පවසති.)

තුවායකින් තුවාලය වසාගත් ඔහු යාබද නිවසකට ගොස් උදව් ඉල්ලා ඇත. ඒ අවස්ථාවේ අසල්වැසියන් ඔහුගේ පුරුෂ ජනනේන්ද්‍රිය ‍පොලිතින් බෑගයක බහා වහා පුත්තලම මූලික රෝහලට ගෙන ගොස් ඇත. 


සිද්ධිය වූ ස්ථානයේ සිට පුත්තලම මූලික රෝහලට කි.මී.3ක දුරක් තිබි ඇති අතර විනාඩි කිහිපයක් තුළ රෝගියා රෝහලට ගෙන යෑමට අසල් වාසීන් සමත්වී ඇත.

පුත්තලම මූලික රෝහ‍ලේදී රෝගියා භාරගත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය එරංග පෙරේරා මහතා ප්‍රමුඛ වෛද්‍ය නිලධාරීන් සිදුව තිබූ තුවාලයේ බරපතළකම වටහා ගත්හ. 


රෝගියාගේ තුවාලය පිරිසිදු කර රුධිර වහනය නතර කළ ඔවුහු ප්‍රතිජීවක ලබාදී වහාම රෝගියා ජාතික රෝහලට මාරු කර එවීමට කටයුතු  සම්පාදනය කළහ. 

එපමණක්ද නොව පුත්තලම රෝහ‍ලේ ශල්‍ය වෛද්‍ය එරංග පෙරේරා මහතා දුරකථනයෙන් ජාතික රෝහ‍ලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය
විශේෂඥ ධම්මික ලියනගේ මහතා අමතා රෝගියාගේ තත්ත්වය දන්වාලීය. 


ඊට අමතරව ජාතික රෝහලෙන් ලද උපදෙස් මත සිරුරෙන් වෙන්වූ ජනනේන්ද්‍රිය ‍පොලිතින් අසුරුමක බහා එකී ඇසුරුම අයිස් යෙදූ සෘජුෆෝම් පෙට්ටියක බහා ජාතික රෝහලට එවීමටද කටයුතු යොදන ලදී.

රෝගියා පුත්තලම මූලික රෝහලට ගෙනවිත් පැයක් ගතවෙන්නට පෙර ගිලන් රියක් මගින් ජාතික රෝහලට එවීමට සූදානම් කිරීමට එරංග පෙරේරා මහතා ප්‍රමුඛ කණ්ඩායම සමත්වූහ.

උදෑසන 9.00 පමණ වන විටත් රෝගියා බලා‍පොරොත්තුව ජාතික රෝහ‍ලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය නිලධාරී දුලිප් පෙරේරා ප්‍රමුඛ කණ්ඩායම සූදානම්ව සිටියහ. 


උදෑසන 9.00 පමණ වන විටත් රෝගියා රැගත් ගිලන් රිය ජාතික රෝහලට නොපැමිණි හෙයින් ජාතික රෝහ‍ලේ වෛද්‍ය ධම්මික දිසානායක මහතා ඒ පිළිබඳ පුත්තලමෙන් විමසීමක් කළේය. 

තවත් සුළු මොහොතකින් රෝගියා සහ සිරුරෙන් වෙන් කරන ලද ජනනේන්ද්‍රිය රැගත් ගිලන් රිය ජාතික රෝහල් පරිශ්‍රයට ඇතුළු විය. ඇසුරු සැනින් ක්‍රියාත්මක වූ වෛද්‍යවරු රෝගියා හදිසි සැත්කමකට සූදානම් කරන්නට වූහ.

ඔක්තෝබර් 7 දා අලුයම 27 හැවිරිදි එක්දරු පියාගේ සිරුරෙන් වෙන් කළ පුරුෂ ජනනේන්ද්‍රිය එදිනම උදෑසන 10 වන විට යළි සිරුරට බද්ධ කිරීම සඳහා වන සැත්කම ජාතික රෝහල තුළ ඇරඹී තිබුණි. 


විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ශල්‍ය වෛද්‍ය ධම්මික ලියනගේ නිර්වින්දන වෛද්‍යවරයෙකු සහ තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ද හෙද කාර්ය මණ්ඩලයේ සහ කනිටු සේවකයන් කිහිප දෙනකුගෙන්ද සමන්විත ශල්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයටම මෙම ඉතිහාසගත සැත්කම නිම කරන්නට පුරා පැය 10ක් පමණ ගතවන සංකීර්ණ ක්‍රියාවලිය ආරම්භ කළහ.
වෙහෙසකර මෙන්ම අතිශය සංකීර්ණ වූ මෙම සැත්කම නිම කිරීමෙන් පසු රෝගියා දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ තිබූ අතර බද්ධ කරන ලද ජනනේන්ද්‍රිය රුධිර නාලිකා අවහිර වීමක් වැනි දෙයක් ඇති වුවහොත් බද්ධ කරන ලද කොටස නරක් විය හැකි බැවින් වෛද්‍යවරු ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වූහ. 

එහෙත් 9 වන බදාදා වන විටත් රෝගියාගේ තත්ත්වය ශීඝ්‍රයෙන් යහපත් අතට පත්වෙමින් තිබෙන බව වෛද්‍ය ධම්මික දිසානායක මහතා පවසයි. සැත්කමින් පසු ඔහුගේ ලිංගික දිවිය පිළිබඳ අප වෛද්‍ය දිසානායක මහතාගෙන් විමසා සිටියෙමු.

ඒ ගැන පැවැසීට දැන්ම කල් වැඩියි. ඔහුගේ ජනනේන්ද්‍රිය ප්‍රාණවත් විය හැකි මුත් ලැබිය හැකි ලිංගික තෘප්තිය ගැන දැන්ම කියන්නට බැහැ.
මෙම සැත්කමේදී බද්ධ කරන ලද ස්නායු තුළින් රුධිර ගමනාගමනය සිදුවී ඒවා යථා තත්ත්වයට පත්වීමට කල් ගතවිය හැකි යනුවෙන් මෙම වාර්තා ගත සැත්කම ගැන කතා කරන දිසානායක මහතා පැවැසීය.


අනතුර සිදු වූ මොහොතේ සිට රෝගියාගේ සියලුම දේ වාසියට සිදුව ඇති බව සැත්කමට දායක වූ වෛද්‍ය කණ්ඩායම පවසති. කවුරුන් හෝ ඔහුගේ ජනනේන්ද්‍රිය වෙන් කළ කැපුමක් ලෙස වෛද්‍යවරු හඳුන්වති.


එය කඩතොළු නොමැති පැහැදිලි කැපුමක්. ඒ නිසා බද්ධ කිරීම පහසු වූ බවත් එනිසාම එය සුව වීම ඉක්මන් වනු ඇති බවත් වෛද්‍ය මතයයි. ඉක්මනින් පුත්තලම රෝහලට යෑම. 

මූලික ප්‍රතිකාරවලින් පසු කඩිනමින් ජාතික රෝහලට ගෙනඒම පමණක් නොව කල් තබා ජාතික රෝහ‍ලේ වෛද්‍යවරුන් දැනුවත් කර තිබිම නිසා සියලු ප්‍රතිකාර වඩාත් විධිමත්ව සිදු වූ බව වෛද්‍යවරු පවසති. 

ඒ සියල්ලටම වඩා කපා දැමූ ජනනේන්ද්‍රිය නියමිත පිළිවෙළට අසුරා ජාතික රෝහලට ගෙන ඒමද රෝගියාගේ යහපතට හේතු වූ බව වෛද්‍යවරු පවසති. 

