Ads 468x60px

.

මෙන්න සුබ ආරංචියක් ලබන වසරේ සිට පහ වසරේ ශිෂ්‍යත්වය නෑ.


සාමාන්‍ය 
වාර 
විභාගයක් 
විදිහට 
තියෙනවා 

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ප්‍රසිද්ධ විභාග තත්ත්වයෙන් මුදා ලබන වසරේ සිට පාසල් වාර විභාගය කට වඩා නොවෙනස් සරල විභාගයක් වශයෙන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයකර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

වත්මන් ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට මෙන්ම මවුපියන්ටත් අනවශ්‍ය බරක් පටවන අතර දරුවන් මහත් ආතතියකට පත්කරන්නක් බවට

පත්වීම ගැන වෛද්‍ය හා මානසික වෛද්‍ය විශේෂඥයන් අධ්‍යාපනඥයන් ඇතුළු විද්වතුන් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පෙන්වා දීම සැලකිල්ලට ගෙන මේ තීරණයට එළැඹුණු බව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා අප වෙත පැවසුවා.

නව විභාගය පැවැත්විය යුතු ආකාරයත් එයින් සමත්වන දරුවන්ට අලුතින් පාසල් ලබාදීම හා ශිෂ්‍යාධාර පිරිනැමීම වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිසම තමාගේ ඉල්ලීමෙන් යෝජනාවලියක් සකස් කරන ලද බවත් පැවැසූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එම යෝජනා ජනාධිපතිවරයාට භාරදී ඇති බවත් ඇමැති මණ්ඩලයටද ඉදිරිපත් කරන බවත් අප වෙත පැවසුවා.

විභාගයට ප්‍රශ්නපත්‍ර සකස් කිරීම, ඒවා පාසලට ලබාදීම, විභාගයට කාලය නියම කිරීම ගැනත් කොමිසම යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ඇමැති වරයා
පැවසුවා. ශිෂ්‍යත්ව විභාගය පාසලේ සාමාන්‍ය වාර විභාග අතරතුර පැවැත්වීමටත් ඒ දිනය කල්තබා ප්‍රසිද්ධ නොකිරීමටත් අභ්‍යන්තර චක්‍රලේඛ මඟින් සියලු කටයුතු සිදුකිරීමටත් කොමිසම යෝජනාකර තිබෙනවා. 

පාසලේ සාමාන්‍ය වාර විභාගයක් ලෙස ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමෙන් දැනට දරුවන් මුහුණ දෙන අනවශ්‍ය බරෙන් ඔවුන් නිදහස් කළ හැකි බව කොමිසම යෝජනා කර ඇතැයිද ඇමැතිවරයා පැවසුවා.

ඉදිරි වසර කිහිපයේදී මහින්දෝදය පාසල් දහසේ වැඩසටහන සම්පූර්ණ වීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සියලු පහසුකම් සහිත පාසල් දහසක් ස්ථාපිතවන බැවින් ශිෂ්‍යත්ව විභාගය ගැන දැනට පවතින සැලකිල්ල යටපත් වනු ඇති බවටද ඇමැතිවරයා විශ්වාසය පළ කලා.
 
Related Posts with Thumbnails