Ads 468x60px

.

මොකද මචං කරන්නේ මම කීයෙ ඉදන්ද බලාගෙන ඉන්නේ - මර්වින් ජනාධිපතිට මචං කියලා...


ආ මර්වින් 
දැන් මගේ 
මස්සිනානේ 
නේද...?
- ජනපති කියලා

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය යෙදුණු දවසේ ඇමති මර්වින් සිල්වා කැලණිය විෂ්ණු කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කර තිබුණා. සවස 5.30ට ජනපති එහි යන්නට නියමිතව සිටියා

වෙලාව පසුවූ නිසා මර්වින් සිල්වා ඇමතිවරයා ජනාධිපතිවරයාගේ සමීපතම ආරක්ෂක නිල ධාරියෙකු වන නෙවිල්ට කතා කර අසා ඇත්තේ මොකද පරක්කු අපි මෙහෙ බලාගෙන ඉන්නවා’..යනුවෙනි. හැමතැනම උත්සව තව පරක්කු වේවි ඔහු කියා තිබුනා.

පැයෙන් පැයට නැවතත් ඔහු කතා කර තිබුණ අතර පසුව පැය භාගයෙන් භාගයටද මර්වින් කතා කළ අතර ඒ වනවිට වේලාව 8.30ද පසුවී තිබුනා.
8.30 ට මර්වින් කෝල් කර හලෝ කිව්වත් අනෙක් පසින් ඇහුණ හලෝ හඬ නෙවිල්ගේම යයි ඔහු සිතුවේය. මොකද මචං කරන්නේ මම කීයෙ

ඉදන්ද බලාගෙන ඉන්නේ ඇමතිවරයා කිව්වත් ආවේ නිහැඬියාවකි. 

කිසිවක් නොකියාම දුරකථනය එහා පැත්තෙන් විසන්ධි වූයේ ඇයිදැයි මර්වින්ට පුදුම සිතුණි. නෙවිල්ගේ දුරකථනයට පිළිතුරු දී තිබුණේ ජනාධිපතිවරයාය.

රාත්‍රී 9.30 පමණ වන විට ජනාධිපතිවරයා කෝවිලට ආ අතර ජනාධිපති වරයා වාහනයෙන් බසින විටම සිනා මුසු මුහුණින් මර්වින්ගෙන් අසා ඇත්තේ ආ දැන් මගේ මස්සිනානේ නේද යනුවෙනි. ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් හොල්මන් වූ ඇමතිවරයා නෙවිල් දෙස බැලූ බවත් ඔහුට කාරණාව අවබෝධවූයේ එවිට බවත් වාර්තා වුණා.
 
Related Posts with Thumbnails