සිරුරෙන් වෙන්වූ අවයවය මත යම් අපද්‍රව්‍යයක් තැවරී ඇත්නම් එය ඉවත් කර එකී අවයවය පිරිසිදු වියළි ‍පොලිතින් මල්ලක දමා එම මල්ල අයිස් යෙදූ සෘජුෆෝම් පෙට්ටියක දමා හැකි ඉක්මනින් පහසුකම් සහිත රෝහලක් වෙත ගෙන ඒම වඩාත් යෝග්‍ය බවත් හැකි සෑම විටම ඒ සඳහා ගිලන් රියක් යොදා ගැනීම සුදුසු බවත් වෛද්‍ය ධම්මික ලියනගේ මහතා අප සමග පැවැසීය. 
මෙවැනි රෝගියෙකු ජාතික රෝහලට ගෙන ඒමේදී ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය කලින් දැනුවත් කරන්නේ නම් අනවශ්‍ය පරිදි කාලය නාස්ති නොවන බවත් එය රෝගියාගේ යහපතට හේතු වන බවත් වෛද්‍යවරු පවසති.

මහ රෑ 3ට පමණ මරලතෝනියක් ඇහුණා

කැපුම් කෙටුම් සහිත රෝගීන් යනු රෝහලකට කිසිසේත්ම අලුත් දැකීම් නොවේ. එහෙත් අප අසා පුරුදු කැපුම් කෙටුම් සහිත රෝගීන්ට වඩා හාත්පසින්ම වෙනස් අනතුරකට භාජනය වූ රෝගියෙකු පසුගිය 07 වෙනිදා අලුයම පුත්තලම මූලික රෝහලට ඇතුළු කරනු ලැබිය. 


ඔහු පුත්තලම, සිරම්බිඅඩිය සෙම්බන්දළුව පදිංචි 27 හැවිරිදි දෙදරු පියෙකි. පළමු විවාහයෙන් වෙන්වී දෙවැනි වරටත් විවාහයක් කරගෙන සිටි ඔහුට විවාහ දෙකින්ම දරුවන් දෙදෙනෙකු සිටිති.

බ්ලොක් ගල් වැඩපළක සේවය කළ මෙම අය ඊට අමතරව සතුන් දඩයම් කරන්නටද උපන් හපනෙකු බව ගම්වාසීහු කියති. ඒ හැරුණු කල අධික ලෙස මත්පැන් පානය කරන බව කියන මෙම පුද්ගලයා නිරන්තරයෙන් නිවසේදී තම බිරිද සමග ගැටුම් ඇති කර ගන්නා බවද අවට පදිංචිකරුවෝ පවසති.


සිද්ධිය වූ දිනට පෙර දිනයේ රාත්‍රී නිවසට පැමිණ ඇති මොහු සුපුරුදු පරිදි තම බිරිඳ සමග ගැටුමක් ඇති කරගෙන ඇත. අසල්වැසියන්ට මෙය සාමාන්‍ය සිදුවීමක් නිසා කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් තමන්ගේ අවධානයක් යොමුකර නැත.


07 වැනි දින අලුයම 3.00 ට පමණ තම ස්වාමි පුරුෂයා නිදා සිටි කාමරයෙන් ඇසුණු හඬකින් අවදි වූ බිරිද දුටුවේ තමන් කිසිදු දිනක බලා‍පොරොත්තු වූ දසුනක් නොවේ. ඒ කැපී වෙන් වී ඇති තමන්ගේම ජනනේන්ද්‍රිය පද්ධතිය අතින් ගෙන සිටින ස්වාමි පුරුෂයාය. 


කර කියා ගත දෙයක් නොමැති වූ ඇයට ඉබේටම කෑගැසුණි. එම හඩින් අවදි වූ අසල්වැසියෙකු මෙම නිවසට පැමිණෙන විට ඔහුද අන්ද මන්ද කරවමින් දැක ඇත්තේ පෙර දර්ශනයමය.

එහෙත් සිහි එලවාගෙන කඩිනමින් ක්‍රියාත්මක වී අසල්වැසි නිවසේ පදිංචිකරුවා තුවාලකරුව ත්‍රිරෝද රථයක නංවාගෙන පුත්තලම මූලික රෝහල වෙත ගෙන ආවේය. ඒ සමගම කැපී වෙන් වුණු ජනනේන්ද්‍රිය පද්ධතියද සෞඛ්‍යාරක්ෂිතව ගෙන ඒමට තරම් මේ පුද්ගලයා බුද්ධිමත් වීම රෝගියාගේ වාසනාවක් විය. 


