Ads 468x60px

.

බුදු මැදුරෙහි මුල්ලක සිටි තරුණ පෙම්යුවල දැක උපාසක අම්මා මරහඬ දී දුවලා...


ඊට පස්සේ 
පෙම්වතුන් 
යුවල...?
 
පූජාවකට සහභාගී වූ උපාසිකා මාතාවක් බුදු මැදුරට බුදුන් වදින්නට යන අවස්ථාවේ තරුණ පෙම්වතුන් යුවලක් බුදු මැදුරෙහි මුල්ලක සිටිනු දැක බය වී කෑගසා ගෙන දිවූ පුවතක් මාවරල විහාරස්ථාන යෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම උපාසිකා මාතාව විහාරාධිපති හිමියන්ට කීමෙන් පසුව උන් වහන්සේ විසින් මාවරල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පෙම්වතුන් දෙදෙනා පොලිසියට රැගෙන විත් ඇති බවයි.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

තරුණයා පස්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තරුණිය රොටුඹ ප‍්‍රදේශයේ පදිංචි කාරියකි. තරුණයාගේ පියාත්, තරුණියගේ මවත් පොලිසියට කැඳවා ප්‍රශ්ණ කිරීමේදී, අනාවරණය වූයේ ඔවුන්

කලක සිට දෙමාපිය අනු දැනුම යටතේ ඇසුර පවත්වා ගෙන ගොස් ඇති බවකි. 

විහාරස්ථානයේ බුදුමැදුර තුළ පෙම්වතුන් ලෙස හැසිරීමේ අයහපත් කල් ක‍්‍රියාවට ලබන සෙනසුරාදා (23) වන දින තරුණ යුවල විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් කොට විහාරාධිපති හිමියන්ගෙන් සමාව ගැනීම ප‍්‍රමාණවත් බව විහාරාධිපති හිමියන් පොලිසියට දැන්වුවා.

එම තරුණ යුවලට මාවරල මල්ලිකාරමයට ලබන සෙනසුරාදා (23) දින පැමිණ සමාව ගැනීමට පොලිසිය මගින් දැනුම් දී, මවගේත්, පියාගේත්, තරුණ යුවලගේත් කට උත්තර ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන් මුදා හැරීමට පොලිසිය මගින් පියවර අරන් තිබෙනවා.
 
Related Posts with Thumbnails