Ads 468x60px

.

ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා 8 හැවිරිදි දැරියක් මධු සමයේදීම මියයයි


ලිංගාශ්‍රිත ප්‍රදේශය 
දරුණු විදිහට 
ඉරිලාලු

රවාන් නම් 8 හැවිරිදි යේමන් දැරියක් විවාහය දා රාත්‍රියේ, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ අධික රුධිර වහනය නිසා පසු ගියදා මිය ගිය පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

තව තවදුරටත් මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇගේ සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ ඉරීම් නිසා මරණයට පෙර ඇය බලවත් වධ වේදනාවන්ට ලක්වී ඇති බවයි.


යේමනයේ හජ්ජා හි හාද් ප්‍රදේශයෙන් මේ අවාසනාවන්ත මරණය වාර්තා වුනු අතර ඇගේ මනාලයා වුයේ 40 හැවිරිදි මිනිසෙකි. යේමන යේ මේ ප්‍රදේශය ළදරියන් විවාහ කර දීමේ සම්ප්‍රදාය සම්බන්ධයෙන් ප්‍රසිද්දියක් උසුලන අතර සමාජ සංවිධාන කලක් තිස්සේ ඊට විරුද්ධව හඬ නගමින් සිටී.

මෙවැනි බලහත් කාරයෙන් බාලවයසේ දරුවන් විවාහ කරදීමට විරුද්ධව මීට වසර 3කට පෙර 8 හැවිරිදි දැරියක් අධිකරණයට ගොස් තම 34 හැවිරිදි ස්වාමියාගෙන් දික්කසාදය ලබා ගත්තා.

එහෙත් යේමනයේ විවාහක කාන්තාවන්ගෙන් හතරෙන් එකක් විවාහ වන්නේ තවමත් අවුරුදු 15 ට අඩු වයසෙනි.


 
Related Posts with Thumbnails