Ads 468x60px

.

අනියම් සම්බන්ධයෙන් උපන් බිලිඳා පණ පිටින් වළදැමූ අවිවාහක තරුණිය...

පෙකෙනි 
වැල කපලා 
තියෙන්නේ  
අම්මා 

බල්ලන් මළ
සිරුර අල්ලපු 
ගෙදර වත්තට 
ගිහින් දාලා

උපන් හැටියේ බිඳා ගෙවත්තේ වළක්‌ කපා පණ පිටින් වළ දැමූ බව කියන විසි දෙහැවිරිදි අවිවාහක තරුණියක් සහ එම අපරාධය කිරීම සඳහා ඇයට අත්උදව් දුන් බව කියන පනස්‌ එක්‌ හැවිරිදි මවක් පිලිබඳ පුවතක් වැලිකන්ද මොණර තැන්න ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට අනාවරණය වූයේ එම අවිවාහක තරුණිය තම මවටත් හොරෙන් වෙනත් තරුණයෙකු සමඟ පැවැත්වූ
අනියම් සම්බන්ධතාවයකින් තම කුසට ආ දරුවා බිහිවන තුරුම එය රහසක්ව තබාගෙන ඇති බවයි.

ඇගේ කුසින් දරුවා බිහිකොට ඇත්තේ පසුගිය 19 වැනිදා සවස වන අතර එම බිලිඳා පිරිමි දරුවෙකු බවත් උපන් හැටියේම බිලිඳා ගෙවත්ත පිටුපස වළදැමූ බවත් අත්අඩංගුවට පත් කතුන් දෙදෙනා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

වළදැමූ බිලිඳු මළ සිරුර බල්ලන් විසින් රැගෙන යාබද ගෙවත්තක සිට කා දමනු ප්‍රදේශ වාසීන් විසින් දැක පොලිසියට කළ දැනුම් දීමකට අනුව විමර්ශන කටයුතු සිදුකිරීමෙන් පසුව දරුවා බිහිකළ කාන්තාව සහ ඇගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී
තිබෙනවා.

දරුවා බිහිකළ කාන්තාව සෞඛ්‍ය කාර්ය සහායකවරියක ලෙස 25 දින නුවර එළිය ප්‍රදේශයේ රෝහලක පත්වීමක්‌ ලබන්නට සිටි අයෙකු බවත්, එම නිසා තම බිලි
ඳා මෙසේ මරා දමන්නට සිය මවත් සමඟ සැලසුම් කළ බවද එම අවිවාහක තරුණිය පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා

දරුවා බිහිකළ පසුව පෙකණි වැල කපා දමනු ලැබුවේ තම මව විසින් බවද පසුව දරුවා පොහොර උරයක ඔතා ගෙවත්තේ පිටුපස වළක්‌ කපා වළදැමූ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා. කාන්තාව වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීම සඳහා රෝහල්ගත කොට ඇති අතර ඇගේ මව මේ වන විට පොලිස්‌ අත්අඩංගුවේ පසු වෙනවා. 

ඉකුත් සෙනසුරාදා (23දා) සවස වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම කතුන් දෙදෙනා වැලිකන්ද පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. එස්‌. එම්. ජරූල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වෙනවා.
 
Related Posts with Thumbnails