අලුයම 4.20 වනවිට ඔහුව රෝහල්ගත කිරීමට ඔවුන් සමත් විය. කිසිදු දිනක මෙවැනි කැපුම් තුවාල සහිතව පැමිණි රෝගියෙකු දැක නොසිටි රෝහල් කාර්ය මණ්ඩලයද කලබලයට පත්විය. සිද්ධිය වහාම පුත්තලම මූලික රෝහ‍ලේ වෛද්‍යවරුන්ට සැලවිය. 

මූලික ප්‍රතිකාර කළ පුත්තලම රෝහ‍ලේ වෛද්‍යවරු තම රෝහලට ඇතුළත් කළ රෝගියාව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට කටයුතු කළහ. එහිදී ආරක්ෂාකාරී ක්‍රියාවන් අනුගමනය කරන්නටත් ඔවුන් අමතක නොකළේය.

ඉන්පසුව මෙම පුද්ගලයාගේ ජීවිතය බාර වූයේ කොළඹ ජාතික රෝහ‍ලේ වෛද්‍යවරුන් වෙතය. මීට පෙර කිසිදු දිනක මෙවැනි කැපුම් තුවාල සහිත රෝගියෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර නොමැති පුත්තලම ‍පොලීසියේ නිලධාරීන්ද උසස් නිලධාරීන්ගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. 


ඒ අනුව තුවාලකරුගේ බිරිඳගේ සහ අසල්වැසියෙකුගෙන් ප්‍රකාශයන් සටහන් කර ගන්නට ‍පොලීසිය සමත් විය. නමුත් මේ කිසිවෙකුගෙන් සිද්ධියේ සත්‍ය තත්ත්වය හෙළි වී නැත.

බිරිඳ පවසා ඇත්තේ කලින් දින බිමත්ව පැමිණි සැමියා තමන් සමග බහින් බස්වීමක් ඇති කරගෙන නින්දට ගිය බවත්, පසුදින අලුයම කැපුම් තුවාල සහිතව මෙන්ම කැපී වෙන්වී තිබූ ජනනේන්ද්‍රිය පද්ධතිය අත ඇතිව සිටින ඔහුව දුටු බවත්ය.


අසල්වැසියා පවසා ඇත්තේ ශබ්දයක් ඇසී බලන විට තම නිවස අසල පදිංචිව සිටින අයද තමාද පැමිණ බලන විට එම දර්ශනය දුටු බවත් එම දර්ශනයෙන් තමන් පුදුමයට මෙන්ම දැඩි කම්පනයට පත්වූ බවත්ය.


සත්‍ය ලෙස මෙම සිද්ධිය තුවාල ලබා සිටින අය විසින්ම කර ගත්තාද? වෙනත් අයෙකු විසින් කළාද යන්න මතෛක් හෙළි වී නැත. ඊට හේතුව වී ඇත්තේ තුවාලකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ‍පොලීසියට තවමත් හැකියාවක් නොලැබිම නිසාය.


තුවාල ලබා රෝහල් ගත කර සිටින අයගේ නිවසද ‍පොලීසිය විසින් පරීක්ෂා කර ඇත. ඒ මෙම සිද්ධියට බාහිර පුද්ගලයෙකු සම්බන්ධදැයි අනාවරණය කර ගැනීම සඳහාය. නමුත් කිසිදු තොරතුරක් අනාවරණය වී නැත. 


තුවාලකරුගේ ජනනේන්ද්‍රිය පද්ධතිය කපා දැමීමට උපයෝගී කර ගත් බව කියන ආයුධය පවා මතෛක් හමුවී නැත. එම ආයුධය ඉතාමත්ම තියුණු එකක් බව ‍පොලීසිය කියයි. එසේ නොමැති නම් මේ ආකාරයේ කැපුමක් කිරීමට නොහැකි බැවිනි.

