Ads 468x60px

.

සැමියාට හොරෙන් ගෙනගිය අනියම් 'ෆේස්‌ බුක්‌' පෙම නයිලෝන් නූලෙන් කෙළවර වූ හැටි.


කියන්නේ 
නැතිව 
ෂොපින් 
ගිහින්ලු

අන්තර්ජාලයේ "ෆේස්‌ බුක්‌" හරහා හඳුනාගත් අවිවාහක තරුණ පෙම් වතෙකු හා විවාහක එක්‌දරු මවක්‌ අතර ජංගම දුරකථන මාර්ග හරහා කෙටි පණිවුඩ (SMS) ඔස්‌සේ එකි නෙකා දොස්‌ පවරා ගැනීමෙන් පසු කලකිරුණු එක්‌දරු මවක නිවසේදී ගෙලවැලලාගෙන මියගොස්‌ ඇති පුවතක්  පාදුක්‌ක පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

දිවි නසාගත් තරුණිය අන්තර් ජාලයේ ෆේස්‌ බුක්‌ ඔස්‌සේ හඳුනා ගනු ලැබූ විසි හැවිරිදි තරුණයකු සමග විවාහක සැමියාට හොරෙන් අනියම්

සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබෙනවා. මෙම එක්‌දරු මව අනියම් සම්බන්ධය පවත්වාගෙන ගිය තරුණයා පාදුක්‌ක ප්‍රදේශයේම පදිංචි කරුවකු විය.

ඇයගේ අනියම් සම්බන්ධය ඇගේ සැමියාට අසුවීමෙන් පසු නිවසේ තිබූ පරිගණක යන්ත්‍රය ද පොලාවේ ගසා ඇයට ද බැණ වැදී පසුව මේ ගැන පාදුක්‌ක පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 


අනතුරුව සැමියා එම කාන්තාව පන්නිපිටියේ පදිංචි ඇගේ දෙමාපියන්ට භාර දී තිබෙනවා. කෙසේ වෙතත්, එම සැමියා දරුවා ගැන සිතා නැවතත් තම බිරිඳ නිවසට කැඳවාගෙන විත් තිබෙනවා

එසේ පැමිණීමෙන් පසු ඇය යළිත් වරක්‌ "ෆේස්‌ බුක්‌" පෙම්වතා සමග අනියම් සම්බන්ධය පවත්වාගෙන ගොස්‌ තිබෙනවා. පසුව එම පෙම්වතා විසින් ඇයට ජංගම දුරකථනයක්‌ද තෑගි කර තිබෙනවා.

ඉකුත් 10 වැනිදා උදෑසන එම කාන්තාව පෙම්වතාට නොදන්වා නුගේගොඩ ප්‍රදේශයේ සාප්පු සවාරියක ගොස්‌
තිබෙනවා. ඒ පිළිබඳව ආරංචි වීමෙන් පසු කේන්ති ගිය පෙම්වතා එම කාන්තාවගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩ (එස්‌. එම්. එස්‌.) මගින් බැණ වැදීම නිසා ඈ දැඩි සිත් තැවුලට පත්වී තිබෙනවා

පසුගිය 10 දා රාත්‍රී මෙලෙස දිවි නසාගෙන ඇත්තේ ගලගෙදර පදිංචිව සිටි 30 හැවිරිදි මවක් වන අතර ඈ ජීවිතය ගැන කලකිරී නයිලෝන් ලණුවක ආධාරයෙන් නිවසේ වූ බාල්කයක ගෙලවැලලාගෙන ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසනවා
 
Related Posts with Thumbnails