Ads 468x60px

.

කාමරයේ ජනේලයකින් නිවෙසට රිංගූ ගුරුවරයා සිසුවියගේ ඇඳේ...

ඇඟට වතුර 
ඉහලා 
ඇහැරවගෙන

දහතුන් හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජන යට ලක්කළ පාසල් ගුරුවරයකු ප්‍රදේශ වාසීන් විසින් අල්ලා ගස් බඳිනු ලැබ පොලිසියට භාරදී තිබෙන පුවතක් ගාල්ල හාලිවල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. 

පෙරේදා (23)දා අලුයම 1.00ට පමණ මෙම ගුරුවරයා දැරියගේ නිවෙසට කාමරයේ ජනේලයකින් රිංගා තිබෙන අතර නිවෙසේ සිට ඇත්තේ දැරියගේ මව හා සීයා පමණි. දැරිය නිවෙසේ වෙනම කාමරයක සිටින අතර ගුරුවරයා දැරියගේ කාමරයට ඇතුළු වී
යළි පිටව යන අවස්ථාවේ මව අවදිවී සිටිනු දැක නිවෙසින් පැන යෑමට උත්සාහ කොට තිබෙනවා. 

එහිදී ‘හොරෙක්, හොරෙක්’ කියා මව කෑගසා තිබෙනවා. මේ කෑගැසීමට ප්‍රදේශවාසීන්ද පැමිණ මෙම පාසල් ගුරුවරයා අල්ලා ගස් බැඳ පොලිසියට භාරදී තිබෙනවා. හතළිස් අට හැවිරිදි වියේ පසුවන මෙම පාසල් ගුරුවරයා අක්මීමන පාසලක උගන්වන පරිගණක ගුරුවරයෙකි. 

දැරිය ගාල්ල ප්‍රදේශයේ පාසලක අට ශේ්‍රණියේ ඉගෙනුම ලබන දැරියකි. ගුරුවරයා දැරිය සිටින කාමරයේ ජනේලයකින් ඇගේ ඇඟට වතුර ඉස ඇය අවදි කරවාගෙන කාමරයට ඇතුළු වී තිබෙනවා

මේ අයුරින් තුන්වතාවක් පමණ දැරියගේ නිවෙසට පැමිණ ඇති මෙම පාසල් ගුරුවරයා දැරිය අපයෝජනයට ලක්කොට ඇති බැව් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
 
Related Posts with Thumbnails