තුවාලකරු සතුන් දඩයම් කරන්නෙකු නිසා ඔහුගේ නිවසේ විවිධ ආකාරයේ තියුණු ආයුධ තිබුණද එම ආයුධ වලින් කුමන ආයුධයක් මේ සඳහා උපයෝගී කර ගත්තාද යන්න පවා මතෛක් අනාවරණය වී නැත.
තුවාලකරු සම්බන්ධයෙන් ගම්වාසීහු විවිධ කතා කියති. 


ඇතමුන් මෙම අයගේ පළමු විවාහයේ බිඳ වැටීම ගැනද කතා කරති. තවත් පිරිසක් පවසන්නේ වෙනත් කතාවකි. නමුත් ඒ කතා සියල්ල තුවාලකරුගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ ඒවා වන නිසා අපි නොලියමු.

ඇත්තටම පවු‍ලේ අභ්‍යන්තර ගැටලුවක් මත තමා විසින්ම තමන්ගේ ජනනේන්ද්‍රිය පද්ධතිය කපාගත්තාද? එමෙන්ම බාහිර පාර්ශ්වයක් විසින් මෙම සිද්ධිය සිදුකළාද? එසේ නම් ඒ ඇයි? හේතුව කුමක්ද යන පැහැදිලි විය යුතුමය. ඒ සියල්ල සිදු කළ යුත්තේ ‍පොලීසියයි. නමුත් දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් ඒ කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.


කොළඹ ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබන මෙම තුවාලකරු සුව වී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නට ‍පොලීසියට හැකි වූ දිනට බොහෝ කරුණු කාරණා හෙළිදරව් වනු ඇති. එතෙක් අපිට ඉවසා සිටින්නට සිදුවෙනු ඇත.


තවදුරටත් ඒ පිලිබඳ විස්තර පහතින්

කිසියම් හේතුවක්‌ මත සිය සම්පූර්ණ ජනනේන්ද්‍රයම කැපී ගිය පුද්ගලයකු රෝහල්ගත විය. පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු විසිහත් හැවිරිදි එක්‌දරු පියෙකි. කොළඹ මහ රෝහලේ වෛද්‍යවරු ප්‍රාති හාර්යයක්‌ බඳු සැත්කමකින් ඔහුගේ ශරීරයට යළි ජනනේන්ද්‍රිය බද්ධ කර දුන්නේය. 

ඔහුගේ නම, සිද්ධිය රස කර ලියා. ඔහුටත් පවුලේ අයටත් සියදිවි හානි කර ගන්නා තත්ත්වයක්‌ උදා කර දීමේ මාධ්‍ය වාර්තාවක්‌ වෙනුවට උද්ගත වූ තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මක ඇසින් බලා මෙම ලිපිය ලියෑවේ.
   
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයට ඉකුත් සඳුදා (2013.10.07) පෙරවරු 8.30 ට පමණ ඇතුළත් කළ පුද්ගලයාට සිදුව තිබූ අනතුර මීට පෙර කිසි දිනෙක දැක නොතිබූවකි. 


ඔහුගේ පුරුෂ ලිංගය, වෘෂණ කෝෂ දෙක සහිත ජනනේන්ද්‍රිය කොටස සම්පූර්ණයෙන්ම සිරුරින් වෙන්වී තිබිණි. එය තියුණු ආයුධයකින් එකවර කපා දැමූ බවක්‌ සිදුව ඇති අනතුර අනුව අනුමාන කිරීමට වෛද්‍යවරුනට හැකි විය.

මෙම අනතුර සිදුව තිබුණේ 07 වැනිදා අලුයම 4.30 ට පමණය. අනතුරට පත් වූ පුද්ගලයා පවසා ඇති පරිදි ඔහුගේ ජනනේන්ද්‍රිය කිසිවකු විසින් කපා දැමූ බවත් තමා එය රැගෙන තුවාල වූ ස්‌ථානය තුවායකින් තද කර ගෙන ලේ වහනය වීම නතර කර ගැනීමට උත්සාහ දරමින් අසල නිවසකට දිව ගොස්‌ ඇත.

එක්‌දරු පියකු වන ඔහු සිමෙන්ති බ්ලොක්‌ ගල් සෑදීමේ නිරත වූවෙකි. ඔහු වහාම පුත්තලම රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව පුත්තලම රෝහල මගින් වහාම කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් ඒකකයට එවා ඇත.

වෙන් වූ ජනනේන්ද්‍රිය කොටස පිරිසිදු පොලිතින් බෑගයක බහා වාතය ඇතුලට නොයන පරිදි හොඳින් වසා එය ඉන් පසු අයිස්‌ බෑගයක්‌ ඇතුළත දමා ආරක්‍ෂාකාරී ලෙස ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් ඒකකයට එවීමට පුත්තලම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පියවර ගෙන තිබිණි. එය සැත්කම සාර්ථකව සිදු කිරීමට විශාල රුකුලක්‌ වී ඇත.

රෝගියා ප්ලාස්‌ටික්‌ සැත්කම් ශල්‍යාගාරයට ඇතුළත් කළ වහාම සැත්කම සිදු කිරීම ආරම්භ කිරීමට එහි ප්‍රධානි විශේෂඥ වෛද්‍ය දුලිප්a පෙරේරා, උප ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් වන ධම්මික දිසානායක සහ ක්‍රිෂාන් බෙනරගම යන මහත්වරු පියවර ගෙන තිබිණි. අනතුර සිදු කළේ හෝ සිදු කර ගත්තේ තනි පුද්ගලයෙක්‌ විය හැකි ය. නමුත් අනතුරට ප්‍රතිකාර කිරීම සඳහා විශාල පිරිසක්‌ එක්‌වූහ.

විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාට අමතරව සහකාර විශේෂඥ වෛද්‍යවරුන් වන කපිල මෙන්ඩිස්‌, අරුණජිත් අමරසිංහ, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වන රවීන්ද්‍ර රාජපක්‍ෂ, ගයාන් සුරේන්ද්‍ර, චම්පිකා අමරසිංහ සහ අනූෂා ගුණසේකර යන පිරිස ද නිර්වින්දන වෛද්‍යවරුන් වන සුනේත්‍රා රත්නසිරි, විදත් බාලසූරිය සහ පාතිපන් යන පිරිස ද, හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් ද සමඟ විස්‌සකට ආසන්න කාර්ය මණ්‌ඩලයක්‌ මෙම සැත්කම සඳහා සහභාගි වූහ.

මෙවැනි අනතුරකින් ජීවිත හානියක්‌ සිදු නොවේ. නමුත් යළි එය බද්ධ කර ක්‍රියා කාරිත්වයට පත් කිරීම වෛද්‍යවරුන්ගේ එකම බලාපොරොත්තුවයි. එම බලාපොරොත්තුව ඉටු වන්නේ සිදු කරන සැත්කම සහ ඉන්පසු රෝගියා සුවපත් වන ආකාරය අනුවය. ඉතා සියුම් රුධිර නාල, ස්‌නායු, පටක කැපී ගොස්‌ ඇත. ඒවා යළි බද්ධ කළ යුතුය. 


එය සිදු කළ හැක්‌කේ පියවි ඇසින් බලමින් නොවේ. විශාල කාමරයක්‌ පමණ තරම් අන්වීක්‍ෂයක්‌ ද උපයෝගී කරගෙන ඉතා සියුම් නාළ ඉතා සියුම් ඉඳිකටු සහ නූල් භාවිත කරමින් මැසිය යුතුය. 

එය කොතරම් සියුම්ව සිදු කළ යුතු දැයි කියා වැටහෙන්නේ සැත්කම සඳහා පුරා පැය දොළහකට ආසන්න කාලයක්‌ ගතව තිබීමෙනි. එනම් පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 පමණ දක්‌වා අඛණ්‌ඩව සැත්කම සිදු කරන ලදී.

මෙම සැත්කම ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයේ සිදු කරනු ලැබූ බරපතළම සැත්කම නොවුණත් මෙවැනි ඉන්ද්‍රිය බද්ධ කිරීමක්‌ සිදු කළ ශ්‍රී ලංකාවේ පළමු සැත්කම බවට එය පත් විය.

රෝගියාගේ ජනනේන්ද්‍රිය සිරුරට යළි බද්ධ කිරීම එය අවස්‌ථා තුනක්‌ යටතේ සිදු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන තිබිණි. පුරුෂ ලිංගය, වෘෂණ කෝෂ සහ මුත්‍රා මාර්ගය මෙහි සම්බන්ධව පවතින බැවින් පළමුව පුරුෂ ලිංගය යළි බද්ධ කිරීම ආරම්භ කර ඇත. 


දෙවනුව වෘෂණ කෝෂත් තෙවනුව මුත්‍රා බටයත් බද්ධ කර ඇත. මෙම බද්ධ කිරීමේදී කැපී වෙන් වූ රුධිර නාළ සහ ස්‌නායු ද බද්ධ කළ යුතුය. මෙම සැත්කම සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් වන දුලිප් පෙරේරා මහතාත්, ධම්මික දිසානායක මහතාත් කරනු ලැබූ පැහැදිලි කිරීම අනුව එය කෙතරම් සංකීර්ණ දැයි අප කොයිකාටත් වටහා ගත හැකිය.

එක්‌ ලේ නහරයක බාහිර ඝනකම මිලි මීටරයටත් වඩා අඩුය. එම නහරයක ඇතුළත ඝණකම හිසකෙස්‌ ගසකටත් වඩා අඩුය. ස්‌නායුවක ඝණකමද ඊටත් අඩුය. සැත්කමේදී එවැනි රුධිර නාල 12ක්‌ බද්ධ කළ යුතුය.පුරුෂ ලිංගයට සහ වෘෂණ කෝෂ වලට ධමනි 03ක්‌, ශිරා 03ක්‌ සහ ස්‌නායු 03ක්‌ බැගින් වෙන වෙනම ඇත.

මෙම රුධිර නාළ සහ ස්‌නායු බද්ධ කිරීම පියවි ඇසින් බලා සිදු කළ නොහැකියි. එබැවින් අති දැවැන්ත අන්වීක්‍ෂයක්‌ ආධාරයෙන් සිදු කර තිබේ. එය ශුද්‍ර රුධිර නාළ බද්ධ කිරීමේ සැත්කමක්‌ ලෙස හඳුන්වනු ලබයි.

මෙම ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේදී පුරුෂලිංගය සහ වෘෂණ කෝෂ බද්ධ කිරීමට පැය දහයක පමණ කාලයක්‌ ගත වුණා. මුත්‍රා මාර්ගය සහ ප්‍රජනන පද්ධතිය බද්ධ කරන්න පැයක්‌ දෙකක්‌ පමණ ගත වුණා. මුත්‍රා මාර්ගයේ තියෙන්නේ මුත්‍රා බටය විතරයි. 


පුරුෂ ලිංගය බද්ධ කළ විට එය ඇතුළතින් ගමන් කරන මුත්‍රා බටය, මුත්‍රා මාර්ගයට සම්බන්ධ කළා. ප්‍රජනන පද්ධතියේ ශුක්‍රාණු මාර්ගයත් තියෙනවා. සැත්කම සම්බන්ධව වෛද්‍යවරු අදහස්‌ දැක්‌වූයේ එලෙසිනි.

පුරා පැය දොළහකට ආසන්න කාලයක්‌ තුළ සිදු කළ මෙම සැත්කමින් පසු රෝගියා ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන රාත්‍රි 11.00 ට පමණ වාට්‌ටුවකට ඇතුළත් කළ ද පසුදින පෙරවරු 8.00 ට පමණ වාට්‌ටුව භාර ප්‍රධාන වෛද්‍යවරයා වෙතට රෝගියා පවරන තුරු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ලසිත් විඡේකෝන් මහතාගේ අධීක්‍ෂණය මත රෝගියා පසු විය.

එහිදී විනාඩි පහළොවකට වරක්‌ රෝගියා පරීක්‍ෂා කරමින් වෛද්‍ය ලසිත් විඡේකෝන් මහතා මුළු රැය ගත කරන ලදී.

මේ වන විට සැත්කමින් පසු රෝගියා ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයට අයත් සාමාන්‍ය වාට්‌ටුවක පසු වේ. නමුත් ඔහුගේ අනාගතය කෙබඳු වේවිද? ඒ සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් වන දුලිප් පෙරේරා සහ ධම්මික දිසානායක යන මහත්වරුන් පවසන්නේ එය රෝගියා සුවපත් වන ආකාරය අනුව තීරණය කළ යුතු බවය.

ලෝකයේ මෙවැනි සැත්කම් සිදු කර ඇත්තේ තුන හතරක්‌ පමණ වූ ඉතා සුළු සංඛ්‍යාවක්‌ බැවින් ද ශ්‍රී ලංකාවේ සිදු කළ පළමු සැත්කම බැවින් ද නිශ්චිත අනාවැකි පළ කළ නොහැකි බව වෛද්‍යවරුන් දෙපළගේ අදහසය.

මේක තියුණු ආයුධයකින් එකවර කැපී ගිය වන්ෂොට්‌ ආකාරයේ අනතුරක්‌ නිසා සැත්කම සිදු කිරීම පහසුවක්‌ වුණා. තැලීමක්‌ ඇඹරීමක්‌ වැනි ආකාරයේ අනතුරු සිදුව තිබුණා නම් සැත්කම සාර්ථකව සිදු කරන්න බැරි වෙනවා. 


අනෙක කැපී වෙන් වූ ජනනේන්ද්‍රිය කොටසත් පිරිසිදු පොලිතින් බෑගයක දමා එය හොඳින් ගැට ගසා එම බෑගය අයිස්‌ සහිත බෑගයක දමා රෝහලට එවීමට පුත්තලම රෝහලේ බලධාරීන් කටයුතු කර තිබුණා.

එය සිරුරින් කැපී වෙන්වුණු කොටසක්‌ නැවත බද්ධ කිරීම සඳහා ගෙන එන ඉතා නිවැරැදි ක්‍රමයයි. විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක මහතා කීවේය.

සාර්ථක සැත්කමක්‌ වුණාට පෙර පැවැති ආකාරයට සියයට සියයක්‌ සියලු කටයුතු නිවැරැදිව සිදු වන්නේ නැහැ. මෙහි ස්‌නායු කැපී ගොස්‌ තිබුණා. ඉතිං ඒවා යළි බද්ධ කිරීමෙන් පසු කැපී ගිය කොටස්‌ යළි එකතුවන 

ආකාරය තීරණය වන්නේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය අනුවය.

ඒ නිසා නැවත පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම, හැඟීම් දැනෙන ආකාරය තීරණය කරන්න ක්‍ෂණිකව බැහැ. සමහර විට වසර කිහිපයක්‌ ගත වෙන්නත් ඉඩ තිබෙනවා. විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක මහතා පැහැදිලි කළේය.

කෙසේ වෙතත් මෙතරම් සංකීර්ණ සැත්කමක්‌ සාර්ථකව සිදු කිරීමට තරම් දක්‍ෂ වෛද්‍යවරුන් සිටීම සහ ඒ සඳහා පහසුකම් තිබීම අප ලැබූ වාසනාවකි. ඇත්තටම වෛද්‍යවරුන් දෙවිවරුන් වගේ යෑයි කියන්නේ මෙවැනි විශ්වකර්ම ප්‍රතිකාර සිදු කරන්නට ඔවුනට දැනුමක්‌ සහ හැකියාවක්‌ තිබෙන නිසාමය.

යක්‌ෂයකු වීමට ඕනෑම පුද්ගලයකුට හැකිය. ඒ සඳහා ගතවන්නේ ඉතා කෙටි කාලයකි. නමුත් දෙවියකු වීමට ලෙහෙසි පහසු නැත. ඒ සඳහා බොහෝ කාලයක්‌ ගත වේ. මෙවැනි වෛද්‍යවරුනුත් එවැනි දෙවිවරු වන් මිනිසුන්ය. 

 
Related Posts with Thumbnails